නාගන්නදට දිගටම අපලයි.. රටම රවටන වංචාවක් ගැන තවත් පැමිණිල්ලක් ගොනු කෙරේ…
Posted on July 10th, 2019

lanka C news

නාගන්නදට දිගටම අපලයි.. රටම රවටන වංචාවක් ගැන තවත් පැමිණිල්ලක් ගොනු කෙරේ…

ඉදිරි ජනාධිපතිවරනයට ඉදිරිපත් වන්නේ යයි කියන නාගානන්ද කොඩිතුවක්කු මහතාට විරුද්දව සමාජ ක‍්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.

එම සම්පුර්ණ පැමිණිල්ල මෙහි දැක්වෙයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සහ සාමාජිකයින්,
මැතිවරණ කොමිෂන් සභාව
මැතිවරණ මහ ලේකම් කාර්යාලය,
තැ.පෙ. 02, සරණමාවත,
රාජගිරිය, 10107,
ශ්‍රී ලංකාව

මහත්මයාණනි,

නගානන්ද කොඩිතුවක්කු මහතා ගැන පැමිණිල්ලක්

99, සුබද්‍රරාම පාර, නුගේගොඩ යන ලිපිනයේ පදිංචි නාගානනද කොඩිතුවක්කු නම් බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකා යන රට වල දෙකේ ද්විත්ව පුරවැසිභාව හිමි පුද්ගලයකු මැතිවරණ කොමිසමේ සභාපති සහ කොමිසමේ සාමාජිකයන්ගේ සහ සිමා නිර්ණය කොමිසම් සභාවේ නම භාවිතා කරමින් ව්‍යවස්ථාවට පටහැනි සහ නීති විරෝධී ක්‍රමවේදයන් ගැන සදහන් කරමින් මැතිවරණය ප්‍රචාරණ කටයුත්තක නිරත වේ.

ඔහු විසින් සදහන් කරන පරිදි ඔහු ඉදිරියේදී එන ජනාධිපතිවර්ණය තරග කරන්නට බලාපොරොත්තු වන අතර එහිදී ඔහු විසින් නිර්මාණය කරන ලද ව්‍යවස්ථාවක් ජනතා හමුවට ඉදිරිපත් කර ඔහු එම මැතිවරණය ජය ගැනීමත් සමගම ක්ෂනිකයෙන් බලාත්මක වන බව පවසයි. ඔහු මැතිවරණයට ඉදිරිපත් කරන එම ව්‍යවස්ථා කෙටුම්පත ඔහුගේ ජයග්‍රහණය සමග ජනතාව අනුමත කළා සේ සලකා ඔහු විසින් එය අත්සන් කර බලාත්මක කරන බවට ඔහු පවසනවා. ඒ අනුව ක්ෂණිකයෙන් දැනට ඇති පාර්ලිමේන්තුව සහ ශ්‍රෙෂ්ඨකරණය බල රහිත කර විසුරුවා හරින බවටත්ය එත් සමග ඔහු විසින් මන්ත්‍රීවරුන් 60කට සිමා වූ නව පාර්ලිමේන්තුවක් සහ ඔහු විසින් පත්කරනු ලබන විනිශ්චකාරවරුන්ගේ සමන්විත නව ශ්‍රේෂ්ඨාධිකරණයක් ස්ථාපිත කරන බවට සදහන් කරයි. එය ඔහු විසින් ව්‍යවස්ථා කැරැල්ලක් මගින් ගෙනන ස්වයංජාත ව්‍යවස්ථාවක් ලෙස අර්ථකතයන කරයි. නාගනනද කොඩිතුවක්කු හට ඔහු දකින හින කැමති විදියට දකින්නත් ඒවා සමාජයට ඉදිරිපත් කරන්නත් අයිතියක් ඇති බවට මම එකග වෙමි.

නමුත් මෙහි බරපතල කාරණයක් ඇත. එනම් ඔහු මෙම ක්‍රියාව නිතියනුකුල බවට සහ පිළිගැනීමක් ඇති බවට සමාජයට ඒත්තු ගන්වන්නේ ඔහු මෙම ව්‍යවස්ථාව සහ එය බලාත්මක කරන ක්‍රමවේදය නිර්මාණය කරනු ලබන්නේ අදාළ බලධාරීන් සමග සාකච්චා කර බවට ඔහු සදහන් කරීමයි. එහිදී ඔහු එම බලධාරීන් , සිමා නිර්ණය කොමිසන් සභාව සහ මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සහ මැතිවරණ කොමිසම් සභාවේ අනිකුත් සාමාජිකයින් ලෙස පවසනවා. ඔහු එසේ පවසමින් ඔහුගේ මෙම ව්‍යවස්ථා විරෝධී සහ නීති විරෝධී ලියවිල්ල ඔබලා විසින් පිළිගත් එකක් බවට මහජනතාව ඒත්තු ගැන්වීමට කටයුතු කරනවා. ඔහු ඒ බවට කරන ලද ප්‍රකාශයන් සමාජ ජාල මාධ්‍ය හරහා ප්‍රචාරණය කරමින් ජනතාව මුලා කිරීමේ ක්‍රියාවක යෙදෙනවා. මෙම කාරණය සනාථ කිරීමට අවශ්‍ය ඔහු විසින් සමාජ ජාල මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් සිටින වීඩියෝවක් මේ සමග අමුණා ඇත.

මෙහි අනෙක් බරපතල කාරණය නම් ඔහු මෙම මැතිවරණය සදහා රුපියල් මිලියන 500- 750 ක් මුදලක් අවශ්‍ය බව සදහන් කරමින් නුගේගොඩ ලංකා බැංකුවේ ඔහුගේ නමින් පිහිටවන ලද ගිණුමකට (a/c no 829 68 430 ) මුදල් එකතු කරමින් සිටිනවා. (https://www.youtube.com/watch?v=Rqh_3pHlACY) ඔහුන් ඔබලාගේද නම් භාවිතා කරමින් කරන ප්‍රචාරන කටයුත්ත නිසා ජනතාව ඔහු විශ්වාස කරමින් විශාල වශයෙන් එම ගිණුමට මුදල් එවනු ලැබේ. දේශපාලන කටයුත්ත කට මෙසේ ප්‍රෝඩාකාරී ලෙස පෞද්ගලික ගිණුමකට මුදල් එකතු කිරීම සක්චිති පන්නයේ වංචාවක් වීමට ඉඩ ඇති නිසා ඒ ගැන දැනටමත් මා විසින් පොලිස්පති තුමා හට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශ කටයුතු ආරම්භ කර ඇත. එම පැමිණිල්ලේ යොමු අංකය Tell IGP 14/JUL/2019 වේ.

මා විසින් පොලිසියට පැමිණිලි කර දින 2ක් යන විට ඔහු විසින් ඔහුගේ බ්‍රිතාන්‍ය පුරවැසි කම ඉවත් කර ගැනීමට අවශ්‍ය ලිපි ලේඛන බර දුන් බවට සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කළා. කෙසේ වෙතත් මම මේ වන විටත් බ්‍රිතානයේ දේශීය කටයුතු කාර්යාලයට ද මොහුගේ මෙම සැක සහිත ක්‍රියාවලිය ගැන දැනුම් දීමට කටයුතු කර ඇත.

මේ කරුණු හට ඔබේ අවදානයට මම යොමු කරන්න කටයුතු කිරීමට තීරණය කලේ මොහුගේ මෙම කටයුතු ඉදිරියේදී වංචනික කටයුත්තක් ලෙස තහවුරු උවහොත් එහිදී ඔබ ආයතනයටද එයින් අපකීර්තියක් ඇතිවීමට ඉඩ ඇති බැවිනි. මක් නිසාදයත් ඔහු ඔහුගේ ප්‍රචාරන කරයුතු වලදී ඔබ සහ මැතිවරණ කොමිසමේ නම් භාවිතා කරමින් ජනතා විශ්වාසය දිනා ගැනීමට කටයුතු කරන බැවිනි. එය හුදෙක් වංචනික මුල්‍ය ආයතයනයක් මහා බැංකුවේ නම භාවිතා කරමින් ජනතා විශ්වාසය ලබා ගනිමින් මුදල් තැම්පතු ලබා ගන්නා සේය.

එම නිසා මම ඔබෙන් සහ මැතිවරණ කොමිසමෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වා ඒ ගැන මැතිවරණ කොමිසමේ ස්ථාවරය ප්‍රසිද්ධියට පත්කර ජනතාව නොමග යැවීමක් සිදු වන්නේ නම් එය වලක්වන ලෙසටයි.

ස්තුති
මිට
ඕෂල හේරත්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress