ජනාධිපතිට අගමැතිට ඇගිලි දිගු කරනවා වෙනුවට සමස්ත රජය මේ ත්‍රස්ත ප්‍රහාරයේ වගකිම භාර ගත යුතුයි
Posted on April 25th, 2019

අද දින පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය හමුව

අද දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වී නියෝජිතයින්

·       පාර්ලිමේන්තු මන්ත්‍රී සෙහාන් සේමසිංහ මහතා

·       පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතා

·       පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙහාන් සේමසිංහ මහතා

අපි ගෙවමින් ඉන්න ඛේදජනක තත්ත්වය ගැන පාර්ලිමේන්තුවේ කතා කළත් රජයේ දුර්වලතාවය ගැන ආන්ජුවට අවබෝධයක් නැහැ.මේ ඛේදවාචකයේ වගකිම රජය භාරගත යුතුයි.ජනාධිපතිට අගමැතිට ඇගිලි දිගු කරනවා වෙනුවට සමස්ත රජය මේ ත්‍රස්ත ප්‍රහාරයේ වගකිම භාර ගත යුතුයි. බුද්ධි අංශය මෙවැනි ප්‍රහාරයක් සිදුවිය හැකි බව රජයට දැනුම් දි තිබෙනවා. ජනතාවට ලබාදිය යුතු ආරක්ෂාව ලබා දෙන්න රජය අපොහොසත් වෙලා. මේ වුවදුර පහවලො නැහැ. අද පෙරවරුවේ බෝම්බ සිද්දියක් පූගොඩින් වාර්තා වෙනවා. ජනතාවට චකිතයෙන් ඉන්නේ. මේ රජය 2015 බලයට ඒමත් සමග රජයේ බුද්ධි අංශය දුර්වල කළා. අකර්මන්‍ය කළා. ශානි අබේසේකර පොලිස් නිලධාරියා දේශපාලන දඩයම්වලට යොදවලා දේශපාලන වශයෙන් විරුද්ධවාදීන් දඩයම් කිරීමේ ව්‍යාපාරයක් දිගින් දිගටම ගෙන ගියා. බුද්ධි අංශ අකර්මන්‍ය කිරීමේ ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ.පොලීසියත් මේ සම්බන්ධයෙන් වගකිමක් ගත යුතුයි.ආණ්ඩුව සූදානම් වෙන්නේ මේ සිද්ධිය ආරක්ෂක ලේකම් හා පොලිස්පතිවරයා පිට පටවලා නිදහස් වෙන්න.

අපි ආන්ඩුව දරන මේ උත්සාහය පිළිකුලෙන් හෙලා දකිනවා. නිලධාරින් කටයුතු කරන්නේ දේශපාලන නායකත්වය ලබා දෙන උපදෙස් මතයි. දේශපාලන නායකත්වය සිය වගකීම් නිසිලෙස ඉටු නොකර මේ ඇති වුනු තත්ත්වයේ වගමීම ආරක්ෂක ලේකම් හා පොලිස්පතිවරයා මත පැටවිම දුර්වල රජයක ක්‍රියාකෘර්තිවයක්. මේ අය වගේම රජයත් වගකිව යුතුයි. මේ පොලිස්පති පත් කරන විට අපි දැඩිව විවේඡනය කළා. බුද්ධි අංශ නිලධාරින් අකර්මන්‍ය කිරිම සම්බන්ධයෙන් වසර 4ක් තිස්සේ අපි කතා කළා. බුද්ධි අංශය ගැන විශ්වාසය තියලා රටේ ඛේදවාචකයක් නොවන පරිදි කටයුතු කරන්න කියලා අපි ඉල්ලීම් කළා.

ඒ සියල්ල ආණ්ඩුව නොසලකා හැරියා. පොලිස්පතිවරයාගේ හැසිරිමත් , ආරක්ෂක ලේකම්වරයාගේ වගකිම් විරහිත හැසිරිමත් රජයේ මානසිකත්වය පෙන්වන්නක්.මේ වෙද්දි බුද්ධි අංශ තොරතුරු වාර්තා කරලා තියෙනවා මුස්ලිම් දේවස්ථාව ආශ්‍රිතව කිසියම් කළහකාරී තත්ත්වයක් ඇති විය හැකි බව. ඒ නිසා අපි ආන්ඩුවෙන් ඉල්ලන්නේ මේ තත්ත්වය පාලගනය කරන්න කටයුතු කරන්න. ඒ සදහා අවශ්‍ය නිලධාරීන් යොදවලා නැහැ. බුද්ධි අංශය අද ලබාදී වාර්තා සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරන්න කියලා ආන්ඩුවෙන් අපි ඉල්ලා සිටිනවා.

2010 වෙද්දි ශක්තිමත් බුද්ධි ඒකකයක් තිබුණු දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාවයි. එවැනි බුද්ධි ඒකකයක් අකර්මන්‍ය කරලයි මේ තත්ත්වය ඇති වුනේ. දැන් මාවනැල්ලේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට අරන් ඒ ඔස්සේ තොරතුරු හොයා ගෙන ගිහින් වනාතවිල්ලුවේ කදවුරක් සම්බන්ධයෙන් තොරතුරු ලැබුනා. 4ක් අත් අඩංගුවට ගත්තා. 

රජයේ ප්‍රබලම ඇමැතිවරයෙක් කියනවා එයින් දෙදෙනෙක් ඉහළ දේශපාලන බලපෑම් මත නිදහස් කළා කියලා. ඒ සදහා අනුබල දුන්න කෙනා රටට  හෙලි කළයුතුයි. ඒ එක පුද්ගලයෙක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන්න දායක වෙලා තියෙනවා. ආන්ඩුව දිගින් දිගටම ජාතික ආරක්ෂාව අමතක කරලා ඊළගට එන මැතිවරණයක් තියෙන්නේ තමන්ට ජය ගන්න පුලුවන් කාලසිමාවක කියන අරමුණ විතරයි තිබුනේ. මේ අන්තවාදි කණ්ඩායම්වලට ආන්ඩුව යට වෙල ාහිටියා. මැතිවරණ කල් දාන්න පනත් සම්මත කරද්දි මේ බලවේගවලට ආන්ඩුව යටත් වෙලා හිටියා. හිතාමතාම යට වුනා. මේ රටේ ජනතාව රජයට විරුද්ධව නැගි සිටීමේදි බලය රුක ගන්න විකල්ප ක්‍රියාදාමයක් නැති නිසයි ඔවුන් ඒ අන්තවාදී කණ්ඩායම්වලට යටත් වුනේ.

ඒ වගේම දැන් සමහරු මේ රටේ ජාතිවාදි ගැටලුවක්නිර්මාණය කරන්න උත්සාහ කරමින් සිටිනවා. කලුජූලිය මේ රටේනිර්මානය වෙන්නේඑජාප පාලන කාලයේ. ඒ යුගය සමයේ එජාප නියෝජනය කරපු කණ්ඩායමම්අදත් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඒනිසා අපි ආන්ඩුවට අවධාරණය කරනවා පටු දේශපාලනය වෙනුවෙන් කටයුතු කරලා ආගම්වාදි ජාතිවාදී අරගලයකට මුල පුරන්න එපා. ත්‍රස්තවාදය මර්දනය කරන්න. නමුත් ඒකට මුවාවෙලා දේශපාලන වාසි ගන්න ආගම්වාදය ජාතිවාදය ඇති කරන්න එපා. මේ තත්ත්වය තුල විදේශ රටවල හමුදාවන්ට අපේ රටට ඇතුල් වෙන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ආන්ඩුව දිගින් දිගටම ජනතාවටත් ජාත්‍යන්තරයටත් බොරු කිව්වා. ප්‍රහාරය සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වන්නත් බොරු රැසක් කිව්වා.

නවසීලන්ත ප්‍රහාරයයේ දිගුවක් ක්ව්වත් නවසීලන්ත අගමැතිවරයා එය ප්‍රතික්ෂේප කළා. ඇමරිකාව බුද්ධි තොරතුරු දුන්නා කිව්වාත් ඒකත් ඇමරිකාව ප්‍රතික්ෂේප කළා. බොරු කිම මේ ප්‍රශ්නයට විසදුමක් වෙන්නේ නැහැ. ඇමරිකන් හමුදාවට අපේ රටට ඇතුල් වෙන්න වාතාවරණය ගොඩ නගලා තියෙනවා. මෙම්ත්‍රස්ත ක්‍රියාදාමය ගෝලිය ත්‍රස්තවාදයක් කියලා හදුන්වා දිලා රජයේ වැඩපිළිවෙල දිගටම කරගෙන යනවා.

2018 ඔක්තෝම්බර් 26 අපේ රජය වෙනස් වුනත් පාර්ලිමේන්තුව රැස්වුනු අවස්ථාවල අපි දැකපු සුවිශේෂි තත්ත්වයක් තියෙනවා. සියලු තානාපති නිලධාරීන් පාර්ලිමේන්තු ගැලරියට ආවා. රජයට සහාය දැක්වූ රාජ්‍ය නොවන සංවිධාන ආවා. නමුත් අපි මේ දවස් දෙකේ සජිවි විකාශනයක් හෝ තානාපතිවරු හෝ රාජ්‍ය නොවන සංවිධාන පාර්ලිමේන්තුවට පැමිණෙනවා. මේක තමයි අපි දකින වෙනස. රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැතිකම නැති වුන වෙලාවේ කම්පනයට පත්වුනු අය මේ ඛේදවාචකයක් වුනු අවස්ථාවේ කම්පාවට පත්වුනේ නැහැ. ඇයි ඒ වේදනාව දැනෙන්නේ නැත්තේ. ඇයි පාර්ලිමේන්තුවට ඇවිත් ශෝකය බෙදා ගත්තේ නැත්තේ. රනිල් වික්‍රමසිංහ මහතා පිටුපස මේ සියලු කණ්ඩායම් ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය වුනේ මෙවැනි රූකඩ පාලනයක් බිහි කිරිමපමණයි. ජනතාවගේ සුරක්ෂිතතාවය ගැන හැගිමක් නැහැ. මේ වගකීමෙන් රජයට බැහැර වෙන්න බැහැ. කරුණාකරලා මේ ඛේදවාචකයේ වගකීම භාර ගන්න වෙන්නේ රජය. කාදිනල්වරයා බුද්ධි අංශ දුර්වල කලේ ඇයි කියලා ප්‍රශ්න කරනවා. මහානායක හිමිවරු ඒ ම්බන්ධයෙන් ප්‍රකාශ කරනවා. කරුණාකරලා පූජනිය ස්ථාන ආරක්ෂා කරන්න. අද තමන්ගේ ආගම අදහන්න බැහැ. 2015දි භාර දුන්නේ සුරක්ෂිත රටක්. යහපාලනයේ නාමයෙන් ට භාරගත්ත ආන්ඩුවක් නැවත මේ වගේ තත්ත්වයක් ඇති කරයි කියලා ජනතාව හිතුවේ නැහැ.මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. මේ ඛේදචනක තත්ත්වයෙන් යම ්කණ්ඩායම් බොරදියේ මාලුබාන්න හදනවා. සම්බන්ධන් බලපැම් කරනවාලු ව්‍යවස්ථාව ගේන්න කියලා. මේ අවස්ථාවේ රටේ ප්‍රමුඛ කාර්යය ව්‍යවස්ථාවද. විශේෂයෙන් දෙමල ජාතික සන්ධානය මේ ව්‍යවස්ථාව ගෙනාවේ නැත්නම් ආන්ඩුවේ බලය අහිමි කරන බව පවසනවා. මේහරහා සියලු දෙනා විරුද්ධ වු ව්‍යවස්ථාව නැවත කරලියට ගෙනෙයිද කියලා සැකයි. රටේම කතා කරන්නේ බෝම්බවලින් ආරක්ෂාවීම ගැනයි. එක දේශපාලන කණ්ඩායමක් විතරක් ව්‍යවස්ථාව ගැන කතා කරනවා. දරුණූ ත්‍රස්තවාදී ඛේදවාචකයක් ඇති වෙලා තියෙද්දි ඔනවුන්ගේ පොරොන්දු ඉටු කරන්න කියලා රජයට බලපෑම් කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතා

අගමැතිවරයා , රාජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශ කළා. සභානායකවරයාත් පාර්ලිමේන්තුව ආරම්භයේ ප්‍රකාශයක් කළා. මේ සිද්ධිය සම්බන්ධයෙන් අගමැතිවරයා දැන ගෙන හිටියේ නැහැ. මේකේ වගකිම කවුද භාර ගන්නේ කවුද කියලා එතුමා ඇහුවා. නමුත් පහුගිය 4 වැනිදා සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලැබුනු බව ඔහුගේ ප්‍රකාශයෙන් කියැවෙනවා. අපි ඒ ගැන විමසුවාම ඉන්දියාව හරහා තොරතුරු ලබා ගත්ත බවයි කිව්වේ. 4 වැනිදා වගේම 5 වැනිදාත් පාර්ලිමේන්තු දින. ඔවුන්ට යුතුකමක් තිබුණා ආරක්ෂක අංශවලින් මේ ගැන විමසන්න. එක පිරිසකට පමණක් මෙවැන්නක් සිදුවිය හැකි බව දැනුම් දිලා තියෙනවා. නමුත් ජනතාවට දැනුම් දිමක් නැහැ. මේ සම්බන්ධයෙන් රජය එහෙට මෙහෙය බෝල පාස් කරනවා. අගමැති දන්නේ නැහැලු. ජනාධිපති දන්නේ නැහැලු. එතකොට කවුද ජනතාවගේ ජිවිත සම්බන්දයෙන් වගකිම භාරගන්නේ. යුද්ධය අවසන් වෙද්දි අද ඉන්න සබානායකම කිව්වා ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් කියලා.

හරින් ප්‍රනාන්දුට ඔහුගේ පියා දුරකතනයෙන් සිද්ධියක් වෙන්නතියෙන බව කියනවා. රටේ ඇමැතිවරයෙක් විදියට ඔහුට යුතුකමක් තිබුණා කාදිනල්වරයාට මේ සම්බන්ධයෙන් දැනුම් දෙන්න. මේක නෙවෙයි කැබිනට් ඇමිතවරයෙකුගෙන් විය යුත්තේ. රටේ ජනතාව නැවතත් බියෙන් සැකයෙන් ජිවත් වෙන්නේ. සුරක්ෂිත රටක් වෙලා තිබුණු අපේ රට භාරදුන්නේ නිදහස නිවහල් රාජ්‍යයක් විදියට. දැන් හෙමාකද වුනේ. අද දෙමව්පියන්ට නැවතත් පාසල් ආරක්ෂා කරන්න යන්න සිද්ධ වෙලා. දෙමව්පියෝ පොද් ප්‍රවාහන සේවයේ යන්නේ වෙන වෙනම. විපක්ෂ නායකවරයා මේ සිද්ධිය පාලනය කරන්න සම්පුර්ණ සහාය දෙන බව පවසා තිබෙනවා. පළමු සිද්ධිය වුනු අවස්ථාවේදිම ඇදිරි නීතිය දැම්මා නම් දෙමටගොඩ සිද්ධියත්, දෙහිවල සිද්ධියත් වෙන්නේ නැහැ. බෝල පාස් කරගන්නේ නැතිව සිද්ධීයේ වගකීම භාර අරන් නිදහසේ ආගම් ඇදහීමේ අවස්ථාව අදාකරන්න.

මේ රජය පහුගිය කාලයේ බලයට පත්වූ දිනයේ සිට විපක්ෂයට ගහමින් තමන්ගේ නොහැකියාව වහ ගත්තා. දිලුම් අමුණුගම මහතාව අත් අඩංගුවට අරන් පැය 12ක් ප්‍රශ්න කළා. අද ඉන්න ආන්ඩුකාරවරු තුන්දෙනෙක් ව්‍යාපාරයෙක් වෙනුවෙන් පෙනී හිටලා තියෙනවා.මේ සම්බන්ධයෙන් සොයා බලන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා

මේ කාරණය සම්බන්දයෙන් කවුද දැන්වත්ව සිටියේකියන සිද්ධීය අද ප්‍රමුඛතාවයක් අරන් තියෙනවා. හරින් ප්‍රනාන්දුට තාත්තා කිව්වාලු. නමුත් මාධ්‍ය මේ සම්බන්ධයෙන් දැනුවත්ව හිටියා. මේ ගැන රාජිත සේනාරත්න මහතාගෙන් මාධ්‍ය ප්‍රශ්න කළාම කිව්වේ අයි.එස්. අයි. එස්. සමග කිසිම සම්බන්ධකමක් තියෙන මෙරට නති බවයි. ඔහු මුස්ලිම් සමාජයත් එක්ක නිරන්තරයෙන් කතිකා කරන නිසා එවැනි ප්‍රමුඛතාවයක් තියෙනවා නම් මම දන්නවා කියලත් කියනවා. (පැරණි හඩ පටයක් මාධ්‍යයට අසන්නට සලස්වයි) විජේදාස රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන ්කැබිනෙට්ටුවේ මතු කරපු බවත් ඔහු මෙහිදීකියනවා. මේ ඇමැතිවරුන්ගෙන් මාධ්‍ය දිගින් දිගටම ප්‍රශ්න කළා. උතුරේ ආවා කල්ලිය කියමින් සැදුනු එකක් මිනිස්සු කපමින් සිටියා. කොළඹ මත් ද්‍රව්‍ය වගේම පාතාලය තිබුණා. ඒ නිසයි මාධ්‍ය මේ විදියට ප්‍රශ්න කලේ. රාජිත සේනාරත්න මහතාගේබුද්ධි අංශ තොප්පිගල අල්ලන්න දායකවුනු හැටිත් එතුමා කියලා තිබුණා.

වෙලා තියෙන්නේ රජයේ බුද්ධි අංශ අඩපන කරලා මෙවැනි කතා කියන ඇමැතිවරුන්ගේ බුද්ධි අංශ ක්‍රියාත්මක කිරිමයි. එහි ප්‍රතිඵල තමයි අපිට ලැබිලා තියෙන්නේ. මහනුවර සිද්ධිය ගැන අපි කිව්වාම මාව ප්‍රශ්න කළා. පෙර දවසේ මෙවැනි සිද්ධියක් විය හැකියි කියලා දැනුම්වත් කිරීම නිසයි මාව ප්‍රශ්න කලේ. ඔබතුමා කලින් දැන ගත්තේ කොහාමද කියලා ප්‍රශ්න කළත් සිද්ධිය මැඩපවත්වන්න ක්‍රියාත්මක වුනේ නැහැ. අවසානයේ මරණයකුත් සිද්ධ වුනා. අද මරාගෙන මැරුනු ත්‍රස්තවාදින්ගේ මුහුණු පොත්වලට ගිහින් බලන්න. මේ වෙනතුරුකිසිවෙක් ගෙන් ප්‍රශ්න කරලා නැහැ. ජනාධීපතිතුහා පැය 24යද්දි බරපතල තීරණ කිහිපයක් ගන්න බව කිව්වා. ජනාධිපති මන්දිරයේ ඔරලෝසුව නතර වෙලාද දන්නේ නැහැ. ගත්ත ක්‍රියාමාර්ගයක් නම් වාර්තා වෙන්නේ නැහැ.

එතුමා මාධ්‍ය අමතන අවස්ථාවේදි කිව්වා ඉන්දියාවේ ඔත්තු සේවය එතුමාව දැනුම්වත් කලේ නැහැ කියලා. අපි අහන්නේ අපි ඉන්දියාවේ කොලනියක්ද කියලයි. ඉන්දියාවේ රෝ ඔත්තු සේවය දැනුවත් කලොත් විතරද අපි දැනුවත් වෙන්නේ. අපිට ඔත්තු සේවයක් නැද්ද. ඉන්දියාවට තියෙන අවහ්‍යතාවය මොකක්ද අපිව දැනුම්වත්කරන්න. මේ සහරාන් කියන ත්‍රස්තවාදියාම කියලා තිබුණා මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කරන බව. කියලා තිබුනේ නැත්තේ තැන විතරයි. බුද්ධි අංශයි , ත්‍රස්තවාදියායි දෙන්නාම මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන බව කියලා තියෙනවා නම් ත්‍රස්තවාදියා තැනත් කියනකල්ද බලන්හිටියේ. දැන දැන සිදුවුනු බරපතල වගකිමක් නිසා රජයෙ ්ප්‍රධානයාගේ සිට සියලු දෙනා වගකියන්න වෙනවා. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඉන්ටර්නැෂනල් මොන දේ ලැබුණත් සතුටු වෙනවානේ. ගෝලිය ත්‍රස්තවාදය ලංකාවට ඇවිත් කියලා එතුමා බොහොම සතුටින් ප්‍රකාශ කරලා මේකට ඉන්ටර්නැෂනල් සහාය ඕන බව කිව්වා. ත්‍රස්තවාදය වුනත් ඉන්ටර්නැෂනල් නම් හොදයි. ලෝකයේ පළවෙනියටම මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරපු බයානකම ත්‍රස්තවාදී සංවිධානය ලංකාවේ එල්. ටී. ටී. ඊයයි. ඒනිසයි ලෝකයේ දරුණූතම ත්‍රස්තවාදි සංවිධානය කියන නම ලැබුනෙත්. ඒ දරුණූතම ත්‍රස්තවාදි සංවිධෘනය පරාජය කරන්න හැකි වුනේ අපේ දේශිය බුද්ධි අංශයට හා දේශීය හමුදාවට. ඇමරිකාවත් බලාගෙන ගෙන හිටියේ ආරාධනාව දෙනකල්. මේ සිද්ධිය වුනු හැටියේ අගමැති දොරවල් විවෘත කරලා එන්න අපිව අයි.එස්. එකෙන් බේරගන්න කිව්වා. මේක තමයි කුමන්ත්‍රණය. ඒ අයගේ ඇගිලි ගැසිම්වලින් හරි තව දුරටත් බලයේ රැදි සිටිමයි මේ රජයෙ ්වැඩපිළීවෙල. මේ හරහා දේශපාලනය කරනවා නෙවෙයි. අපිට පේන දේ අපි ජනතාවට දැනුම් දෙන්න ඕනේ. අපි ගරු කරනවා අගරදරුවරයාට. එතුමා කරන්න යන දේ අපිටත් කළින් ප්‍රකාශ කළා. බුද්ධි අංශ අකර්මන්‍ය කලේ සැලසුම් සහගතවයි.

සැම ආයතනයකටම යොදවලා හිටියා බුද්ධි අංශයේ නිලධාරින්ව. රාජ්‍ය, පුද්ගලික ආයතනවලට නොදන්වා සේවය කරන සේවකයෝ පිරිසක්. මේවා රජයේ සෘජු උපදේශ මත මේ කණ්ඩායම ඉවත් කළා. යුද හමුදා බුද්ධි අංශයේ නලධාරීන් 23ක් සිරභාරයට පත් කළා. ඒ අය අද ඇප මත එළියේ හිටියත් නඩුත් නැහැ. නිදහස ්කරන්නෙත් නැහැ. අද සුබසාධක කටයුතුවලයි යෙදෙන්නේ. ඒ වෙනුවෙන් පත්කරපු නව නිලධාරීන්ට මේ පිළීබදව දක්ෂතාවයක් නැති බව මේ සිද්ධිය අනාවරණය කරගන්න නොහැකි  වීමෙන්ම පැහැදිලියි. මේ වගේ සිද්ධියක් අනාවරණය වුනාම ලියුම් ලිය ලිය ඉන්නවාද. අපේ ගෙට හොරෙක් පැන්නොත් අපේ කුස්සියේ හොරෙක් ඉන්නවා ඉන්මනට ඇවිත් අල්ල ගන්න කියලා පොලීසියට ලියුම් ලිය ලිය ඉන්නවාද. ඉතා ඉක්මනින් පණිවිඩය දෙන්න ඕනේ. මේසිද්ධියේදි ලියුම් ලියලා විතරයි. මාවනැල්ල සිද්ධියේදී අත් අඩංගුවට ගත්ත සැකකරුවෙක් එක මරාගෙන මැරෙන බෝම්බකරුවෙක්. කබිර් හසිම් ඇමැතිවරයාගේ ලේකම්වරයාගේ තොරතුරකට අනුවයි මේ සිද්ධිය අනාවරණය වුනේ. ඒ පිළිබද පරික්ෂණවලිදී තමයි වනාත විල්ලුව සිද්ධීය අනාවරණය වෙන්නේ. එහිදි අත් අඩංගුවට ගත්ත පුපුරන ද්‍රව්‍ය තොගය කොළඹ නගරයෙන් භාගයක් පුපුරවා හරින්න තිබුණා. ඒ තොරතුර දුන්න කියලා මේ ලේකම්වරයාගේ ඔලුවට වෙඩි තිබ්බා.අදත් ලෙඩ ඇදේ. දැන් ඒ ඇමැතිවරයාගේ ආරක්ෂාවත් ප්‍රශ්නයක්. රෝ එකෙන් ලියුම ආවා. අරහෙට දැම්මා. මෙහෙට දැම්මා කියලා නිදහස් වෙන්න බැහැ. මාධ්‍යයෙන් ප්‍රශ්න කරලා තියෙනවා.

අදටත්නාවික හමුදාවේ 15ක් අත් අඩංගුවේ. යුද හමුදාවේ දෙන්නෙක් අත් අඩංගුවේදි ප්‍රශ්න කිරීමෙන් පස්සේ රෝහලට ගිහින් භාරදීමෙන් පසුව මිය ගිය නිසා මරණ දඩුවම හිමිවෙලා හිරේ ඉන්නවා. එල්. ටි. ටි. ටී.ඊයේ ගුවන් හමුදා ප්‍රදානියා, අයි.ටී. ප්‍රධානියා ප්‍රමාණවත් සාක්ෂි නැති නිසා කියලා මේ වෙද්දි නිදහස්කරලා. බුද්ධි අංශ නිලධාරීන් ඇප පිට සුබසාධණ කටයුතුවල. මේවා දෙස බලද්දි බුද්ධි අංශ අකර්මන්‍ය කිරීම සිතා මතා කළ බව පේනවා. රටේ ආරක්ෂාව යම් තරමකට දුර්වල කරලා රටේ ප්‍රශ්නයක් ඇති වෙනතුරුයි ඉදලා තියෙන්නේ. අගමැති තුමා ප5ශ්නයට පැනපු හැටියෙන්ම ඒක පේනවා. මේක ගෝලීය ත්‍රස්තවාදය. අපිට විදේස් සහාය අවශයයි කියද්දි. ඇමරිකාව සුදානම්. අපි අහන්නේ මේ බරහරි රටවල් ඉස්ලාමීය අන්තවාදී ප්‍රශ්න විසදන්න ගිහින් ප්‍රශ්නය විසදලා තියෙන්නේ කොහොද. හැම රටකටම ඇතුළත් වෙලා රටවල් විනාශ වෙන්න ඇරලාතියෙන්නේ. .තවමත් ඒ රටවලින් ගිහින් නැහැ. මේ අයගේ ජාත්‍යන්තර ආධාර අරන් ගොඩ ගිය රටක් නැහැ. සමහර අන්තවාදි සංවිධාන බිහිවෙන්නත් මේ අය මුල්වුනා. ඒ විදියට බිහිවුනු සංවිධාන මේ රටවල් වලින් ගෙන්වපුවාම ඇත්වෙන්නේ මොන වගේ තත්ත්වයක්ද කියලා හිතාගන්න පුලුවන්. ආරක්ෂක මන්ඩලයට පොලිස්පතිවරයා කැදවන්නේ නැහැලු. විපක්ෂයේ කණ්ඩායමක් ආරක්ෂක මණ්ඩලයේ වැඩකරන බව සරත් පොන්සේකා මහතා කියනවා. එහෙම වෙනවා නම් ඒකත් වැරදියි. ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදය පරාජය කරපු බුද්ධි අංශ හා හමුදාවන් අපිට තිබුණා. හමුදාවන්ට හැකියාව තියෙනවා නායකයින්ට බැරි බැරියාව හැදිලා තියෙන්නේ. බලයට එද්දි කතා කලේ යහපාලනය. ආර්ථීක කළමණාකරණය ගැන. ජනතාව දැන් ආර්ථික කලමණාකරණය, යහපාලනය, සංහිදියාව ගැන හොදට දන්නවා. අද වෙද්දි පන්සලට පල්ලියට යන්න බැරි තැනට සංහිදියාව ගොඩනැගිලා. මෙතනදි රජටේ ප්‍රධානීන් වෙන ජනාධිපති අගමැති අස්විය යුතුයි. අස් වෙන්න බැරිනම්මැතිවරණයකට යා යුතුයි. මැතිවරණයකින් රට ගොඩගන්න පුලුවන් නායකත්වයක් බිහිකර ගන්න අවස්ථාව හෝ ජනතාවට දිය යුතුයි. දැන් රට ආර්ථික වශයෙන් ගොඩගැනීම පස්සට දාලා රට ආරක්ෂා කිරීමට මුලපිරිය යුතුයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress