මහින්දට නැවත නායකත්වය ගැනීමට හැකි බව ඉන්දීය මාධ්‍ය තුළ මතයක් තියෙනවා
Posted on September 18th, 2018

 උපුටාගැණීම  මව්බිම

ආණ්ඩුව ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට පිහිටුවා තිබෙන ආයතනවල නිලධාරීන් දේශපාලන එදිරිවාදිකම් සඳහා භාවිත කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පැවැසීය.

මේ හරහා ආණ්ඩුව උත්සාහ කරන්නේ එම ආයතන අඩපණ කිරීමට නොව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහමුලින්ම නැති කර ඒ වෙනුවට ලිහිල් පනතක් ආදේශ කිරීමට බවද ඒ මහතා අවධාරණය කළේය.

ඊයේ (17දා) බත්තරමුල්ල නෙලුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.
මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඉන්දීය සංචාරයෙන් පැහැදිලි වුණු එක කරුණක් තමයි මේ රටේ පමණක් නොවෙයි සම්පූර්ණ සාක් කලාපය තුළ මහින්ද රාජපක්‍ෂ මහතාට විශාල පිළිගැනීමක් තිබෙන බව. සාක් කලාපයේ ජේ‍යෂ්ඨතම නායකයා හැටියට නවදිල්ලියේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශනය ගැන පෝස්ටර් හැම තැනම තිබුණා. ඒ සඳහා තමිල්නාඩුවේ මන්ත්‍රිවරුන් පවා සහභාගි වුණා.

මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ සම්මුඛ සාකච්ඡා කිරීමට ඉන්දියාවේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය අවසර ඉල්ලා සිටියා. එක දෙයක් ඉතාම පැහැදිලියි. ඔහුට නැවත නායකත්වය ලබා ගැනීමට හැකි බවට ඉන්දීය මාධ්‍ය තුළ පැහැදිලි මතයක් තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ මහතා සිය දේශනයේදී කියා සිටියා උතුරු පළාත් සභා මැතිවරණය පවත්වන විට නමුත් වර්තමාන ආණ්ඩුවට තිබෙන ලොකු ප්‍රශ්නයක් තමයි මැතිවරණ චේතනාන්විතව නොපැවැත්වීම. ඔක්තෝබර් 23 වනවිට උතුරු පළාත් සභාවත් අහෝසියි. ලංකාවේ මැතිවරණ නැහැ. මැතිවරණ තියෙනදිනයක් මැතිවරණ කොමිසම පවා දන්නේ නැහැ. ඔවුන් මැච් එකයි පිච් එකයි ගැන තමයි දිගින් දිගටම කතා කරන්නේ.

ටී.අයි.ඩී. වැනි ආයතන පිහිටුවලා තිබෙන්නේ ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට. ඒ ආයතනවල නිලධාරීන් භාවිත කරන්නේ දේශපාලන එදිරිවාදිකම්වලට. විරුද්ධ පක්‍ෂයේ දේශපාලනඥයන් මර්දනය කිරීමටයි. මේ රජය කරන්නේ ත්‍රස්තවාදයට සම්බන්ධ ආයතන අඩපණ කිරීම, පටු දේශපාලන අරමුණු සඳහා භාවිත කිරීම පමණක් නොවෙයි, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහමුලින්ම නැති කිරීමයි. ඒ වෙනුවට ඉතාමත් ලිහිල් පනතක් ආදේශ කිරීමටයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන,මේ නියෝජ්‍ය පොලිස්පතිවරයා නොවේ නම් මේ සිදුවීම කළේ, ගමේ පොලිසියේ සාජන්ට් මහත්මයෙක් නම්, එහෙමත් නැත්නම් ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් නම් මොකක්ද අද ඇති වන තත්ත්වය.

අපි කියනවා පොලිසියට පුළුවන් නම් මේ ක්‍රමවේදයම රටේ අනෙක් තැන්වලටත් භාවිත කරන්න කියලා ඉතාමත් ඉවසිලිවන්තව බුද්ධිමත් පොලිසියක් කටයුතු කරන ආකාරයට සිදු කරන්න. රටේ ජනතාව මේ දිහා බලාගෙන ඉන්නවා. මේවා අවසන් වන්නේ අන්තිමට පැමිණිල්ල හිරේ යනවා විත්තිය ගෙදර යනවා. මේ පොලිසිය අද ඒ තත්ත්වයට ශ්‍රී ලංකා පොලිසිය පත්වෙලා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. අමරසිංහ, මම ජනතා විමුක්ති පෙරමුණේ තමා දේශපාලනය කළේ අවුරුදු 20ක් පමණ. ජවිපෙට මොකක්ද තිබුණු කොන්දේසිය 2015 ජනාධිපතිවරණයට ඉල්ලා නොසිටීමට.

දැන් ඇයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ?

අඩුම ගාණේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට ඉල්ලන විට කොන්දේසියක්වත් තිබුණා. මහින්ද චින්තනයට ජවිපෙ ඉදිරිපත් කළ කොන්දේසි සියල්ල ඉදිරිපත් කළා. නැවත වතාවක් ජනතා මතය වෙනත් පැත්තකට යොමු කරන්නයි මේ හදන්නේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress