වසර 08 ක් ගත වූ 2011 මැයි 30 වන දින කටුනායක පොලිස් ප‍්‍රහාරය මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් ’ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි. වින්දිතයින්ට වන්දි රජයෙන් ගෙවිය යුතුයි.
Posted on April 5th, 2019

මාධ්‍ය නිවේදනය.නිදහස් වෙළ`ද කලාප සහ පොදු සේවා සේවක සංගමය

2019 අපේ‍්‍රල් මස 05 වන දින

ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ/කතෘ,
සිය`ඵම විද්්‍යුත් මාධ්‍ය ආයතන හා පුවත් පත් වෙත,
ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂකතුමනි/ප‍්‍රධාන ප‍්‍රවෘත්ති කතෘතුමනි,

‘වසර 08 ක් ගත වූ 2011 මැයි 30 වන දින කටුනායක පොලිස් ප‍්‍රහාරය මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් ’ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.
වින්දිතයින්ට වන්දි රජයෙන් ගෙවිය යුතුයි.

පසුගිය ආණ්ඩුව විසින් 2011 වසරේ දී ගෙන ඒමට උත්සාහ කළ පුද්ගලික අංශයේ සේවකයින් ස`දහා වූ ඊනියා විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය පුද්ගලික අංශයේ සේවකයින්ගේ සේවක අර්ථසාධක අරමුදල මංකොල්ල කෑමට කරන ලද සැලසුමක් ලෙස අප සංගමය ඇතුළු අනෙකුත් වෘත්තීය සමිති තීන්දු කළ බැව් මාධ්‍ය ද දන්නා කරුණකි.

යෝජිත එම විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය ප‍්‍රතික්‍ෂෙප කරමින් ඊට විරුද්ධව දියත් කළ උද්ඝෝෂණ ව්‍යාපාරයේ උච්චතම අවස්ථාව වූයේ අප සංගමය නායකත්වය දුන් 2011 මැයි මස 24 වන දින කටුනායක නිදහස් වෙළද කලාපයේ 40,000 ට අධික සේවක සේවිකාවන් පිරිසකගේ ඉතාම සටන්කාමී, සාර්ථක විරෝධය විය. එම විරෝධතාවය ඉදිරියේ ඔවුන් ගෙන ආ විශ‍්‍රාම වැටුප් යෝජනාව නිල වශයෙන් ආණ්ඩුව ඉල්ලා අස් කර ගන්නා ලදී. එනමුත් එදින කටුනායක නිදහස් වෙළද කලාපයේ සේවක උද්ඝෝෂණයෙන් උරණ වූ ප‍්‍රදේශයේ දේශපාලනඥයින් කිහිප දෙනෙකු සේවකයින්ගෙන් පළිගැනීම සදහා 2011 මැයි 30 වන දින ඉතා ප‍්‍රකෝපකාරී කි‍්‍රයාවන් සංවිධානය කළහ. ඒ සමග ඉතා අමානුෂික පොලිස් ප‍්‍රහාර එල්ල කරන ලදී. එම පොලිස් ප‍්‍රහාරයට කටුනායක නිදහස් වෙළද කලාපයේ සේවක සේවිකාවන් විශාල පිරිසක් ගොදුරු වී රෝහල්ගත කරන ලද අතර එම වෙඩි ප‍්‍රහාරයට මැදි වූ රොෂේන් චානක නමැති තරුණ සේවකයා මිය ගියේය.

පසුගිය ආණ්ඩුවේ මෙම මැර ප‍්‍රහාරය සම්බන්‍ධයෙන් රට පුරා මෙන්ම ලොව පුරා ද විරෝධතා මතු විය. එම විරෝධතා මගහරවා ගැනීම ස`දහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් විශ‍්‍රාමලත් විනිසුරු මහානාම තිලකරත්න මහතාගේ මූලිකත්වයෙන් ඒක පුද්ගල ජනාධිපති කොමිසමක් පත් කළේය. එම කොමිසමේ නිර්දේශ ද සමග 2011 ජූලි මස 15 වන දින කොමිසම් වාර්තාව හිටපු ජනාධිපති වෙත භාර දෙනු ලැබුණි. එහෙත් එම ජනාධිපති කොමිසම් වාර්තාව පසුගිය ආණ්ඩුව අනෙක් සියළු වාර්තා මෙන් ප‍්‍රසිද්ධ නොකළේය. 2015 ජනවාරියේ බලයට පත් වත්මන් ජනාධිපති හා යහපාලන ආණ්ඩුව යටතේ ද එම කොමිසම් වාර්තාව ප‍්‍රසිද්ධියට පත් නොකළේය. එම කොමිසමේ නිල නොවන වාර්තාවක් අප සංගමයට ලැබී තිබූ හෙයින් එහි වූ කරුණු හුවා දක්වමින් ද අපි එම කොමිසම් වාර්තාව ප‍්‍රකාශයට පත් කරන මෙන් ජනාධිපතිගෙන් කිහිපවර ඉල්ලා
සිටියෙමු. තොරතුරු දැනගැනීමේ පනත යටතේ අප සංගමය 2017 මැයි මස 02 වන දින දරණ ලිපිය මගින් එම කොමිසම් වාර්තාවේ පිටපතක් ඉල්ලා සිටි අතර එය ලබා නොදෙන්නේ නම් අප සංගමය සතුව පවතින වාර්තාව ප‍්‍රසිද්ධ කරන බවට අප දන්වා සිටියෙමු. එම වාර්තාවේ පිටපතක් ඉන් පසුව නිල වශයෙන් අප සංගමය වෙත එවා තිබුණි.

තව ද 2011 මැයි මස 30 වන දින ඇති වූ එම පොලිස් ප‍්‍රහාරය නිසා විවිධ ශාරීරික ආබාධයන්ට ලක්වූ සේවකයින් 13 දෙනෙකු වෙනුවෙන් අප සංගමයේ මූලිකත්වයෙන් මූලික අයිතිවාසිකම් නඩු 13 ක් උපරිමාධිකරණයේ ගොනු කර තිබණි.

මෙම ජනාධිපති කොමිසමේ වාර්තාව එම නඩුවේ සාක්‍ෂියක් ලෙස ද අපගේ නීතිඥ මහත්වරුන් ඉදිරිපත් කර තිබුණි.

2011 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන ලද මෙම නඩු විභාග කිරීමෙන් පසු 2019 අපේ‍්‍රල් 05 වන අද දින එම නඩු 13 අංක ීක්‍ත්‍ඍ 265/2011 සිට ීක්‍ත්‍ඍ 274/2011 දක්වා ද ීක්‍ත්‍ඍ 346/2011 සිට ීක්‍ත්‍ඍ 348/2011 දක්වා යන නඩු අංක නඩුවලට අදාල නියෝග නිකුත් කරමින් 2011 මැයි 30 වන දින පොලිස් ප‍්‍රහාරය නිසා එම සේවකයින්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් සිදු කර ඇති බවට තීරණය කළ බව ප‍්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම වින්දිතයින් ස`දහා වන්දි ගෙවිය යුතු බවට ද එකී වන්දි මුදල් රජය විසින් ගෙවිය යුතු බවට ද නියෝග කරන ලදී.

මෙම නඩු සදහා ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා ප‍්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නීතිඥයින් 13 දෙනෙකු කිසිදු අය කිරීමකින් තොරව පෙනී සිටින ලදී. ඕනෑම ආණ්ඩුවක් ගනු ලබන ජනතා විරෝධී කි‍්‍රයාවන්ට එරෙහිව විරෝධය පෑම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ අප රටේ පුරවැසියාට හිමි මූලික අයිතියක් වුව ද එවැනි විරෝධයන් මර්දනය කිරීමට පොලීසිය කටයුතු කරන ආකාරය දිනපතා සිදුවන සාමාන්‍ය සිද්ධියක් බවට පත්වී ඇති මෙම වකවානුවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් මෙම නියෝගය අප රටේ කම්කරු පන්තිය මෙන්ම ජනතාව ලැබූ ජයග‍්‍රහණයක් ලෙස නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමය සළකන්නෙමු.

ඇන්ටන් මාකස්
 සමලේකම්

නිදහස් වෙළ`ද කලාප සහ
පොදු සේවා සේවක සංගමය

One Response to “වසර 08 ක් ගත වූ 2011 මැයි 30 වන දින කටුනායක පොලිස් ප‍්‍රහාරය මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් ’ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි. වින්දිතයින්ට වන්දි රජයෙන් ගෙවිය යුතුයි.”

  1. Dilrook Says:

    Another good decision.

    Workers’ rights are essential for us to keep our biggest export destinations (USA, EU and the UK). These countries value workers’ rights very much and it is a condition of our exports that we maintain at minimum ILO standards.

    If workers are killed, Sri Lanka loses most exports. That will be the end of the nation.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress