ලංකාව විසින් මෙතෙක් බිහි කර තිබෙන විශිෂ්ටතම මනෝ විද්‍යාඥයා වන පද්මාල් ද සිල්වා
Posted on December 15th, 2018

වෛද් රුවන් එම් ජයතුංග

ලංකාව විසින් මෙතෙක් බිහි කර තිබෙන විශිෂ්ටතම මනෝ විද්‍යාඥයා පද්මාල් ද සිල්වා මහතාය. ඔහු මනෝ විද්‍යාඥ ස්ටැන්ලි රැක්මන් , මනෝ විද්‍යාඥ විලියම් යූල් වැනි පතාකයන් ගේ ගෞරවයට ලක් වූ පුද්ගලයෙකි. එහෙත් වරක් මා ඉදිරියේ එක් මනෝ වෛද්‍යවරියක් පද්මාල් ද සිල්වා මහතා උපහාසයට ලක් කලේ ඔහුගේ ප්‍රථම උපාධිය සිංහල සහ බෞද්ධ දර්ශනය බව කියමිනි.නමුත් ඇය නොදැන සිටි එක් කරුණක් නම් පද්මාල් ද සිල්වා මහතාව වඩාත් යහපත් මිනිසෙකු බවට පත් කලේ මේ සිංහල සහ බෞද්ධ දර්ශනය යන විශයන් බවයි. පද්මාල් ද සිල්වා ලංකාවට පැමිණි අවස්ථා වලදී මා හමු වීම සඳහා යුද හමුදා රෝහලටද පැමිණීමට පුරුදුව සිටියේය. රෝගීන් සඳහා මනෝ ප්‍රතිකාරයේදී එතුමා මට ගුරුහරුකම් ද දුන්නේය.

පද්මාල් යනු පේරාදෙනිය විසින් බිහි කරන ලද අන්තර්ජාතික කීර්තියට පත් වූ අතිජාත පුත්‍රයෙකි. ඔහු ඉතා යහ ගුණ ඇති මිනිසෙකි. මා වැනි කනිෂ්ඨ පුද්ගලයන්ට අත හිත දුන්නේය. මම පරියේෂණ පත්‍රිකා ලිවීම ඉගෙන ගත්තේ ඔහුගෙනි. ඔහු මට ගුරුවරයෙකු මෙන්ම පහන් ටැඹක් විය. ඔහුගේ අකල් මරණය විශාල පාඩුවකි. මා විසින් ලියන ලද PTSD Sri Lankan Experience පොත මා විසින් පුදන ලද්දේ ඔහුටය. ඔහු බටහිර දැණුම සහ පෙරදිග දැණුම අතර පාළමක් විය. පරළ වූ යකදුරෙකු මෙන් බටහිර විද්‍යාවට තිස් තුන් පැයේ බනින නලීන් ද සිල්වාට මඟ හැරුනේ මේ පාලමයි. පේරාදෙනිය විශ්ව විද්‍යාලය මුළු ලෝකයක් ගරු කල ලංකාව විසින් මෙතෙක් බිහි කර තිබෙන විශිෂ්ටතම මනෝ විද්‍යාඥයාට මීට වඩා බුහුමනක් කළ යුතුය.

One Response to “ලංකාව විසින් මෙතෙක් බිහි කර තිබෙන විශිෂ්ටතම මනෝ විද්‍යාඥයා වන පද්මාල් ද සිල්වා”

  1. Charles Says:

    He was indeed a good man. He was a good friend of Godwin Samararatne. May he attain Nibbana

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress