පරණ වීඩියෝ ලීක් වෙයි.. ඇමති චම්පික ඇටිකෙහෙල් කෑ රිලවෙක්ලු.. [Video]
Posted on September 14th, 2018
lanka C news
පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේදී මෛත්‍රී පාලනයක් යටතේ පෙට්‍රල් සහ ඩීසල් වල පනවා ඇති බදු සහමුලින්ම ඉවත් කරන බව කියූ ඇමති චම්පික රණවක අද සිටින්නේ ඇටි කෙහෙල් කෑ රිලවෙකු වගේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා සඳහන් කරයි.
ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ දී පැවැති ඒකාබද්ද විපක්‍ෂ මාධ්‍ය හමුවකදීය.
මේ අාණ්ඩුව අද වන විට පෙට‍්‍රල් ලීටරයකින් රුපියල් 72ක් බදු වශයෙන් අයකරන බව ඔහු එහිදී කියා සිටියේය.
2010දී බොරතෙල් බැරලයක් ඩොලර් 80 මිල වෙද්දී පෙට්‍රල් ලීටරයක් රුපියල් 115 ක ට එවක රජය විසින් ලබාදුන් බව මාධ්‍ය හමුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා පැවසීය.