ජනාධිපතිට අගමැතිවරයා ඉවත් කිරීමට නොහැකි බව කීම වැරැදි මතයක්
Posted on November 1st, 2018

 උපුටාගැණීම  මව්බිම

ශ්‍රී ලංකාවේ පවතින ව්‍යවස්ථාව තුළින් ජනාධිපතිවරයාට නීත්‍යනුකූලව අගමැතිවරයකු ධුරයෙන් ඉවත් කිරීමට නොහැකි බවට වැරැදි සිද්ධාන්තමය අර්ථකථනයක් ලබා දෙමින් සිටින බවත් එය ඉතාමත් සාවද්‍ය මතයක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ ලංකාවේ දැනට බලාත්මක ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ 48 (1) වගන්ති ප්‍රකාරව එනම් “ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයකින් හෝ අග්‍රාමාත්‍යවරයා ධුරය දැරීම නතර වූ විට” යන වගන්තියෙන් පැවසෙන්නේ අගමැතිවරයකු ධුරයෙන් ඉවත් කිරීම හෝ පහ කිරීම ඔහු තවදුරටත් එම තනතුරේ රැඳී සිටීම අවසන් වන බවයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 2018 ඔක්තෝබර් 26 දින හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් කර, මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර ගැනීම පිළිබඳව එහි නීත්‍යනුකූල භාවය සහ ගත්තා වූ ක්‍රියාමාර්ගය පිළිබඳව මේ වන විට මාධ්‍ය මඟින් පුළුල් කතිකාවක් ඇති කරමින් පවතී.

එම නිසා, ව්‍යවස්ථානුකූලව අග්‍රාමාත්‍යවරයකුගේ ධුර කාලය අවසන් කිරීමට හෝ ඉවත් කිරීමට ඇති හැකියාව පිළිබඳව ඉහත සඳහන් වගන්තියේ මැනවින් පැහැදිලි කර ඇත.

එහෙත්, ඉංග්‍රීසි පරිවර්තනයෙහි ඇති වී තිබෙන දුර්වලතාව නිසා එම සංවාදයේදී අගමැතිවරයකුගේ ධුර කාලය අවසන් වන හැටි මඟහැරී ඇත.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ ඉතා වැදගත් හා පැහැදිලි වෙනසක් ඉංග්‍රීසි සහ සිංහල පරිවර්තනවල පවතී. එහි ඉංග්‍රීසි පරිවර්තනයේ පහත දැක්වෙන පරිදි “ර්ණීද ඊඩඥ ර්ථීපඪථඥ ර්ඪදඪඵබඥප ඛ්ඥචඵඪදඨ බධ ඩධතඤ ධටටඪජඥ ඡර ඤඥචබඩ පඥඵඪඨදචබඪධද ධප ධබඩඥපඹඪඵඥ’ වශයෙන් සඳහන්ව පවතී. ඉංග්‍රීසි පරිවර්තනයේදී ධුරයෙන් ඉවත් කිරීම හෝ ඉල්ලා අස්වීම පිළිබඳව පැහැදිලිව සඳහන් වී නොමැත. 2015 ජනවාරි මස 08 සහ 2015 අගෝස්තු 17 කාලය අතරතුරදී පැවැති ඊනියා 19 වැනි ව්‍යවස්ථා පාර්ලිමේන්තු සාකච්ඡාවේදී, මාද පාර්ලිමේන්තුවේ සාමාජිකයකු වී සිටියෙමි. එවකට පාර්ලිමේන්තුවේ කථානායකව සිටි ගරු චමල් රාජපක්ෂ කථානායකවරයා විසින් 19 වැනි සංශෝධනයේ සිංහල පරිවර්තනය කාරක සභා අවස්ථාවේදී ව්‍යවස්ථා සංශෝධනයේ සිංහල පරිවර්තනයේ ඡේදයෙන් ඡේදය ඉදිරිපත් කර අනුමැතිය ලබා ගන්නා ලදී. මෙහිදී 19 වැනි සංශෝධනයේ ඉංග්‍රීසි පරිවර්තනය පිළිබඳ පාර්ලිමේන්තුවේදී කිසිදු අවධානයක් යොමු නොකරන ලදී.

යම්කිසි ගැටලුකාරී අවස්ථාවකදී හෝ ව්‍යවස්ථාවේ භාෂාමය වෙනසක් පවතින විටදී සිංහල පරිවර්තනය බලාත්මක වන බව නීතියට අනුව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් දැනට කෙරෙන සාකච්ඡාවේදී මෙම කරුණු කෙරෙහි නිසි අවධානය යොමු කොට නොමැති බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. දැනට රටේ පවත්නා ව්‍යවස්ථාවට අනුව එහි පැහැදිලිවම ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අගමැතිවරයකු ධුරයෙන් ඉවත් කිරීම හෝ පහ කිරීම පිළිබඳව කිසිදු ගැටලුවක් නොමැත.

ඒ අනුව, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2018 ඔක්තෝබර් මස 26 දින එම ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මැතිතුමා නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කිරීම සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථානුකූලව සිදුකර ඇති අතර එහිදී කිසිදු ව්‍යවස්ථාමය හෝ නීතිමය කඩවීමක් කිසිදු ආකාරයෙන් සිදු වී නොමැති බව ප්‍රකාශ කර සිටිමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress