19ට ජනපති උසාවියට!
Posted on July 6th, 2019

දේශපාලන වාර්තාකරු උපුටා ගැන්ම දේශය

තීරණාත්මක දේශපාලන ප්‍රශ්න ගණනාවක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මත විමසුමක් සිදු කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇතැයි ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සඳහා වන සුබ දිනයක් පවා පසුගිය සතියේ මෙරට ප්‍රධාන පෙළේ දෛවඥයන් ගණනාවකගෙන් ජනාධිපතිවරයා විමසා තිබිණි.

දේශයට වාර්තා වන ආකාරයට ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමට සැරසෙන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේදී ජනමත විචාරණයක් මගින් සම්මත කරගත යුතු යැයි අධිකරණය නියම කළ සමහර වගන්ති සාමාන්‍ය 2/3 බහුතරයකින් සම්මත කර ඇති නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය තවදුරටත් වලංගුද යන්නයි.

යම් හෙයකින් 19 වැනි සංශෝධනය මේ හේතුව නිසා බල රහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළහොත් නැවතත් 18 වැනි සංශෝධනය ක්‍රියාත්මක වන අතර ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 6ක් දක්වා දිගුවෙයි. ඒ සමඟ මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට තරග කිරීමට තිබූ බාධකයද අවසන් වෙයි.

මේ හැර පළාත් සභා ඡන්දය ආණ්ඩුව විවිධ තාක්ෂණික හේතු නිර්මාණය කොට ප්‍රමාද කර ඇති නිසාත්, මැතිවරණ කොමසාරිස්වරයා ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති නිසාත් පළාත් සභා මැතිවරණය පැරැණි ක්‍රමයට හෝ පැවැත්වීමට නීතිමය අවකාශයක් තිබේද යන්තත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසනු ඇතැයිද සඳහන් වේ.

මෙම මත විමසීම් ගැන දින 14ක් තුළ තමන්ට තීරණය ලබා දෙන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටීමටත් අපේක්ෂිත බව වැඩිදුරටත් කියැවේ. මෙම මත විමසුමේ තීන්දුව ලද පසු කිසියම් හදිසි මැතිවරණයක් කරා යොමුවීමේ වාසි අවාසි ගැනද ජනාධිපතිවරයා සිය සමීපතම උපදේශකයන් සමග සාකච්ඡා කර ඇත. එම මත විමසුම් දෙකට අදාළ ලිපි ලේඛන ලබන සතියේ ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකරනු ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියයි.

One Response to “19ට ජනපති උසාවියට!”

  1. Dilrook Says:

    Remove 13A before 19A.

    Sri Lanka can survive with 19A but cannot survive with 13A.

    Ranil is PM only for a few more months. In most cases the president and the PM are from the same party. So 19A is no big deal.

    13A has divided the country into 9 pieces and divided the Sinhalese into 7 provinces.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress