උන්මත්තකයෙකුයැයි මා, හංවඩු නොගසන්න රෝගියෙකුගේ ඉල්ලීමක්…
Posted on May 30th, 2018

වෛද් රුවන් එම් ජයතුංගගේ  A Schizophrenic – Please Don’t Label me – A Request by a Patient නම් කවියේ සිංහල අනුවාදයයි

උන්මත්තකයෙකුයැයි මා, හංවඩු නොගසන්න

රෝගියෙකුගේ ඉල්ලීමක්….
= = = = = = = = = = = = = = = = = =

පටුය මා ලෝකය
බෝහෝ පටුය
පිරී ඇත එය
විවිධ යන්ත්රයන්ගෙන්
කවන ලද
හඬවලින්
පෙනේ මට
රොකි මාර්ෂියානෝ
කලහ කරණා හැටි
වූඩි ඇලන් හා

බොහෝමත්ම කලකට
පෙරාතුව
පිටසක්වලුන් පැමිණ
පැහැර ගනු ලැබිණ මා
සවි කර මා හිසට
යන්ත්
බට
වයර
ඉවත් කලෙහිය
ඔවුන්
මා මොළ කොටස්

පාලනය කළ නොහැකිය
මා සිතුම්
මා හට
අනෙකක් නිසා නොව
සිතුම්
මා පාලනය කරණා බැවිනි
යම් ශක්තියක් වෙයි
මා තුළ
දිගින් දිගටම
මා වෙත
අණ දෙන

පිළිකුල් සහගතය මට
ලන්ඩනයෙහි
බුෂ් නිවස වෙත යාම
එහි සිටය
බී. බී. සී.
විසුරුවා හරින්නේ මා සිතුවිලි
ලෝකයට
හාසයෙන් සිනාසෙයි මිනිසුන් බොහෝ විට
කියවා මා අදසහස්
මා වෙත

කළු ලෝගුවක් හැඳි මිනිසෙක්
කේ. ජී. බී. ඔත්තු සේවයේ
නියෝජිතයෙක්
ඔත්තු බලමින් සරයි මා පසු පස
සැරසෙයි මා ග්රහණයට ගන්නට
මම හිතන්නෙ
ඔහුට ඇවැසි
රැගෙන යන්නටය මා
මොස්කව් වෙත

මම ලුබියන්කා හි සිටියෙමි
ලොරෙන්දි බෙරියා ගේ
දැඩි ප්රශ්ණ කිරීමට ලක් විය
NKVD
මගින් නිදහස ලැබී
පෙනිසිල්වේනියාවට විසි විය

මරා දමන විට කෙනෙඩිව
මම දැන සිටියෙමි රහස
මායිම් නොකළහ කිසිවෙක් එය
බරපතළෙට
අවමයෙන් මගේ
වෛද්යවරයා පවා

උන්මත්තකයෙකුයැයි කී
ඔවුන් මට
ගැසී හං වඩු
මගේ ඉදිරි මුළු දිවියට
තවදුරටත් කීහ ඔවුන්
හානි කර විය හැකි බව මා
එල්ල කරගෙන
විමසුම් සහගත
සැක මුසු
බිය මුසු
බැළුම්
මා දෙස

මා කුමන ඇඳුමක් ඇන්දද
අලවා ඇතැයි
කිසියම් ලේබලයක් පිටෙහි
සැම විටම හැඟින මට
බොහෝ විට ඉන් කියැවෙන්නේ
උන්මත්තකයෙකුය යන්නය……

(අන් බසින් සිය බසට පෙරළීමේ වෑයම, යසනාත් ධම්මික බණ්ඩාර.)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress