DIG නාලක ද සිල්වා අත්අඩංගුවට ගන්න ආණ්ඩුව බයවෙයි.. ගත්තතොත් සියළු රහස් හෙලිවෙයි.. විස්තරේ මෙන්න..
Posted on September 18th, 2018

 lanka C news

පිිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

රාජ්‍ය නායකයා මරා දැමීමට කුමන්ත්‍රණය කිරීම හුදු මිනීමැරීමකට තැත් කිරීමක් නොවේ.  රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයක් සිදු කිරීමක්.  නමුත් මේ වන තුරු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට අරගෙන නෑ.  හරි නම් මේ වන විට අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ යුතුයි.  මොකද ඇප පනත අනුව ඔහුට ඇප දෙන්න බෑ.  යම් සැකකරුවෙක් විසින් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට ඉඩ ඇත්නම් සාක්ෂි විනාශ කිරීමට ඉඩ ඇත්නම් ඔහු නිදැල්ලේ සිටීම මහජන කැළඹීමකට තුඩු දෙත් නම් ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කළ යුතු බව ඇප පනතේ දක්වනවා.  මේ සියළුම කාරණා නාලක ද සිල්වාට අදාළයි.

අනෙකුත් සැකකරුවන් වගේ නොවේ.  තමන් පොලිසියේ දරණ ඉහළ නිලය නිසා පරීක්ෂණය කරන නිලධාරින්ටත් බලපෑම් කරන්න නාලක ද සිල්වාට පුළුවන්.  නමුත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම කෙසේ වෙතත් අවම වශයෙන් වැඩ තහනම් කිරීමක් වත් කරලා නෑ.  හේතුව තමයි මේ ආණ්ඩුව නාලක ද සිල්වාට බයයි.

පසුගිය මාර්තු මාසයේ දී දිගන සිදුවුණු ජාතිවාදි කෝලහාලය පිටුපස හිටියේ ආණ්ඩුවයි.  ඇත්තෙන්ම එය ජාතිවාදි කෝලහාලයක් නොව ආණ්ඩුව විසින් මුස්ලිම් ජනතාව මත රාජ්‍ය ත්‍රස්ථවාදය මුදා හැරීමක්. රාජන් හූල් පෙන්වා දුන් ආකාරයට 1983 ජූලි කලබල ඇති කලේ එක්සත් ජාතික පක්ෂය වගේම 2018 මුස්ලිම් විරෝධී  කලබල ඇති කලේත් එක්සත් ජාතික පක්ෂයයි.  දැවැන්ත මැතිවරණ පරාජයකින් පසු ආණ්ඩුවට ඉල්ලා අස් වෙන්න කියලා සමාජයෙන් මතු වුණු ප්‍රබල මතය වෙන අතකට යොමු කරන්නයි ආණ්ඩුවට වුවමනා වුණේ.  ඒ නිසා තමයි  තෙල්දෙණියේ සිට දිගන දක්වා වූ කිලෝ මීටර හයක් කෝලහාලකරුවන් දේපල හානි කරමින් ඉදිරියට ඇදෙද්දී පොලිසිය කිසිම පියවරක් නොගත්තේ.  මේ සියල්ල ලස්සනට වහලා වෙනත් පිරිසක් මත වරද පටවන්න කටයුතු කලේ විමර්ශනය කළ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා.  මේ හේතුව නිසා තමයි ඔහු වැඩ තහනමට ලක් කරන්න ඔහුට විරුද්ධව කටයුතු කිරීමට  ආණ්ඩුව බියක් දක්වන්නේ.

– අරවින්ද අතුකෝරල

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress