අනාගත ජනාධිපති සජිත්ගේ ආර්යාව මමයි..- ජලනි පේ‍්‍රමදාස දේශපාලන වේදිකාව අමතයි.. වේලාසනින්ම ‘ආර්යා’ ඇදුම ඇදගනී.. [Video]
Posted on July 13th, 2019

 lanka C news

අනාගත නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආර්යාව තමන් බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගේ බිරිද වන ජලනි පේ‍්‍රමදාස මහත්මිය පවසයි.

ඇය මේ බව කියා සිටියේ හැටන්හිදී පැවති ජාතික මහ සභාවේ හැටන් කලාපයේ පළමු කාන්තා සම්මේලනයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

ඇය එහිදී මෙසේද කීවාය.

‘ඔබ ඉදිරියට අද ඇවිත් තියෙන්නේ ඔබ ආදරේ කරන, ඔබේ හදවතේ බලාපොරොත්තු ඇති කරගෙන තිබෙන, අනාගත නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව හැටියටයි මේ ස්ථානයට.

සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අනාගතය පිළිබඳව ඔබ සියලු දෙනාට විශාල බලාපොරොත්තු රාශියක් තිබෙනවා.

සජිත් ප්‍රේමදාස ඇමතිතුමා කියන්නේ ඇමතිකමකට සීමා නොවී, කොළඹට පමණක් සීමා නොවී, මහජනතාවත් සමඟ එකතුවෙලා මහජනතාවත් සමඟ සිටින නායකයෙක්.

ඔබ සියලු දෙනාගේ මේ ඉඩම් ප්‍රශ්නයට එතුමා අනිවාර්යයෙන්ම ඔබ සියලු දෙනාටම විසඳුමක් ලබාදෙන බවට මම පොරොන්දු වෙනවා.

සජිත් ප්‍රේමදාස ඇමතිතුමා කියන්නේ වචනයට පමණක් සීමා වෙච්චි නායකයෙක් නෙවෙයි.

ඒ ජනතා සේවකයා ඔබ සියලු දෙනාගෙන් මා ඉල්ලා සිටින්නේ එතුමාව ආරක්ෂා කරගන්න එතුමාව බලාගන්න එතුමාට ඔබ සියලු දෙනාට දිය හැකි උපරිම සහයෝගය දෙන්න කියලා’

2 Responses to “අනාගත ජනාධිපති සජිත්ගේ ආර්යාව මමයි..- ජලනි පේ‍්‍රමදාස දේශපාලන වේදිකාව අමතයි.. වේලාසනින්ම ‘ආර්යා’ ඇදුම ඇදගනී.. [Video]”

  1. NeelaMahaYoda Says:

    සජිත් ප්‍රේමදාස ඇමතිතුමා කියන්නේ වචනයට පමණක් සීමා වෙච්චි නායකයෙක් නෙවෙයිනම් කෝ ළමයි??

  2. Dilrook Says:

    Is she is so cocky before becoming the first wife, one can only imagine how she’ll be after.

    Irrespective of the political fortunes and misfortunes of Gotabaya, Ayoma could be a graceful first wife. The wives of JR, Sirisena and Ranil are the same.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress