“රජය හදන්නේ බැදුම්කර වාර්තාවේ හොඳම කොටස තව අවුරුදු 30ක් අඳුරු ගුහාවක හංගලා තියන්න “ – කීර්ති තෙන්නකෝන් 
Posted on May 31st, 2018

මාධ්‍ය ඒකකය කැෆේ සංවිධානය

වත්මන් රජය බැඳුම්කර වාර්තාවේ හොඳම කොටස  ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව කියන අඳුරු ගුහාවේ අවුරුදු 30කට සඟවා තැබීමට බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රෙය් හා කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. අද (31) පස්වරුවේ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවැසීය.  බැදුම්කර වාර්තාවේ සී 350 අමුණුම ලෙස නම් කොට ඇති රහස් පොලිස් වාර්තාවේ පිටපතක්  ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍ර‍නාන්දු මහතාගෙන් ඉල්ලීමක් කළ කළ බවත්  එය ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ලබා ගන්නා ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් තමන් වෙත වාචිකව දැන්වූ බවත් ඒ අනුව තමන් අද දිනයේ ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත පිවිස එම වාර්තාවේ අදාල ඇමුණුම ලබාගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ වී ගිය බවද තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ තෙන්නෙකෝන් මහතා.

අපි පහුගිය  බැදුම්කර  ගණුදෙනුව  සම්බන්ධ කාරණාව මුලින්ම රටට හෙළිකරාට පස්සේ ඒ ගැන දැඩි අවධානය යොමුවෙලා අවසානයේ ඒ මගඩියට සම්බන්ධ ඇතැම් පිරිස්  අද වෙනකොට දඩුවම් විඳිමින් ඉන්නවා.මේ බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරපු ජනාධිපති විමර්ෂණ කොමිසම සකස් කරපු වාර්තාවේ සී 350 අමුණුම නොමැතිව තමයි එළියට දැම්මේ. ඒ ඇමුණුමේ සඳහන් වෙනවා මේ ගණුදෙනුවට සම්බන්ධ බොහෝ කරුණු. අපි ඒ ඇමුණුම ලබාදෙන්න කියලා පහුගිය ජනවාරි 18 වෙනිදා  ගරු ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලුවා, කථානායකවරයාගෙන් ඉල්ලුවා. නමුත් ලැබුනේ නෑ.පසුව මේ ගැන අපි  ජනාධිපති ලේකම් වරයාගෙන් කරපු විමසීමකදී ඔහු කිව්වේ එහි පිටපත් ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ  තියෙනවා කියලා.  දැන් ඇවිල්ලා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ඇහුවම කියනවා අවුරුදු 30 ක් යනකල් ජනාධිපති විමර්ෂණ වාර්තා  දෙන්න බෑ කියලා. මෙතනින් කියවෙන්නේ මොකක්ද මේ තරම් ප්‍රබල වංචාවක්ගැන, ඒකට සම්බන්ධ අනිත් පුද්ගලයින්ගේ නම්  ගම්,  තොරතුරු  තව අවුරුදු 30ක් යනකල් සේ අඳුරු ගුහාවේ හිරකරලා මේ ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?

අපි වගකීමෙන් කියනවා තව අවුරුදු 30 කින් ඔය ගණුදෙනුව ගැන මේ හංගන තොරතුරු කිසිවෙකුට වැදගත් වෙන්නේ නෑ. මේකෙන් පේන්නේ  මේ නීති හදන තැන  ඉන්න බොහෝ පුද්ගලයෝ, රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයෝ, ජනමාධ්‍යෙව්දීන් ඇතුලු තවත් වෘත්තීන් වල නිරත බහුතරයකගේ නම් ගම් විස්තර මේ වාර්තාවල තියෙනවා. ඒ නිසා ඒවා එලියට නොදා ඉන්න රජය හැකිතරම් උත්සහදරමින් සිටින බව ඉතා පැහැදිලියි. යනුවෙන් පැවසීය

මාධ්‍ය ඒකකය

කැෆේ සංවිධානය 

4 Responses to ““රජය හදන්නේ බැදුම්කර වාර්තාවේ හොඳම කොටස තව අවුරුදු 30ක් අඳුරු ගුහාවක හංගලා තියන්න “ – කීර්ති තෙන්නකෝන් ”

  1. Christie Says:

    මේ බඳුම්කරත් අවුරුදු තිහේ ඒවන් නේද?

    2015 මැතිවරනයට් ඉන්දියාව් ගහපු ගැට.

  2. Lionel Says:

    Usually, any document has to be actioned before sending it for archiving. This is the universal norm. What a beautiful country Sri Lanka!

  3. Ananda-USA Says:

    These BLOODY CROOKS of the Yamapalana Govt had better IMMEDIATELY RELEASE the names of ALL MPs who accepted BRIBES from Perpetual Treasuries, or FACE PROSECUTION LATER for INTENTIONAL DERELICTION OF DUTY when this Govt is soon REPLACED by a PATRIOTIC GOVERNMENT.

    At the time these BRIBES were accepted, it was ALREADY KNOWN that Perpetual Treasuries led by Arjun Aloysius was INVOLVED in the Arjun Mahendran-led CENTRAL BANK BOND SCAM that had DEFRAUDED the citizens of Billions of Rupees.

    THE ACCEPTANCE of BRIBES from a CORRUPT ORGANIZATION responsible for ROBBING the CENTRAL BANK, KNOWING that it is MONEY STOLEN from a GOVT ENTITY, is a CRIME against the NATION that AMOUNTS TO TREASON!

    RELEASE the NAMES of the GANG of 118 NOW, and PROSECUTE THEM to the HILT!

    Furthermore, The ACCEPTANCE of BRIBES DESIGNED TO SUBVERT the LEGISLATURE of the Nation on a MASSIVE SCALE is an UNPARALLELED CRIME amounting to TREASON against the NATION!

    RELEASE the NAMES of the 118 CORRUPT MPs NOW, and PROSECUTE them to the HILT!

    If OVER 1/2 of the MPs in Parliament, that is the MAJORITY of MPs, have ACCEPTED BRIBES, then this Parliament DOES NOT CONSTITUTE a LAWFUL BODY of VALID REPRESENTATIVES of the PEOPLE, and therefore, the PARLIAMENT SHOULD BE DISSOLVED IMMEDIATELY and NEW ELECTIONS should be held!

  4. Ratanapala Says:

    Sinhala hating , Buddhist hating Catholic Austin Fernando was brought in as the President Secretary to keep a check on Simple Sirisena by Christian Ranil. He sees what comes, what goes and what happens in between at the President’s office. He is the keeper of the Sorrysena President in his cage.

    He was Depath Naya’s former boss when he was only a lowly Gramasevaka and Fernando the Government Agent. What a jolly arrangement to keep the lowly in place – here goes conspiratorial Ranil at his best behaviour – planning and executing his masters’ plan to the letter. Sirisena even said – he will address Ranil as “Sir”! This man symbolises the lowest level Sri Lanka has reached in every sphere of activity including presidential decorum. His lowly demeanour during foreign travel and at meetings with national leaders of other countries put all of Sri Lanka to shame.

    All those concerned, especially Sinhala Buddhists should keep a watch on Austin Fernando for what damage he can still install to the body politic of Sri Lanka. A very dangerous person – going by his previous Anti Buddhist work, now in place to execute the Western Agenda through Sorrysena! This is the sly cobra now guarding Sorrysena!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress