සැකකාර ෂාෆි වෛද්‍යවරයාගේ දේපළ මිලදී ගැනීම් ගැන සී.අයි.ඞී.යේ පරීක්‍ෂණ ගැටලූ සහගතයි -!-කුරුණෑගල මහෙස්ත‍්‍රාත් සම්පත් හේවාවසම්
Posted on July 12th, 2019

උපුටා ගැන්ම දිවයින

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ෂාෆි වෛද්‍යවරයාගේ සිසේරියන් සැත්කම් ගැන කිසිදු විමර්ශනයක් සිදුකර නෑ – අගතියට පත් පාර්ශ්වයේ ජනාධිපති නීතිඥ මොහාන් විජේනායක

සී.අයි.ඞී.ය විමර්ශන සිදුකර ඇත්තේ සැකකරු නිදහස් කිරීමේ අරමුණින් – ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා 

සැකකරු සිදුකර ඇත්තේ මිනිස් සංහතියටම වරදක් – නීතිඥ කල්‍යානන්ද තිරාණගම

අයථා මුදල් ඉපයීම සම්බන්ධයෙන් සාධාරණ සාක්‍ෂි ඉදිරිපත් වී නෑ –  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ 


ඒ. ජේ. ඒ. අබේනායක, කුරුණෑගල – ඩබ්ලිව්. බණ්ඩාර

කුරුණෑගල රෝහලේ සිදුකළ සිසේරියන් සැත්කම්වලදී මවුවරුන් වඳ භාවයට පත්කිරීම ඇතුළු චෝදනා එල්ලවන වෛi මොහොමඞ් ෂාෆි සැකකරුගේ දේපළ මිලදී ගැනීම් පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කරුණු සම්බන්ධයෙන් තම අධිකරණයේද ගැටලූවක් පවතින බව කුරුණෑගල මහෙස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතා ඊයේ (11 දා* අවධාරණය කළේය.

සැකකාර වෛiවරයාට එරෙහි පැමිණිල්ල විභාගයට ගනු ලැබූ අවස්ථාවේදී අගතියට පත් මවුවරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දක්වා සිටි කරුණු කෙරෙහි සැලකිලිමත් වෙමින් මහෙස්ත‍්‍රාත්වරයා එසේ අවධාරණය කළේය.


පසුගිය වසර 13 ක කාලය තුළදී පමණක් කුරුණෑගල ශික්‍ෂණ රෝහලෙන් සිසේරියන් සැත්කම් 33,000 ක් සිදුකර ඇතැයි අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මොහාන් විජේකෝන් මහතා ඊයේ (11 දා* කුරුණෑගල මහෙස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතා ඉදිරියේ කියා සිටියේය.

පසුගිය වසර 08 ක කාලය තුළදී පමණක් ඉන් සැත්කම් 17,600 ක් ම සිදුකර ඇති බව ද කී නීතිඥවරයා එකී ප‍්‍රමාණයෙන් හතරෙන් එකක් සිදුකර ඇත්තේ සැකකාර මොහොමඞ් ෂාෆි බව ද පෙන්වා දුන්නේය.
වෛi ෂාෆි මසකට සැත්කම් 45 ක් පමණ සිදු කරන විට ඔහු සමග සේවය කරන සෙසු වෛiවරුන් 19 දෙනාම සිදුකර ඇත්තේ එකී සමස්ත ප‍්‍රමාණයෙන් අටයි දශම තුනක ප‍්‍රමාණයක් වුවත් විමර්ශනය සිදුකරන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් සිදුකර නැති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

දිවයින පුවත්පත මගින් එම ව්‍යසනය හෙළි කළ පසු සැකකාර ෂාෆි විසින් සැත්කම් කළ මවුවරුන් ඒ සම්බන්ධයෙන් උනන්දු වී තොරතුරු සෙවීම ආරම්භ කළ බවත් එහිදී පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා සැකකාර ෂාෆි වෛiවරයා ඉතාම සූක්‍ෂම ආකාරයෙන් දීර්ඝ කාලයක් තිස්සේ සිංහල මවුවරුන්ට සිසේරියන් සැත්කම් කළ බවට සාක්‍ෂි ඇති බවත්, එකී සැත්කම් සිදුකිරීමේදී පැලෝපීය නාළය තත්පර පහක් දහයක් අතර කාලයක් තදකර සිටීම මගින් එම නාළ විනාශ කිරීමේ හැකියාව පවතින බව ද පෙන්වා දුන්නේය.

ෂාෆි වෛiවරයාට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරන පරීක්‍ෂණ සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්ව කිසිදු සෑහීමකට පත් නොවන බවත්, එකී විමර්ශන සම්බන්ධයෙන් කිසිදු ආකාරයකින් විශ්වාස නොකරන බවත් එහිදී පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා සැකකරු ඇප මත මුදා හැරීමෙන් දේශපාලන හා මුදල් බලය ඇති මොහුට සාක්‍ෂිකරුවන්ට බලපෑම් කිරීමේ හැකියාව ඇති බවත් පෙන්වා දුන්නේය.
සැකකරු සිදුකර ඇති එකී ජන සංහාරය සඳහා ඔහුට විදේශ රටවලින් මුදල් ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇති බවද මුදල් විශුද්ධිකරණ පනත යටතේ නොව, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුට විරුද්ධව පරීක්‍ෂණ සිදුකළ හැකි බව ද පෙන්වා දුන්නේය.

මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිට ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා කරුණු දක්වමින් සැකකාර ෂාෆි මුදල් උපයාගත් ආකාරය පිළිබඳ විමර්ශන සිදුකරනු වෙනුවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සමූහ ලෙස වළක්වා ඇති බව ද පෙන්වා දුන්නේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකර ඇත්තේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත මඟහැර සැකකරු නිදහස් කිරීමේ අරමුණින් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා අධිකරණය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් අපේක්‍ෂා කළේ එකී දියාරු විමර්ශන ප‍්‍රතිපත්තියක් නොවන බව ද පෙන්වා දුන්නේය.


එහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉන්‍ද්‍රසිරි සේනාරත්න මහතා අධිකරණයට පෙන්වා දුන්නේ සැකකරුට එරෙහිව ලැබුණු බුද්ධි තොරතුරු අනුව විමර්ශනය කිරීමට ගිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කුරුණෑගල කොට්ඨාස භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ප‍්‍රශ්න කොට ඇත්තේ සැකකරුට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් නොව ඔහු මාධ්‍යයට ලබා දුන් පිළිතුරු සම්බන්ධයෙන් යැයිද කියා සිටියේය.

කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග අනුව ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව විමර්ශන සිදුකළ කුරුණෑගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා භාරයේ තිබූ විමර්ශන ගොනු අපරාධ පරීක්‍ෂණ භාරයට ගැනීම පිළිබඳ බලවත් සැකයක් මතුවන බවත් ඒ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලබාදුන් ප‍්‍රකාශ අධිකරණයට ඉදිරිපත් නොකිරීම ගැටලූ සහගත බව ද සේනාරත්න මහතා පෙන්වා දුන්නේය.
නඩුව ඊයේ දින කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සැකකාර ෂාෆි වෛiවරයා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. ඔහුට එරෙහිව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 
ගැනෙන චෝදනා සනාථ කිරීමට ප‍්‍රමාණවත් සාක්‍ෂි ඉදිරිපත් නොවූ බැවින් ඒ සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යවරයාව දැනුවත් කළ බවත්, ඒ අනුව ආරක්‍ෂක අමාත්‍යවරයා විසින් ඔහුට එරෙහිව නිකුත් කර තිබූ දින 90 ක රැුඳවුම් නියෝග පෙරේදා අවසන් කළ බවත් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

වෛi මොහොමඞ් ෂාෆි විසින් කුරුණෑගල රෝහලේ සිදුකරන ලද සැක සහිත සිසේරියන් සැත්කම් අතරින් පැලෝපීය නාළවලට හානි වී ඇතැයිද යන්න පරීක්‍ෂණ සිදුකිරීම සඳහා නියමිත මවුවරුන් 147 දෙනාගෙන් වෙන් වෙන්ව ප‍්‍රකාශ සටහන් කර රෝහල භාරයේ ඇති ඇඳ හිසපත් සටහන් ලබාගෙන සම්පූර්ණ පරීක්‍ෂණයක් සිදුකළ යුතුව ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

එබැවින් විමර්ශන නිලධාරීන් සිදුකර ඇති එච්. ජී. පරීක්‍ෂණ සඳහා එකී මවුවරුන් 147 දෙනාට අනිවාර්යයෙන් සහභාගි වන ලෙස දැනුම් දෙන්නැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ෂාෆි වෛiවරයා විසින් සිදුකරන ලද සිසේරියන් සැත්කම් සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලට හෝ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති කුමන හෝ පැමිණිල්ලක් ඉල්ලා අස්කර ගෙන ඇත්නම් මෙහි ඉදිරි විමර්ශන වලට බාධාවක් වන බවද මහෙස්ත‍්‍රාත්වරයා පෙන්වාදුන් මහෙස්ත‍්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් කළ විමසීමට පිළිතුරු දුන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ කුරුණෑගල රෝහල් අධ්‍යක්‍ෂවරයා පෙන්වා දුන්නේ මේ දක්වා කිසිදු පැමිණිල්ලක් ඉල්ලා අස්කර ගෙන නොමැති බවය.


ෂාෆි වෛiවරයාට එරෙහිව තිබූ අයථා වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා සැකකරු එවැනි මුදල් උපයාගෙන ඇති බවට සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ හැකි සාධාරණ සාක්‍ෂි මේ දක්වා ඉදිරිපත් වී නොමැති බවද කියා සිටියේය. එකී විමර්ශන මේ වන විට බොහෝ දුරට අවසන් බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන් අවස්ථාවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥවරුන් පෙන්වා දුන්නේ මෙම සැකකරුගේ ගිණුම්වලට විදේශ රටවලින් ලැබී ඇති මුදල් සම්බන්ධයෙන් වාර්තා විමර්ශන අංශ වෙත ලැබී නොතිබියදී විමර්ශන බොහෝ දුරට අවසන් බවට ප‍්‍රකාශ කරන්නේ කුමන පදනමක් මතදැයි විමසා සිටියේය.


සැකකරු නමින් අමානෝ බැංකුවේ සහ කොමර්ෂල් බැංකුවේත් පවත්වාගෙන යන ගිණුම්වලට 2015 ජුනි 04 වැනිදා රුපියල් මිලියන 115 කට අධික ප‍්‍රමාණයක් ලැබී ඇති බවත් 2015 දෙසැම්බර් 16 වැනිදා තවත් මිලියන 115 ක චෙක්පතක් අමානෝ බැංකුවට ලැබී ඇති බවත් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේය.


එහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනාරත්න මහතා අධිකරණයට පෙන්වා දුන්නේ සැකකරුට අයත් දේපළ මිලදී ගෙන ඇති මුදල් ප‍්‍රමාණය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වත්කම් විස්තර ඉතාමත්ම අඩු බවයි.

රුපියල් කෝටි 04 කට සැකකරු කුරුණෑගල වීරසිංහ මාවතේ නිවසක් මිලදී ගත් බව අපරාධ පරීක්‍ෂණ වාර්තාවෙන් පෙන්වා දී ඇතත් එකී දේපළ මිලදී ගැනීම සඳහා ඔහු රුපියල් කෝටි 15 ක් 20 ක් වැයකළ බව එකී මිලදී ගැනීමේදී බ්‍රෝකර්වරයා ලෙස කටයුතු කළ අය පෙන්වා දී ඇතැයි ද නීතිඥවරයා පෙන්වා දුන්නේය.

මේ ආකාරයෙන්ම ඔහු සතුව ඇති දේපළවල වටිනාකම් හා ඒවා මිලදී ගැනීම සඳහා වැයකළ මුදල් අඩුවෙන් පෙන්වා ඇති බවද අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙන්වා දුන් නීතිඥවරුන් ඒ සම්බන්ධයෙන් වැයකළ මුදල් විමර්ශන නිලධාරීන්ට සොයා ගැනීම අපහසු නම් තොරතුරු සොයාදීමට තමන්ට හැකි බව පෙන්වා දුන්නේය.


අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා සැකකාර වෛiවරයා සිදුකර ඇත්තේ උපත් වැළැක්වීම සඳහා පියවර ගැනීමෙන් ජනවර්ග ඝාතනයක් බවත්, එය ජාත්‍යන්තර සම්මුති පනත යටතේ ගැනෙන මිනිස් සංහතියටම සිදුකළ වරදක් බවත් පෙන්වා දුන්නේය. වඳ සැත්කම් චෝදනාව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනය සිදුකළ හැකි වරදක් බවත් පෙන්වා දුන් තිරාණගම මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකර ඇත්තේ ඒ ගැන විමර්ශන සිදුකිරීම නොව එකී ජනවර්ග සංහාරයේ අනතුර අනාවරණය කළ ‘දිවයින’ මාධ්‍යවේදීන් හඹායෑම බවද පෙන්වා දුන්නේය. එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන කෙරෙහි කිසිදු විශ්වාසයක් අගතියට පත් පාර්ශ්වවලට නොමැති බැවින් එම අපරාධ පරීක්‍ෂණ කණ්ඩායම එකී විමර්ශනවලින් ඉවත් කරන ලෙසද අගතියට පත් පාර්ශ්ව දැඩිව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සාමාන්‍ය වරදක් කළ අයකු සම්බන්ධයෙන් බොහෝ විට උදාසීනව විමර්ශන සිදුකරන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ තරම් බරපතළ චෝදනා එල්ල වී ඇති සැකකාර වෛiවරයාව එකී චෝදනාවලින් ගලවා ගැනීමට කඩිමුඩියේ විමර්ශන සිදුකර නීතිපති දෙපාර්තමේන්තුව සමග එක්ව අධිකරණයට කරුණු වාර්තා කිරීම පුදුම සහගත බවද ඔවුන් පෙන්වා දුන්නේය.

එහිදී මහෙස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතා පෙන්වා දුන්නේ අගතියට පත් පාර්ශ්ව පෙන්වා දුන් කරුණු සම්බන්ධයෙන් එනම් කුරුණෑගල නගරයට ආසන්නව පිහිටි සැකකරුට අයත් යැයි කියන දේපළ මිලදී ගත්තේ යැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දුන් කරුණු සම්බන්ධයෙන් තම අධිකරණයටද ගැටලූවක් පවතින බවයි.

සිය සේවාදායකයාට එරෙහිව ප‍්‍රමාණවත් සාක්‍ෂි ඉදිරිපත් වී නොමැති බව පෙන්වා දෙමින් විමර්ශන නිලධාරීන් හා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කරුණු දක්වා ඇති බැවින් ඕනෑම කොන්දේසියකට යටත්ව සැකකාර ෂාෆි වෛiවරයාව මුදාහරින ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි අනුර මැද්දෙවෙල මහතා ඉල්ලීමක් කළ නමුත් අධිකරණය එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress