අගමැතිතුමාගේ මුලික ප්‍රශ්නයවෙලා තියෙන්නේ ප්‍රතිත්‍රස්ත පනත ගේන එකයි. ප්‍රතිත්‍රස්ත පනත ගෙනාවොත් දවල පත්‍රිකාව ගෙනාවා වගේ තත්ත්වයක් මේ රටේ ඇති වෙනවා.
Posted on May 15th, 2019

අද (21) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මාධ්‍ය හමුව

අද (21) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වු නියෝජිතයින්  

පාර්ලිමේන්තු මන්තී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ,පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුර ප්‍රියදර්ශන යාපා මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා

පාර්ලිමේන්තු මන්තී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා 

රටේ නොසන්සුන්තාවය ඇති වෙලා මසකට ආසන්නයි. නමුත් තවමත් රට අස්ථාවරයි. මේ වෙනකල් නොසන්සුන්තාවය පාලනය කර ගන්න රජයට හැකි වුනේ නැහැ. කිසියිම් තැනක සිද්ධියක් වුනු හැටියේ පොලිස් ඇදිරිනීතිය දානවා. ඊට පස්සේ රට පුරාම පොලිස් ඇදිරි නීතිය දානවා. අවසානයේ කිසිම ප්‍රතිඵලයක් නැති දිගින් දිගටම සිද්ධින් වාර්තා වෙන්න අරන් තියෙන්නේ. යම් සිද්ධියක් ඇති වුනාම ඒ ප්‍රදේශයේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පූජකතුමන් කැදවලා ප්‍රදේශයේ නොසන්සුන්තාවය සම්බන්ධයෙන් අපේ කාලයේදී වගකීම් පැවරුවා. මේ ආන්ඩුව එවැනි කිසිදු පියවරක් අරන් නැහැ. කිසිදු දිස්ත්‍රික්කයක විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් මහජන නියෝජිතයෙක් කැදවලා නැහැ. මේක ආන්ඩුවේ නොහැකියාවයි. 

මීට පෙර බුද්ධි අංශයේ කිහිප දෙනෙක් අත් අඩංගුවට ගත්තාට ප්‍රශන්යක් නැහැ කියලයි ආන්ඩු පක්ෂයේ අය කිව්වේ. නමුත් මේ වෙද්දි හමුදාපතිවරයා පුවත්පතකට ප්‍රකාශ කරලා තියෙනවා බුද්ධි අංශ දුර්වල වීම මේ ප්‍රශ්නයට මූලික හේතුව කිව්වා. පහුගිය කාලයේම ආන්ඩුවේ ඇමැතිවරු කලේ පරස්පර විරෝධී ප්‍රකාශ. එක ඇමැතිවරයෙක් පාසල් පටන් ගන්න කියද්දි අනෙක් හිටපු හමුදාපතිවරයා කියනවා මගේ පරිපාලනයක් යටතේ නම් මේක කරන්නේ නැහැ කියනවා. ජනතාව පිළිගන්නේ හිටපු හමුදාපතිගේ, වත්මන් හමුදාපති, ආරක්ෂක අංශ කියන දේයි. එක ඇමැතිවරයෙක් කියනවා මේක සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියාලා. ජනතාව පීඩනයට පත්වෙලා ඉන්න වෙලාවකයි ඇමැතිවරු ඇවිත් මේ වගේ කතා කියන්නේ. ඇමැතිවරුන් මේ වගේ අදහස් ප්‍රකාශ කළාම කුපිත වෙන්නේ නැති මිනිස්සුත් කුපිත වෙනවා. 

දැන් එක්සත් ජාතික පෙරමුනේ ඇමැතිවරු විවිධ දේට සූදානම් වෙනවා. වැඩි දවසක් යන්න කළින් එක්සත් ජාතික පෙරමුනේ ඇමැතිවරයෙක් ආණ්ඩුවෙන් එලියට බැහැලා ජාතික බලවේගයකට මිනිස්සු ගොනු කරන්න උත්සාහ කරනවා. ඒ ඇමැතිවරයාම කියනවා ආන්ඩුවේ නායකයින්ට කොන්දක් නැත්නම් ඔවුන් ඉවත් වෙන්න ඕනේ. නැත්නම් අපි ඉවත් කරනවා කියලා. රටේ ප්‍රශ්නයට විසදුමක් හොයන්න කිසිවෙක් උත්සාහ කරන්නේ නැහැ. රටේ ජනතාව ආණ්ඩුව කියන දේ අහන්නෙත් නැහැ. ඇමැතිවරු අහන්නෙත් නැහැ. පසුවෙල මන්ත්‍රීවරු විවිධ දේ කියනවා. මේක තමයි ආන්ඩුවේ නොහැකියාව කියන්නේ. 

මිට වසර ගාණකට පෙර මෙරට ඇමැරිකාවේ තානාපති රොබට් බ්ලේක් මහතා ඒ වෙලාවේ රාජපක්ෂවරුන් හා අපේ ආණ්ඩුව ගැන ප්‍රකාශ කරපු ආකාරය අපි දන්නවා. දැන් කියන්නේ මොනවාද? මේකට පරිපාලනයක් ඕනේ. ඒ කාලයේ මේ වගේ සිද්ධීන් ඇති වුනාම ඒ සිද්ධීන්වලට නායකත්වයක් දෙන්න අය හිටියා. ඒ වගේ නායකත්වයක් රටට අවශ්‍යයිලු. 

ආන්ඩුවට වත්මන් තත්ත්වය කිසිසේත් පාලනය කර ගත නොහැකි බව පැහැදිලියි. භාරකාර ආණ්ඩුවක් යටතේ මැතිවරණයකට යන්න ඕනේ. නැත්නම් ආන්ඩුවේ නායකයෝ ඉල්ලා අස්වෙලා රට කරන්න පුලුවන් කෙනෙකුට දෙන්න ඕනේ. අගමැතිතුමාගේ මුලික ප්‍රශ්නයවෙලා තියෙන්නේ ප්‍රතිත්‍රස්ත පනත ගේන එකයි. ප්‍රතිත්‍රස්ත පනත ගෙනාවොත් දවල පත්‍රිකාව ගෙනාවා වගේ තත්ත්වයක් මේ රටේ ඇති වෙනවා. මේ පනත් කෙටුම්පත ගෙනාවොත් හදිසි නිතිය තිබුණා කියලා නැතිව වෘත්තීය සමිති, වෛද්‍යවරු, වෘත්තිකයින් එළියට බහිනවා. අගමැතිතුමාට රට තවත් අවුල් කරන්න ඕනේ නම් ප්‍රතිත්‍රස්ත පනත ගෙන්න. රට් ප්‍රධානම දේ ප්‍රතිත්‍රස්ත පනත නෙවෙයි. 

මේ වෙලාවේ ජාතික ප්‍රශ්නයක් ඇති නොකර ඉවසීමෙන් ඉන්න කියලයි අපි ඉල්ලා සිටින්නේ. සිංහල, දෙමළ මුස්ලිම් සියලු ජනතාව එක සංස්කෘතියක් යටතේ අපි හිටියා. සාමකාමී වෙන්න. මේ ආන්ඩුවට තව මාස හයයි තියෙන්නේ. එතෙක් අපි මේ ආණ්ඩුවට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අපේ සහාය දෙනවා. හදිසි නිතිය යටතේ ඇදිරි නිතිය ගැසට් කලේ නැහැ.හදිසි නීතිය යටතේ ඇදිරි නීිතිය දවස් දෙකක් හරියට දැම්මා නම් මේ තත්ත්වය රටේ ඇති වෙන්නේ නැහැ. මේ අය බලන්නේ ඡන්ද පදනම රැක ගැනිම විතරයි. මේ විදියට ආන්ඩුවට වැඩිකල් යන්න බැහැ. ඉතිහාසය පුරාම ඇති නොවුනු ප්‍රශ්නයක් මේක. කරුණාකරලා විවිධ මත ප්‍රකාශ නොකර මේ ප්‍රශ්නය විසදන්න. ආන්ඩුව කිව්වත් මිනිස්සු වැඩට එන්නේ නැත්නම්, දරුවා පාසලට එවන්නේ නැත්නම් ආන්ඩුව ගැන ජනතාවට විශ්වාසයක් නැති බවයි පේන්නේ. 

■             ආන්ඩුවේ ඇමැතිවරයෙක් රටේ ප්‍රදාන ආගම බුද්ධාගම නෙවෙයි කීම ගැන කණගාටු වෙනවා. ඒක අමනෝඥ ප්‍රකාශයක්.

■             ආන්ඩුවේ දුර්වලතාවය නිසා ගොඩ නැගුණු වහාබ් අන්තවාදින් රටෙන් පිටකරන හෝ නඩු අසා නිතියෙන් කටයුතු කරන ශක්තිමත් රජයක් බිහිවේවා කියලා ප්‍රාර්ථනා කරමු

පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුර ප්‍රියදර්ශන යාපා මහතා 

හිටපු එක්සත් ජනපද තානාපතිවරයෙක් ලංකාව ජාත්‍යන්තර වශයෙන් කෙරම් වැදගත්ද කියන දේ ප්‍රකාශ කළා.මුහුදු මාර්ගයක් ආසන්නයේ, ස්ථානීය වශයෙන් වැදගත්, උපක්‍රමික ස්ථානයක පිහිටි දිවයිනක් නිසා සියලු දෙනා අපේ රටට ඇහැගහගෙන සිටින බවයි ප්‍රකාශ කර තියෙන්නේ. රාජ්‍යයන්වල අස්ථාවර ඇති කිරීමට වහාබ්වාදය භාවිතා කරලා තියෙනවා. නමුත් අරාබිය වහාබ්වාදය භාවිතා කරලා තියෙන්නේ ස්ථාවරභාවය ඇති කරන්නයි. අපේ රටේ ඇති වුනේ වහාබ්වාදය විසින් පෝෂණය කරපු ලංකාවේ ඇතිවූවක්. මේ වගේ ප්‍රශන්යක් බංගලා දේශයේ ඇති වුනා. ඒ අවස්ථාවෙදි ඇමරිකාවේ යුද හමුදා දකවුරක් ඇති කරන්න දූපතක් දෙන්න කියලා දැඩි බලපෑමක් බංගලාදේශයට සිදු කළා. එදා බංගලාදේ්‍ය අගමැතිනිය ඥාණාන්විතව ඒ තත්ත්වය වැලැක්වුවා. අපේ රජය මොකද කරන්නේ. ඔත්තු සේවා දියුණූ කරලා වහාබ්වාදය මැඩ පැවැත්විය යුතුයි. රජයට වැඩපිළීවෙලක් නැති බව පේන නිසා ජනතාව දරුවෝ පාසල් යවන්නේ නැහැ. රාජකාරිවලට යන්නේ නැහැ. මේක පාලකයින්ගේ තියෙන අදක්ෂකම. පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ කැදවිමක්කරලා වගකිම් පැවරිමක් අපේ පළාතේ නම් මෙතෙක් වුනේ නැහැ. මට කිසිම කැදවිමක් වුනේ නැහැ. අපේ පළාතේ ඇති වුනු සිද්ධීන් ගැන කණගාටු වෙනවා. දේශපාලන වශයෙන් කවුරුත් සම්බන්ධ වුනේ නැහැ. ආනඩුවේ ක්‍රියාකළාපය ගැන කළ කිරිම හෝ පිටින් පැමිණ කරපු දෙයක් කියලයි මම හිතන්නේ. පුද්ගලයෝ කිහිප දෙනෙක් මරාගෙන මැරුණා වුනත් මෙයට උදව් කරපු පිරිස් ආරක්ෂක අංශ වලටමින් සිටිනවා. පරිගණක දැනුමක් ඇති පුද්ගලයෙක් ලංකාවේ හා ඉන්දියාවේ සියලු දෙනා සම්බන්ධ කිරීමක් කර තියෙන බවත් ඔහු අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවත් කියැවෙනවා. මෙවැනි අවස්ථාවක බුද්ධි අංශ පුලුල් කර බුද්ධි අංශ ඒකාබද්ධ කළ යුතුයි. ඒක හිටපු ඇමැරිකානු තානාපතිවරයාත් කියලා තියනවා. පහුගිය කාලයේ ඔත්තු සේවා ඒකාබද්ධ කරලා තොරතුරු ගත්තා කියලා. 

මේ වගේ ත්‍රස්තවාදයක් නැති කරන්න පුලුවන් වෙන්නේ ඔත්තු සේවා පුලුල් කිරීමෙන් පමණයි. පහුගිය කාලයේ යුද හමුදා ඔත්තු සේවවන්ගෙන් කිසිම ප්‍රයෝජනයක් ගෙන නැති බව විශේෂඥයෝ පවසනවා. මේ රජය දිගින් දිගටම රට තුල විශ්වාසය ඇති කරන්නත්, ප්‍රශ්නයට විසදුමක් ගේන්නත් අසමත් වෙලා. මේකට ජාත්‍යන්තර අදව් උපකාර වෙනුවට මෙවැනි තත්ත්වයන් නිර්මාණය වීම වැලැක්වීමට අපේමක්‍රමවේදයන් සකස් කළ යුතුයි. රටේ කළබල ඇති කිරීම වෙනුවට සාමයෙන් නැවත ත්‍රස්තවාදය වැලැක්වීමේ ක්‍රියාමාර්ගවගට යන්න ඕනේ. මේ රජයට මහජන විශ්වාසයක් නැහැ. මුස්ලිම් ඇමැතිවරු රටේ තත්ත්වය තේරුම්ගෙන සුපුරුදු පරිදි ක්‍රියා නොකර ඉන්න ඕනේ. ඔවුන් හේ අන්තවාදය ගැන රජයට දැන්වූයේ නැහැ. ඔවුන් කලේ ඔවුන්ගේ දේශපාලන පක්ෂ පෝෂණය කිරීම හා ඔවුන්ගේ උදර පෝෂණය කිරීමත් පමණයි. මුස්ලිම් ජනතාවට අවශ්‍ය නිවැරදි නායකත්වයක් දුන්නේ නැහැ. ඒ නිසයි මේ තරම් දේශකයෝ ලංකාවට එන්නේ. ළමයින්ට ආගම උගන්වන වෙනම විශ්ව විද්‍යාල එන්න කොහොමද? සහරාන් වැනි අන්තවාදින් පිරිසක් නිර්මාණය වෙන්න විදියක් නැහැ ඔවුන් නිවැරදි නායකත්වයක් මුස්ලිම් සමාජයට දුන්නා නම්. අදටත් ඔවුන් මෙහි නිවරදි තත්ත්වය තමන්ගේ ජනතාවට පෙන්විමට ඉදිරිපත් වුනේ නැහැ. මුනිවත රකිමින් තමන්ගේ උදර පෝෂණය සදහාම කටයුතු කරනවා විතරයි. 

ඉංග්‍රිසින් උඩරට පළාත් යටත් කරගත් අවස්ථාවේ ගිවිසුමකට ආවා. ඒ ගිවිසුමේ ප්‍රධාන වාක්‍ය  වුනේ ලංකාවේ බුද්ධාගම ආරක්ෂා කරනවා පෝෂණය කරනවා කියනඑක. ඒකෙන් පස්සේ ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවලටත් මේ වාක්‍ය ඇතුළත් වුනා. බුද්ධාගම තියෙන රටවල් වල අනෙක් ආගම් වර්ධනයට බාධාවක් තිබුනේ නැහැ. පහුගිය කාලයේ අලුතින් පල්ලි මොනතරම් ඇති වුනත් බාධා ඇති වුනේ නැ. ආණ්ඩුවේ ඇමැතිවරයෙක් රටේ ප්‍රධාන ආගම බුද්ධාගම නෙවෙයි කීම ගැන කණගාටු වෙනවා. අමනෝඥ ප්‍රකාශයක්. බුද්ධාගම ප්‍රධාන ආගමයි. අනෙක් ආගම්වලට හානි නොවන මැදිහත් ආගමක්. මේවා අපව දුකට පත්කරන කතාවල්. ආන්ඩුවේ දුර්වලතාවය නිසා ගොඩ නැගුණු වහාබ් අන්තවාදින් රටෙන් පිටකරන හෝ නඩු අසා නිතියෙන් කටයුතු කරන ශක්තිමත් රජයක් බිහිවේවා කියලා ප්‍රාර්ථනා කරමු. 

■             මංගල සමරවිර කියන්නේ පුංචි බබෙකේ නෙවෙයි. දැනදැනම බෞද්ධ ජනතාව අවුස්සන අරමුණින් ප්‍රකාශ කරනවා

■             පාඨලී චම්පික අලුත් පාරක යන්න හදන්නේ

■             මේ අයට ජාතික මගක් නැහැ. ඒ අයගේ මග හදාගන්නයි බලන්නේ. 

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා 

බෝම්බ පිපිරීමෙන් පස්සේ රටේ කළඹලයක් ඇති වෙයි කියලා ආණ්ඩුව බාලපොරොත්තු වුනත් කාදිනල්තුමන් සාමය ඇති කිරීමට පෙරමුණ ගත්තා. තමන්ගේ අයට ප්‍රාහරයක් වෙලා තියෙන අවස්ථාවක රඑතුමා ඉවසිලිවන්තව ක්‍රියා කිරීම අගය කරනවා. අපේ ජනතාවත් ඉවසිලිවන්තව හිටියා. තිස් අවුරුදු යුද්ධයක අත් දැකීම් ජනතාවට තියෙන නිසා ජනතාවත් ප්‍රචණ්ඩත්වයට ගියේ නැහැ. නමුත් ආන්ඩුවට අවශ්‍ය වුනේ ප්‍රචණ්ඩත්වය ඇති කරන්නයි. ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයාගේ කාර්ය මණ්ඩලයේ පිරිසක් ජනාධිපතිවරයාට එරෙහි ලිපියක් පන්සල්වලට යවන්න උත්සාහ කළා. මංගල සමරවිර කියන්නේ පුංචි බබෙකේ නෙවෙයි. දැනදැනම බෞද්ධ ජනතාව අවුස්සන අරමුණින් ප්‍රකාශ කරනවා . මිහිදු මහ අරතන් වහන්සේ බුද්ධාගම අරන් ඇවිත් වසර 2500ට වැඩියි. පෘතුග්‍රීසීන්ගෙන් පස්සේ ක්‍රිස්තියානු ආගම පැතිරුණා’. වෙලදාමේ ආපු මුස්ලිම් අයගෙන් ඉස්ලාම් ආගම ප්‍රචාරය වුනා. මේවා ඉතිහාසය දන්න කුඩාම දරුවෝ වුනත් දන්නවා. මංගල සමරවීර හිතාමතාව අවුස්සන්නයි මේ ප්‍රකාශ කරන්නේ. දැන් ප්‍රකාශයක් කරනවා කිසියම් පක්ෂයක් මේ තතත්වයට වග කියන්න ඕනෙලු. එතුමා කණ්නාඩියක් ඉස්සරහට ගිහින් බැලුවා නම් හරි. ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ බොර දියේ මාලුබාන්නයි. මැතිවරණය දැන් කිට්ටුයි. අවුරුදු හතරහමාරක් රට විනාශ කරලා ගමට යන්න බැරිව ඉන්න නිසා බොරදියේ මාලු බාන්න යන්නේ. මැතිවරණය කල් දාන්න ලැබෙන්නේ නම් නැහැ. ජවිපේ කැරැල්ල කාලේ ඡන්දය කල්දාන්න පුල්වන්කමක් තිබුණා නම් ජයවර්ධන මහත්තයා ඒකත් කරනවා. බෝම්බ ගහද්දි ගිහින්ලයි ඡන්දෙට මුහුණ දුන්නේ. ඒ උප්පරවැට්ටිය තමයි මේ අය යොදමින් ඉන්නේ. ත්‍රස්තවාදීන් ප්‍රශ්න කරන්න භාරදුන්නත් පැයක් දෙකක් යද්දි අත හරින්නේ විශාල දේශපාලන බලපෑමක් වෙන නිසා. 1971 කැරැල්ල කාලෙදිවත්, යුද්ධය සමයේදීවත් මේ විදියේ දේශපාලන අත පෙවීම් සිදු වුනේ නැහැ. අවශ්‍ය අයගෙන් ප්‍රශන් කරන්නේ නැති නිසයි නිවිලා තිබුණ තත්ත්වයෙන් නැවතත් ගිණිදැල්වුනේ. කාදිනල්තුමා කිව්වා මිනිස්සු පාරට බහින්න කලින් නිතිය ක්‍රියාත්මක කරන්න කියලා. චම්පික රණවක් ඇමැතිවරයා ජාතික මග කියලා අලුත් මුහුණුවරකින් එන්න සූදානම් වෙනවා. ඡන්දෙට මාස කිහිපයක් තියලා බොරු බේගල් කියලා මහින්ද රාජපක්ෂ ආන්ඩුව පෙරලන්න අනෙක් පැත්තට පැන්නා. සිංහල බෞද්ධ ඡන්ද ටික ගන්නයි මේ අලුත් මගක් හදන එලියට බහින්න යන්නේ. මේ වෙනකල් ආන්ඩුව හොදයි. ඡන්දේ ලංවෙද්දි හොද නැහැ. පරදින බව දන්න නිසා වෙන මාර්ගයකින් ජනතාව මුලා කරන්නයි යන්නේ. මේ අයට ජාතික මගක් නැහැ. ඒ අයගේ මග හදාගන්නයි බලන්නේ. 

සංචාරක ක්ෂේත්‍රයට සහන දෙනවා කිව්වාට දැන් කියනවා ලියාපදිංචි අයට විතරයිලු සහන දෙන්නේ. ඉතිහාසයේ පළමුවරට දින තුනක් කල් තැබීමේ යෝජනාවක් සාකච්ඡාවට ගත්තා. ඒ කතා කරපු කිසිවක් අද කෙරෙන්නේ නැහැ. සංචාරක කර්මානත්යේ යෙදිලා ඉන්න අය රවටන්නේ නැතිව ව්‍යාපාරිකයින්ට සහන දෙන්න. සංචාරකයින්ට හොදම රට කිව්වේ අපේ රටයි. සංචාරක ව්‍යාපාරය විනාශ කරන්න එපා කියලයි අපි ඉල්ලා සිටින්නේ. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress