ඓතිහාසික පිදුරංගල රජමහ විහාරස්ථානයේ පිහිටි ගල මතට නැඟ නිරුවත පෑ 3ක් රිමාන්ඩ්
Posted on September 28th, 2018

උපුටාගැණීම  මව්බිම

ඓතිහාසික පිදුරංගල රජමහ විහාරස්ථානයේ පිහිටි ගල මතට නැඟ අඩ නිරුවතින් ඡායාරූප ගෙන මුහුණුපොත හරහා අන්තර්ජාලයට මුදාහැර තිබූ බවට සැකපිට අත්අඩංගුවට ගත් තරුණයන් තිදෙනා ඔක්තෝබර් 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස දඹුල්ල මහෙස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා ඊයේ (27දා) නියෝග කළේය.

මෙසේ බන්ධනාගාරගත වූයේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචි ශාමික දිල්ශාන් අබේවික්‍රම, සපුමල් දීමන්ත සුබසිංහ, එල්.ඒ.ඒ. පියුමාල් යන දහ නව හැවිරිදි වියේ පසුවන තිදෙනායි.

පෙරේදා (26දා) පස්වරුවේ සැකකරුවන් සීගිරිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඊයේ (27දා) දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත සීගිරිය පොලිසියේ සිට පොලිස් නිල රථයකින් රැගෙන ආහ.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එම්. අස්මි මහතා කියා සිටියේ ඔවුන් නොදැනුවත්කම හේතුවෙන් මෙවැනි දෙයක් සිදු කළ බවත් සුදුසු ඇපයක් මත මුදාහරින ලෙසත්ය. වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ එම්. අස්මි මහතා කියා සිටියේ පුරාවිද්‍යා ආඥාපනත යටතේ මෙම සැකකරුවන්ට නඩු පවරා ඇති බවත් මහෙස්ත්‍රාත් අධිකරණයට ඔවුන්ට ඇප දීමේ බලයක් නොමැති නිසා බන්ධනාගාරගත කළ බවත්ය.

එමෙන්ම ලෝක සංචාරක දින උත්සවයකට සීගිරියේදී එක්වෙමින් ඊයේ (27දා) උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම සිද්ධිය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කළේය.

පිදුරංගල ගල මතට නැඟී අඩ නිරුවතින් ඡායාරූප ගෙන ඉදිරිපත් කිරීම රටේ අභිමානයට හානියක් බවත් එය නොහොබිනා ක්‍රියාවක් බවත් ඔහු සඳහන් කළේය. මුළුමහත් රටේම ජනතාවගේ අභිමානයට මෙම ක්‍රියාව හානියක් බවද ඇමැතිවරයා කීවේය.

රටේ අභිමානයක් ඇති පෞරාණික වටිනාකමක් ඇති ස්ථාන අපවිත්‍ර කිරීමට තරම් අද රටේ ඇතැම් තරුණ තරුණියන් නිවට නියාලු තත්ත්වයට ඇද වැටී ඇතැයි කී අමාත්‍යවරයා ඒ පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරන බවද කීවේය. මේ පිළිබඳව අනුකම්පා විරහිතව නීතිය ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.

One Response to “ඓතිහාසික පිදුරංගල රජමහ විහාරස්ථානයේ පිහිටි ගල මතට නැඟ නිරුවත පෑ 3ක් රිමාන්ඩ්”

  1. Caesar Says:

    Condolence to the families of the accused and their own woos.

    But this is no simple offence, but a national disaster if it’s let to be followed by other similar maniacs unless a punishment is meted out to the perpetrators and given publicity.

    There is a growing trend of defacing, destroying, discrediting of Sinhelanism, Buddhism, Sinhela heritage, history in the name of rubbish Western Human rights, reconciliation, equality are all pretexts against Sinhela nation, culture and Buddhism.

    Maximum publicity be given to this incident and what punishment meted out to perpetrators.

    The manner in which the Police and Legal system acts in other affairs is not agreed and not satisfactory too where drug kingpins, murderers, smugglers, national coffer roughs etc are at pathetic state. Nevertheless the swift action of Police in tracking down the perpetrators and bringing them in front of law is commendable.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress