“බොරු ප්‍රදර්ශන එපා, මරණ දඩුවම ප්‍රකාශිත නීතියෙන් ඉවත් කරන්න.”
Posted on July 2nd, 2019

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ වැඩබලන විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සඳහා විධායක ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අහෝසි කර දැමිය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය කියයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ විධායක ජනාධිපතිවරයකුට පැවරී ඇති බලතල අතර ඇති මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ලැබෙන බලතල අතිශය භයානක බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ වැඩබලන විධායක අධ්‍යක්ෂිකා සුරංගී ආරියවංශ මහත්මිය පවසයි.

මානව හිමිකම් ස්වේච්ඡා ක්‍රියාකාරිකයින් පිරිසක් සමඟ ඊයේ (30)රාජගිරියේ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ දී පැවැති වැඩමුළුවක් අමතමින් ඇය මේ බව කියා සිටියාය. එහිදී ඇය පෙන්වා දුන්නේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමේ විධායක බලතල සීමා කිරීමේ හැකියාව ව්‍යවස්ථාදායකය සතුවන බවයි. පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත මත මෙම බලතලය අහෝසි කළ හැකි බව ඇය සඳහන් කළාය.

1976 වසරින් පසුව ශ්‍රී ලංකාව මරණ දඩුවම ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ජාත්‍යන්තර පැසසුමට පාත්‍ර වී ඇති අතර මරණ දඩුවම ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් 2016 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවකට ද පක්ෂව ශ්‍රී ලංකාව ඡන්දය ප්‍රකාශ කර තිබේ. ලොව ශිෂ්ට සම්පන්න ප්‍රජාතන්ත්‍රික රටවල් සියල්ලම පාහේ මරණ දඩුවම අහෝසි කර දමා ඇති වකවානුවක යළි මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය කිසිසේත්ම අනුමත කළ නොහැකි බව ආරියවංශ මහත්මිය පෙන්වා දුන්නාය.

සෞදි ආරාබිය වැනි රටවල මරණ දඩුවම ක්‍රියාත්මක කරන නමුත් අපරාධ සිදුවීම නතරවී නොමැති බව පෙන්වා දුන් ආරියවංශ මහත්මිය කියා සිටියේ ලොව අනිකුත් රටවල් දිනෙන් දින සමාජයීය වශයෙන් වේගයෙන් ඉදිරියට යමින් සිටින යුගයක ශිෂ්ටත්වයේ සිට අශිෂ්ටත්වය දක්වා සමාජය පසුපසට රැගෙන යාමේ තීන්දුවක් ලෙස මෙම තිරණය සැලකිය හැකි බවයි. මත් උවදුර සහ ළමා අපචාර බරපතල සමාජයීය ගැටළුවක් බවත් මරණ දඩුවම වැනි ක්ෂණික විසඳුම් මඟින් ඊට පිළියම් සෙවිය නොහැකි බවත් ඇය සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා පවතින නීති රීති පද්ධතිය විධිමත් කිරීමේ වගකීම පසෙක තබා වරදකරුවන් එල්ලා මැරීමෙන් විසඳුම් අපේක්ෂා කළ නොහැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි. ලොව කිසිදු රටක එල්ලා මැරීමෙන් හො ඝාතනය කිරීමෙන් මත්ද්‍රව්‍ය වැනි ජාවාරම් මර්ධනය කර ඇති බවට කිසිදු සාක්ෂියක් නෙමැති බව සඳහන් කරන ඇය කියා සිටින්නේ මත් ජාවාරම් පසුපස සිටින දේශපාලඥයින් පිළිබඳ සොයා බලා කටයුතු කිරීම පසෙක තබා වරදකරුවන් එල්ලා මැරීමට තීරණය කිරීම හුදු ජනප්‍රියත්වය සඳහා ගත් දේශපාලනික තීන්දුවක් බවයි.

ශ්‍රී ලංකාව තුළ යුක්තිය පසිදලීමේ ක්‍රමවේදය පිළිබඳව වන විශ්වාසය පළුදු වී ඇති මෙවන් වකවානුවක මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම පසුපස ඇති පක්ෂපාතීත්වය පිළිබඳව බරපතල සැකයක් මතුවිය හැකි බව පෙන්වාදෙන සුරංගී ආරියවංශ මහත්මිය අවධාරණය කරන්නේ ඕනෑම පාලකයෙකුට සිය විරුද්ධවාදියෙකු වරදකරුවෙකු කර මරා දැමීමේ අත්තනෝමතික බලයක් මේ ඔස්සේ ගොඩනැගෙන බවයි.

මාධ්‍ය ඒකකය
ශ්‍රී ලංකා මානව හිමිකම් ‍කේන්ද්‍රය
2019/07/02

3 Responses to ““බොරු ප්‍රදර්ශන එපා, මරණ දඩුවම ප්‍රකාශිත නීතියෙන් ඉවත් කරන්න.””

  1. aloy Says:

    Another bleeding heart NGO crying, probably in collusion with drug mafia.

  2. Randeniyage Says:

    මරණ දඩුවම ක්‍රියාත්මක කළ යුත්තේ විධායක ජනාධිපති ධූරයටයි.

  3. Dilrook Says:

    Not true.

    Existing law are more than sufficient.

    The problem is not implementing the law in full which clearly specifies the death penalty to drug dealers, those who are in the possession of certain narcotics over 2g, etc.

    Those who want to stop the implementation of the law (which includes the death penalty) are (intentionally or unintentionally) opposed to law against those crimes.

    Sri Lanka should not re-invent the wheel. Just do what the law says.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress