වඳ දොස්තර (තවත් කොටසකි)
Posted on July 6th, 2019

කතු වැකිය උපුටා ගැන්ම දිවයින

wada

කුරුණෑගල රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය ෂාෆි සහාබ්දීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව උසාවියට ඉදිරිපත් කළ වාර්තාව යළි විමර්ශනය කළ යුතු බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් සඳහන් කරනු ලැබ ඇත. දැනට කොළඹ සී. අයි. ඞී. බිල්ඩිමේ හතරවන තට්ටුවේ නැවතී සිටින (රඳවාගෙන සිටින) අති ධනවත් වෛද්‍ය ෂාෆි සහබ්දීන් සම්බන්ධයෙන් කුරුණෑගල උසාවියේ පැවැති විභාගයකදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කෙරෙනු ප‍්‍රකාශ කිහිපයක් සලකා බැලීමෙන් පසු උන්වහන්සේ ඉහත සඳහන් යෝජනාව ඉදිරිපත් කළහ. වරකට සිසේරියන් සැත්කම් දෙක බැගින් දෑතින් කිරීමට තරම් දක්‍ෂකම් ඇති අසහාය වෛද්‍යවරයකු වූද, කුරුණෑගල රෝහලේ සේවය කරන අතරම ඡුන්දය ඉල්ලා පැරදී සියලූ සම්ප‍්‍රදායයන් බිඳ දමමින් කැබිනට් පත‍්‍රිකාවක් හරහා ආපසු එම රෝහලටම පැමිණියා වුද, දොස්තර ෂාෆි වෛද්‍ය වෘත්තිය පටන් ගත් කාලයේ සිට සී. අයි. ඞී. යේ තාවකාලික පදිංචියට පැමිණි කාලය දක්වා ගත වූ කාල අන්තරය තුළ සිසේරියන් සැත්කම් 8000 ක් කළ බව හෝ සැත්කම් 8000 ක් කිරීමට සහාය වූ බව කියනු ලැබේ. ඒ ගණන් හිලව්වලට අනුව නම් ෂාෆි ජාතියේ පිනට පහළ වූ දොස්තර කෙනකු බව හැඟී යතත් ඔහු සිංහල මවුවරුන්ගේ පැලෝපීය නාළය මිරිකා ඔවුන් වඳ කර ඇති බවට ආරංචි වීමත් සමඟම සියලූ ජනයා තුළ මහත් සංවේගයක් හට ගත්තේය.

එතැන් සිට සිදු වූ සියලූ දේ මුළු රටම දනී. කුරුණෑගල රෝහලේදී දොස්තර ෂාෆි වෙතින් සැත්කම්වලට භාජනය කෙරුණ දහස් ගණන් මවුවරු තමන්ට දෙවනවර දරු පිළිසිඳ ගැනීම් නැති බව කියමින් එම රෝහලට එන්නට පටන් ගත්හ. එවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් ‘දිවයිනෙන්’ ප‍්‍රශ්න කරන්නට පටන් ගත්තේය. සී.අයි.ඞී.ය යනු අති දක්‍ෂ නිලධාරීන්ගෙන් සමන්විත ආයතනයකි. වසර 2015 මැයි 13 වනදා යාපනයේදී දූෂණය කර මරන ලද සිවලෝගනාදන් විiා නමැති සිසුවියගේ මිනීමරුවන් අල්ලන ලද්දේ ද මෙම දෙපාර්තමේන්තුවය. පාස්කු බෝම්බය පුපුරා පැය හතරක් ඇතුළත සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අල්ලන ලද්දේ මෙම දෙපාර්තමේන්තුවය. එසේ නම් දොස්තර ෂාෆි සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තාව නැවත විමර්ශනය කළ යුතු බව පූජ්‍ය අතුරලියේ රතන හාමුදුරුවන් වහන්සේ කියන්නේ ඇයි? අපගේ වැටහීමට අනුව එයට ප‍්‍රධාන හේතුවක් තිබේ. ෂාෆිගේ සිද්ධිය හෙළිදරව් කිරීමෙන් පසු මේ රටේ ඇති පිටපත් දෙතුන්දහස බැගින් විකිණෙන ඇතැම් (වි)ජාතික පුවත්පත් ‘දිවයින’ට පහර දෙන්නට පටන් ගත්තේය. එම පුවත්පත්වලට හඬක් නැතත් එම පහරදීම්වලින් වැඩිහරිය හඬක් නැති ඇතැම් අධෝවාත මෙන් මහත් සේ ගන්ධස්කාරයෙන් පිරී තිබිණ. ඒ අතර ෂාෆිගේ පුද්ගලික අන්තේවාසිකයෝ ද, ඔහුගෙන් අලූතෙන් යැපෙන්නට පටන් ගත් අය ද ‘දිවයින’ට එරෙහිව මතවාදයන් පැතිරවීමට පටන් ගත්හ. එහිදී මේ රටේ සිංහල බෞද්ධ ජනතාවට සහ ඔවුනගේ මතවාදය නියෝජනය කරන ‘දිවයින’ වෙනුවෙන් පාර්ශ්ව කිහිපයක් නැගී සිටියහ. පළමු පාර්ශ්වය දේශපේ‍්‍රමී සාමාන්‍ය ජනයා ය. ඊළඟ පාර්ශ්වය රට ජාතියට සහ ආගමට ලැදි දේශපාලනඥයන් ස්වල්ප දෙනෙක් ය. තුන්වන පිරිස බෞද්ධ භික්‍ෂූහු ය. ඉනුත් අතුරලියේ රතන හිමි ප‍්‍රමුඛය. 

 
 ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගැන ආරංචියක්වත් නැත්තේ උන්වහන්සේ බන්ධනාගාරයේ වැඩ සිටින නිසා විය යුතුය. (සමාවෙන්න, උන්වහන්සේ බන්ධනාගාරයෙන් නිදහස් වූ බව මේ දැන් අපට මතක් විය.) එමතුද නොව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි ද දිවයින වෙනුවෙන් කතා කළහ. කුරුණෑගල රෝහලේ වෛද්‍ය අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සරත් වීරබණ්ඩාර සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය චන්දන නැදුන්ගමුව සිංහල ජාතියේ පැවැත්ම උදෙසා ඉදිරිපත් වෙමින් අධිකරණය ඉදිරිපිට කරුණු ගොනු කළහ.
 
 මේ අතර වැඬේ අල විය. ඒ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ගරු අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් කියූ කතාවක් හේතුවෙනි. ‘වඳ දොස්තර’ ගැන ‘දිවයින’ ඉදිරිපත් කළ පුවත වැනි ව්‍යාජ පුවත් නිසා කම්පාවට පත් වී ඇස්වලට කඳුළු නගාගත් වෛද්‍යවරයකු ගැන එම නිලධාරියා අධිකරණයට කීවේය. මෙම කාරණය ගරු අධිකරණයේදී විභාග වූ සිද්ධියට කොතරම් දුරට බලපාන්නේ ද යන්න ගැන අපි නොදනිමු. එය පක්‍ෂග‍්‍රාහී ප‍්‍රකාශයක් බව පමණක් කෙනෙක් කියනු ඇත. අප පොලිස්පතිතුමාගෙන් සහ ජනාධිපතිතුමාගෙන් විමසන්නේ රජයේ නිලධාරියකු මේ ආකාරයෙන් බොළඳ ප‍්‍රකාශ කර අවමානයට සහ සැකයට ලක්විය යුතු ද යන්නය. අප මේ ලියන ටික පවා ඉතා බරපතළ ලෙස අපේ අවාසියට හේතු විය හැකි බව අපි දනිමු. එහෙත් ජනාධිපතිතුමා මේ කාරණය ගැන ඇත්ත දැන ගත යුතු බව පමණක් අවසන් වශයෙන් ලියමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress