ඇමෙරිකානු ආරක්ෂක වුවමනාවට ආණ්ඩුව සේවක අයිතීන් අහෝසී කිරීමේ තදියමක
Posted on July 10th, 2019

මාධ්‍ය නිවේදනය නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය

‘‘ඒකීය රැුකියා නීතිය’’ මැයෙන් තවමත් ප‍්‍රසිද්ධකර නොමැති සහ පසුගිය අගහරුවාදා (ජුලි 09* ජාතික කම්කරු උපදේශන සභාවට ඉදිරිපත් කළමුත් සාකච්ඡුා නොවුනු ‘‘තනි කම්කරු නීති’’ කෙටුම්පත පිළිබඳව අපි කම්කරු සබඳතා ඇමත්ි ඇතුලූ අදාල පාර්ශව හමුවේ අපගේ කණස්සල්ල හා විරෝධය පසුගිය අවුරුද්ද පුරා සටහන් කර ඇත්තෙමු. ඒ අතර, හාම්පුතුන් සහ කම්කරු දෙපාර්තමේන්තුවේ ඉහළ බලධාරීන් එම පනත් කෙටුම්පත වෙනුවෙන් සහාය ලබා ගැනීමේ වෑයමක නිරත වන්නාහ. ඉතා කෙටියෙන් කියන්නේ නම්, දැනට පෞද්ගලික අංශය සඳහා පවතින කම්කරු නීති අණ පනත් 54 වෙනුවට ‘‘ඒකීය කම්කරු නීති’’ කෙටුම්පතක් සැකසීම සඳහා සංවර්ධන උපාමාර්ග සහ බාහිර වෙළඳාම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ඇමෙරිකානු ‘‘යූඑස්ඒඞ්’’ සංවිධානයේ ආධාර මත ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීම ගැන අපි වෘත්තීය සමිතියක් ලෙස ප‍්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධ වන්නෙමු. මෙම ‘‘යූඑස්ඒඞ්’’ සංවිධානයේ මැදිහත්වීම අපගේ නීති සැකසීමේදී අනවශ්‍ය බාහිර ඇගිළි ගැසීමක් යැයි අපි ඉතා පැහැදිලිව කීවෙමු. ඇත්තෙන්ම, මෙය විදේශ ආයෝජකයින්ට අසංවිධානාත්මක නිදහස් ශ‍්‍රමිකයින් සූදානම් කිරීමේ වෑයමක් යැයිද අපි අවධාරණය කළෙමු.

කම්කරු දෙපාර්තමේන්තුවේ සහ එම අමාත්‍යාංශයේ අනුදැනුමකින් තොරව, ‘‘යූඑස්ඒඞ්’’ සංවිධානයේ අධික්ෂණය යටතේ පෞද්ගලික නීති උපදේශකයින් විසින් මෙම පනත කෙටුම්පත් කෙරුණු බව අපි හොඳාකාරවම දනිමු. ‘‘යූඑස්ඒඞ්’’ සංවිධානයේ සෘජු මැදිහත්වීමක් සමග මෙම ‘‘ඒකීය කම්කරු නීති’’ කෙටුම්පත සැකසීමේ ව්‍යාපෘතියට අප සමිතිය ඇතුළු ජාතික කම්කරු උපදේශන සභාවෙහි සියලූ වෘත්තීය සමිති විරුද්ධ වූහ. ‘‘යූඑස්ඒඞ්’’ සංවිධානය ඇමෙරිකානු රාජ්‍යයෙහි ආධාර බෙදාදීමේ ආයතනයක්වීම ඊට විශේෂ විය.
අවාසනාවකට ‘‘ඒකීය රැුකියා නීතිය’’ කෙටුම්පත කියවීමට ලැබුණු පසු අප කළ අනතුරු ඇගවීම් සියල්ල සැබෑවී ඇත. මෙම පනත් කෙටුම්පතෙහි හරය වනුයේ පෞද්ගලික අංශයේ රැුකියා සම්බන්ධ සියලූ කොන්දේසි සැකසීමේ නෛතික බලය හාම්පුතුන්ට පැවරීමය. ඒ වෙනුවෙන් පඩි පාලක සභා අහෝසි කරමින් පෞද්ගලික අංශයේ සියලූ කර්මාන්ත හා වෘත්තීන් සම්බන්ධ අවම වැටුප තීන්දු කිරීමේ බලය හාම්පුතුන්ට ලබාදීමත්, පෞද්ගලික අංශයේ නිවාඩු තීන්දු කිරීමත්, දිනකට පැය 12 ක උපරිමයකට යටත් පැය 45 ක සතියක් සමග එම පැය 45 සතියේ දින 04 කින් සම්පූර්ණ කර ගැනීමටත් ඉරිදා ඇතුළු අනෙක් දින 03 වැටුප් රහිත කිරීමට ඉඩ තැබීමත්, පාරිතෝෂිකය බරපතල ලෙස සීමා කිරීමත්, 1971 අංක 45 දරණ සේවය අවසන් කිරීමේ පනත අකී‍්‍රය කිරීමෙන් ඇතැම්විට නිසි පරීක්ෂණයකින් තොරව වුව සේවකයින් රිසිසේ රැුකියාවෙන් දොට්ට දැමීමේ බලය හාම්පුතුන්ට ලබාදීමත් පනත් කෙටුම්පතෙහි ප‍්‍රතිපාදන අතර ඇත. මෙලෙස සියලූ සේවක හා මානව හිමිකම් අහෝසි කිරීමට ‘‘යූඑස්ඒඞ්’’ සංවිධානය මැදිහත් වන්නේ ඇමෙරිකානු ජී.එස්.පී සහ යුරෝපා ජී.එස්.පී ‘අධි සහනය’ මගින් ශී‍්‍ර ලංකාවට දෙනු ලබන වෙළඳ වාසි වෙනුවෙන් ශී‍්‍ර ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනුයේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙහි මූලික ප‍්‍රඥප්තීන් සියල්ල කි‍්‍රයාත්මක කිරීමය. ‘‘යූඑස්ඒඞ්’’ සංවිධානයෙහි මේ මැදිහත්වීම අප දකිනුයේ ශී‍්‍ර ලංකා ආණ්ඩුව සමග ඇමෙරිකාව කේවල්කරන්නාවූ ‘‘බලකායන්ගේ තත්ත්ව පිලිබඳ ගිවිසුම’’ (ීධත්‍්* මගින් ඇමෙරිකානු හමුදාවන්ට මෙරට අඩිය තබා ගැනීමට දරණ උත්සාහයෙහි එක් පියවරක් ලෙසිනි. එකී ගිවිසුම අත්සන් නොකළහොත් අපගේ අපනයන හා රැුකියා අවස්ථා අහිමිවීමේ අවදානමක් ඇතැයි මුදල් ඇමති මංගල සමරවීර අනතුරු අගවන්නේය. ඉන් ඇ`ගවෙන්නේ, ඔවුන්ගේම ජී.එස්.පී යටතේ ඉල්ලා සිටි සේවක අයිතිවාසිකම් සහමුලින් උල්ලංඝණය කෙරෙන ආර්ථික තර්ජන සමගින් ීධත්‍් ගිවිසුම තල්ලූ කෙරෙන බවය. අත්සන් කිරීම සඳහා යෝජනා කෙරෙන එකී ගිවිසුම මගින් කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ පරිපාලන හා තාක්ෂණික සේවකයින් සඳහා ඇති රාජ්‍යතාන්ති‍්‍රක මුක්තිය මෙරටට පැමිණෙන ඔවුන්ගේ හමුදා කාණ්ඩ වලටද ඔවුන්ගේ සියලූ කාර්යන්ට අදාලවන සේ එහි යෝජනා කෙරෙන්නේය.

ඉන්දියානු සාගරයේ ආධිපත්‍ය වෙනුවෙන් ඉන්දීය සහායද ඇතිව ඇමෙරිකාව සහ චීනය අතර ඇති බල අරගලය විවෘත බල අරගලයකි. ශී‍්‍ර ලංකාවේ පිහිටීම එහිදී ඉතා වැදගත් හා සංවේදී සාධකයකි. එබැවින් මේ ආණ්ඩුව ප‍්‍රතිවිරෝධ හමුවේ දුර්වලව ඉන්නා මේ අවදියේ ීධත්‍් ගිවිසුම තල්ලූ කර ගැනීමේ හදිස්සියක් ඇමෙරිකාවට ඇත. ආණ්ඩුව පැත්තෙන් ඇමෙරිකාව හා කෙරෙන ගනු දෙනු හමුවේ සංවිධිත කම්කරු පංතියක පැවැත්ම තර්ජනයක් ලෙස ගණන් හැදෙන්නකි. එනිසා හැකි ඉක්මණින් ‘‘ඒකීය කම්කරු නීති’’ පනත් කෙටුම්පත නීතියක් බවට පත් කිරීමේ හදිස්සියක් ආණ්ඩුවටද ඇත. හාම්පුතුන්ටද මේ දේශපාලන සන්දර්භය එම කෙටුම්පත නීතියක් ලෙස සම්මත කර ගැනීමට යථා අවස්ථාවකි. කෙටියෙන් කියන්නේ නම්, ඇමෙරිකාවත් ආණ්ඩුවත් සමග හාම්පුතුන්ද එක් කණ්ඩායමක් ලෙස අසංවිධිත දුර්වල ශ‍්‍රම බලකායක් හැදීමේ උත්සාහයක නිරතව ඇත.
එබැවින් ‘‘ඒකීය රැුකියා නීතිය’’ නමින් වන මෙම අතිශය භයානක නීති කෙටුම්පත සම්මත කිරීමේ තර්ජනය නිසියාකාරව අවබෝධ කරගත යුතු යැයි අපි සියලූ දේශීය හා විදේශීය වෘත්තීය සමිති වලට අවධාරණය කරමු. ඊළග ජනාධිපතිවරණය විසින් මේ තත්ත්වය වෙනස් නොවන්නේ යැයි අප විශ්වාස කරන හෙයින් මෙම ‘‘ඒකාබද්ධ රැුකියා නීතිය’’ සම්මත කිරීම පමා වූවත් කර්මාන්ත ශාලා හා ආයතන මට්ටමින් ඊට එරෙහි සේවක විරෝධයක් සංවිධානය කිරීමට වහා පියවර ගත යුතු යැයි අපි කියමු. අපගේ ආරක්ෂාව ඇත්තේ අපගේ සංවිධානාත්මක ශක්තියෙහි යැයි අපි කියමු.

ඇන්ටන් මාකස්
සම ලේකම්
නිදහස් වෙළඳ කලාප සහ
පොදු සේවා සේවක සංගමය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress