රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක පිරිමි ගොන් නාම්බෙක්ද?
Posted on July 19th, 2019

චන්ද්‍රසිරි විජයවික්‍රම

රාජ්‍ය ඇමතිකමක්ද දී රනිල් විසින් රන්ජන්ව නඩත්තු කරන්නේ, ඇමෙරිකන් තානාපති නෝනා ඔහු සමඟ සෙල්ෆි ගහන්නේ, බළල් අතක් වශයෙන් ඔහුගෙන් ලබාගත හැකි ප්‍රයෝජන නිසාය. කලින් සිටි තානාපති නෝනා මාදුළුවාවේ සෝභිත හිමියන්ට දුන් ලණුව භාර දීමට තරම් දඹර අමිල හිමිට රටේ තැනක් නැත. එසේ නොහැකිවිට කලහැකි හොඳම ඉත්තා ලෙස රනිල්-මංගලලා රන්ජන්ගේ සවුත්තු කට පාවිච්චිකරමින් සිටී. භික්‍ෂු අපචාර ගැන රන්ජන්ගේ මුල් යූටියුබ් ප්‍රකාශය, ඔහුගේ ශ්‍රී මහා බෝධි පන්සලේ හාමුදුරුවරු ගංජා බොන මුහුණු පොත් සටහන, අන්තිමට රනිල් හමුවූ පසු ඔහු මාධ්‍යවලට මුලින් කී දෙය හා පසුව අළුතින්ම ලන්ඩන්, පෝප් හා ඒඩ්ස් හැදුනු සාමනේරවරුන් ඈඳා කල වනා වෙඩිතැබීම යන මේ සියල්ල විශ්ලේෂණය කරන අයෙකුට මෙම සිද්ධියේ ඇති බරපතලකම හා ශූක්‍ෂම ප්ලෑන එලිදරව්වේ.
රනිල් හමුවූ පසු ඔහු ඒඩ්ස් හැදුනු සාමනේරයන් ගැනද කියයි.

ලෝකයට ථේරවාදී බුදුදහම හා ත්‍රිපිටකය රැකදුන් ලංකාවේ පන්සලට පහරදීම නොහොත් ලංකාවේ මහාවංශවිරෝධී ව්‍යාපාරයට, මාක්ස්වාදීන් හා හාවර්ඩ් සරසවියේ සිටි ස්ටැන්ලි තම්බයියාගේ පොත්‌වලට අමතරව, බලු ජාත්‍යන්තර මූණතක්ද ඇතිබව දැනට දශක දෙකකට පමණ පෙර මට තහවුරුවූයේ අහම්බෙනි. ඒ වනවිට ෂුනාමියක් මෙන් ඇමෙරිකාවේ පැතිර යමින් තිබුණේ කතෝලික පූජකවරුන් විසින් බාල වයසේ දරුවන් දුසිම් ගණනින් දූෂණය කිරීමේ (හා පසුව මතුපිටට ආ කන්‍යාරාමවල කන්‍යාතුමියන්වද දූෂණය කිරීම) ඛේදජනක පුවතය. මේ සම්බන්‌ධයෙන් ඇමෙරිකන් පුවත්පතකට, විස්කොන්සින් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් ප්‍රකාශයක් කරමින් කියා තිබුණේ එවැනි ආකාරයේ අපචාර කතෝලික පල්ලිවල පූජකයින්ගෙන් සිදුවීම අසාමාන්‍ය කරුණක් නොවන බවත්, අතීතයේදී මෙන් දැනුත් බෞද්ද්ධ සංඝ සමාජයේත් එවැනිදේ සිදුවන බවත්‌ය. ක්‍රිස්තියානි අනිත් පූජකයින්ට මෙන් නොව කතෝලික පූජකයින්ට, ථේරවාද භික්‍ෂූන්ට මෙන් ස්ත්‍රීන් හා එකට ජීවත්‌වීම තහනම්‌ය.

මෙම විස්කොන්සින් පුද්ගලයා කල ප්‍රකාශය පලවී තිබූණේ එය එම විශ්ව විද්‍යාලයේද මතය යයි යමෙකුට සිතෙන ආකාරයට, කපටි අන්දමටය. මොහු කලේ බලු ප්‍රකාශයක් නිසා එයට අභියෝග කිරීමට මට සිදුවිය. ඇමෙරිකාවේ කතෝලික පූජක අපචාරවල මූලික ගැටළුව වූයේ හුදෙක් ලිංගික අපචාර පමණක්ම නොවේ. එවැනි අපචාර සිදුවන බව දැන දැනම එසේ අපචාර කල පූජකයින් තවදුරටත් වංචනික ලෙස පල්ලිවලින් මාරුකරමින් සේවයේ තබාගෙන, ඒවා ගැන ආ චොදනා සඟවා, යට ගසා, රහසින් වන්‌දි මුදල් ගෙවා ක්‍රියා කිරීමට පල්ලි සංවිධාන හා ඉහල බිෂොප් වරු, කාදිනල්වරු කටයුතු කිරීමය. මේ කාලය වන විට පල්ලි වලට එන කතෝලික ජනයාගේ ශීඝ්‍ර අඩුවීමක් මෙන්ම පල්ලිවල සේවය සඳහා අවශ්‍ය පාදිලිවරුන්ගේ බලවත් හිඟයක්දවිය. බෞද්ද්ධ භික්‍ෂූ විනය නීති වල වනයේ දමා ගොස් ඇති මළ සිරුරු සමඟ ලිංගික ක්‍රියාවල නොයෙදෙන ලෙස පවා සඳහන් කර තිබෙන්නේ එවැනි ක්‍රියා මිනිස් සංහතිය තුල සිදුවන නිසාය. තම මරණ ශාලාවට ගේන මිනී සමඟ ලිංගික ක්‍රියාවේ යෙදී අසුවුණ මරණ ශාලා හිමියෙක් ඇමෙරිකාවේදී මෑතකදී අසුවිය. පව් සමා කිරීම යන රීතිය අනුව කතෝලික පූජකයෙකුට විශේෂයෙන් යම් ස්ත්‍රියකගේ චරිතය ගැන දෙවියන්ගේ නාමයෙන් නිලවශයෙන්ම දැනගැනීමට ඉඩ ලැබෙන අතර ඒ අනුව දූෂිත යම් පාදිලි කෙනෙකුට බැටලුවා වෘකයා ගෙන් වෙන් කරගත හැකිදවේ. යම් ස්ත්‍රියකගේ ස්වාමිපුරුෂයා නොදන්නා ඇගේ රහස් පාදිලිතුමා දැනගැනීමට ඉඩ ලැබේ.

මා විසින් ඊමේල් මගින් එම පුද්ගලයාගෙන් විමසූවිට මට දැනගත හැකිවූයේ ඔහු මහාචාර්යවරයෙකු නොවූබවත්, පුස්තකාලයක් භාරව සිටි සහකාරයෙකු බවත්‌ය. පත්තරයේ වාර්තාකරුට වරද පටවා (දැන් රන්ජන් ඉරාජ්ට නඩුදානවා මෙන්) ගැලවීමට ඔහු තැත්කලවිට ඔහු පිළිඹදව විස්කොන්සින් සරසවියේ උපකුලපතිට රිපෝට් කරන බව දැන්‌වූ පසු ඔහු වරද පිළිගත්තත් ඒ වනවිට ඔහුගේ බොරු ප්‍රකාශයෙන් බෞද්ද්ධයින්ට සිදුවූ හානිය සිදුවී හමාරය. මෙම සිද්ධිය හා රන්ජන් හැසිරීම අතර ඇත්තේ එකම අරමුණකි. දඹර අමිල හිමි වැනි කෙනෙක් වෙනුවට කතෝලික රන්ජන්ගේ බලුකට හරහා කරන්නට හදන්නේ පාස්කු ප්‍රහාරයෙන් පසු ඇතිවුන බෞද්ද්ධ ක්‍රිස්තියානි සිංහල සමඟිය පළුදු කිරීමත්, රටේ දැන් නැඟිිෙන භික්‍ෂූ බලවේගය මහජනයා අතර හෑල්ලුවට ලක්කිරීමත්‌ය. ඊට මැදිහත්‌ව සිටින භික්‍ෂූන් නොමරා මැරීමට බැලීමය. මෙවැනි උපක්‍රමයක් 1959 දී අගමැති මැරීමේදී සිදුවිය. ඔහුගේ ඝාතනය කලේ සෝමාරාමද, ඒ වනවිට හිසබූගා සිටි ඔසී කොරයාද යන සැකය, ඇමෙරිකාවේ ජෝන් කෙනඩි ඝාතනය පිළිඹද සැකය වැනිමය. කෙටි කාලයකට හෝ හාමුදුරුවරුන්ට පාරේ යා නොහැකි තත්‌වයක් ඇතිවිය. අවලංගු කාසි බවට දැන් වැටී සිටින පක්‍ෂ දේශපාලකයින්ගෙන් රටේ දේශපාලනය උඳුරා ගත යුතුය යන පොදු මහජන මතය ලැව්ගින්නක්සේ පැතිරෙමින් යද්දී ඊට පෙරමුණ දෙන්නේ ක්‍රියාකාරී භික්‍ෂූන් අතලොස්සක් විසිනි. මෙවැනි භික්‍ෂූන් 20 ක් පමණ සිටින බවත් ඉන් සියේට අනූවක්‌ම ලිංගික අපචාරකාරයින් යයි රන්ජන් කියන්නේ මේ නිසාය.

රන්ජන් හරහා රනිල් කලේ විස්කොන්සින් කපටියා කල දේමය. ජනයා නොමග යැවීමට බැලීමය. මිනිසුන් අතර සමලිංගික සේවනය, බලු පැටියෙක් ලොකුවූ පසු ඌ උගේ මවය කියා බැල්ලියකගේ වෙනසක් නොදකිනවා වැනි දෙයකට වෙනස්‌ය. යම් ස්ත්‍රියක හා පිරිමියෙකු අතර පමණක් නොව, පිරිමියෙකු-පිරිමියෙකු හා ස්ත්‍රීයක-ස්ත්‍රීයක අතර තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන් කවියෙන් කී අන්දමට අවසර කල් රහස් තැන ලැබේ නම් ලේසියෙන් ලාභෙට ලබාගත හැකි වරදේ බැඳෙනා අය බොහෝය. මෙම පෘතග්ජන ස්වභාවය බටහිර රටවල නම් දැන් එලිපිටම මගතොටේදී පවා නීත්‍යානුකූලව සිදුවේ. ඔවුන්ට හැමදාම වැලන්ටයින් දිනේය. කසාද බැඳීමට ඉඩදෙන ක්‍රිස්තියානි නිකාය තුල පවා, ලංකාවේ කොළඹ මැතිව්ලා සිටියේය.

මිනිසුන් හාමුදුරුවරුන්ට වඳින්නේ ඔවුන් තුන්වන ශික්‍ෂාපදය රකිනවාය යන විශ්වාසය මතය. ලුනු, සීනි හා දෙහි ඇඹුල් නොකෑමෙන් රාගය අඩුකරගත හැකිවුවත්, මනසින් රාගය තුනීකරගත් සඟපරපුරක් ලංකාවේ හා ලෝකයේ සිටී. රාගය ඇතිවීම පෘතග්ජන ස්වභාවයක් බවත්, මනස දියුණුකිරීම මගින් රාගී හැඟීම් කළමනාකරණය කර තුරන් කරගත හැකිබවත් බෞද්ද්ධයින්ට උගන්වා දේ. මේ අතර බුද්ධරක්ඛිතලා-විමලා විජේවර්‍ධනලා සිටින බව සැබෑය. එහෙත් බුද්ද්ධ ශාසනයේ ඇති වෙනස නම් යමෙක් එසේ දුශ්ශීලයෙක් බව දැනගත් විට සමාජය, ගම ඔහුව වෙන්කර හඳුනා ගැනීමය. මේ අතින් කතෝලික පල්ලිය හා පාප්තුමා ප්‍රධාන සංවිධානත්, පන්සලත් අතර ඇති වෙනස නම් මධ්‍යම පරිපාලනයක් නොමැති හෙයින් භික්‍ෂූත්වයෙන් එවැන්නන් නෙරපීමට බෞද්ද්ධ සංස්ථාවක් නැතිවීමය. කාසි උසාවි ලබාදුන් බෞද්ද්ධ දේශපාලකයින් සංඝාධිකරණයක් ඉල්ලා බෞද්ද්ධ කොමිෂන් හරහා කල ඉල්ලීම් දිගටම පැහැර හැරියේය. සෑම ගමේ පන්සලකම ස්වාධිපත්‍යය සහිත භාරකරු විහාරාධිපතිය. මා උපන් පානදුරේ වලානේ මීට වෙනස් හාමුදුරුවරු දෙන්නෙක් සිටියේය. එක් අයෙක් ඔහුට අයත් ඉඩමක ඔහුගේම ආරාමයක් තනියෙන් ගෙන ගියේය. තවත් නමක් ඔහුගේ ආරාමවත්තේ ස්ත්‍රියකට හා කුඩා දරුවන්ට ගෙයක් සදා තබාගත්තේය. ඔවුන් ගිහියන්ගෙන් දාන මාන ඉල්ලුවේද නැත. ගිහියන් ඔවුන්ගේ නිවාසවලට ගල්ගසන්නට ගියේද නැත. පැල්මඩුල්ලෙන් ආ විනය වර්‍ධන ව්‍යාපාරය ගැන පවා පන්සල් කලබල වූයේ නැත. ආගමික සංස්ථා ප්‍රජාතන්ත්‍රවාදය ඇති ලෝකයේ එකම තැන ලංකාවේ පන්සල් ක්‍රමයය. තමන් බුදු කෙනෙක්‌ය කියා තමාගේම පිලිමයක් හදාගෙන ඉන්නා පන්සලක් ඇත්තේ ලංකාවේ පමණය.

රන්ජන්ලා, රනිල්ලා, තානාපතිලා විසින් දැනගතයුතු දෙයක් නම් අවුරුදු 550 ක විදේශ ක්‍රිස්තියානි ආක්‍රමණ හා ඊට පෙර දකුණු ඉන්දියන් යුද්ධ පරදවා ලංකාව දිගටම බෞද්ද්ධ රාජ්‍යයක්ව පවතින්නේ ලංකාවේ හාමුදුරුවරුන් නිසා බවය. ගනින්නාන්සේලා සිටි කාලයේ පවා ඔවුන් කට පාඩමින් ත්‍රිපිටකය රැක ගත්තේය. වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමිඳුන්ට වසදීමට කොළඹින් චරපුරුෂයින් යැවීමේ සිට 2003 දී ගංගොඩවිල සෝම හිමියන්ගේ සැකසහිත අභාවය දක්වා තිබෙන්නේ පන්සල හා පාලකයින් අතර ඇති අරගලයේ සාහසික උදාහරණය. 1802, 1815 නෝත්-බ්‍රවුන්‍රිග් කාලයේ සිට පන්සල් හා ගම බෙදීම සුද්දන්ගේ සැලැස්ම විය. දෙවන ලෝක යුද සමයේ ජපන්නු ලංකාවට ආවොත්, ඒ කාලයේදී ඇමෙරිකාවේ සිටි ජපන් පුරවැසියන්ට රැසවේල්ට් ජනාධිපති විසින් කලාක් මෙන්, පන්සල්වල හාමුදුරුවරුන් එකතුකර යුදකඳවුරුවල නිවාස අඩස්සියේ තබන්නට ලංකාවේ සිටි යුද අඥාධිපති ලේටන් තීරණය කලේ මේ නිසාමය. 1948 සිට පක්‍ෂ දේශපාලක කළුසුද්දන්ගේ උපාය වූයේද පක්‍ෂ දේශපාලන විෂබීජය හරහා පන්සල්වල හාමුදුරුවරුන් තමන්ගේ රූකඩ කරගැනීමය. එල්ලේ ගුණවංශ හාමුදුරුවන්ගේ වචන වලින් කියතොත්, පක්‍ෂ දේශපාලකයින්ට කොඩි අරගෙන පෙරහැරේ ගිය පන්සල් වලට ඉතුරු වුනේ කොඩිවල පොලු පමණය. මේ සෙල්ලම, සිංහල බෞද්ද්ධයින්ට නායකයෙක් නැතිබව, රටට එලි කලේ 2012 මැයි මස බිහිවූ බොදු බල සේනාවය. ගලබොඩ‌අත්තේ ඥානසාර හිමිඳුන් හිරේ දමනවා නම් හෝ නිහඬ කරවනවා නම් අද ඉන්නා පිරිත්නූල් බෞද්ද්ධ පක්‍ෂ දේශපාලකයින් හිතයටින් වුනත් සතුටුවන්නේ මේ එලිකිරීම නිසා ඔවුන් තොග පිටින්ම ගලේ පැහැරූ බළලුන්‌වී ගිය නිසාය.

ඉංග්‍රීසි සිවිල් නිලධාරීන් හා හුදකලාව වනගතව දුක්‌වින්ඳ හාමුදුරුවරු ලංකාවේ අතීත බෞද්ද්ධ නටබුන්-සිද්ද්ධස්ථාන ජාතියට රැකදුන්නේය. මඩකලපුවේ මංගලාරාමයේ අම්පිටියේ සුමනරතන හිමියන් මුළු දිස්ත්‍රික්කයටම ඇති එකම පන්සල රකිමින් සිටින්නේ සහරාන්ලාගේ හා හිස්බුල්ලලාගේ මරණ තර්‍ජන මැදය. කුඩාකාලයේදී ඊලම් කොටි විසින් දෙමව්පියන් මරා දැමීම නිසා තනිවුන, අනාතවුන, උන්වහන්සේගේ එකම ආයුධය ලෙස ඉතිරිව ඇත්තේ පරුෂ වචනයෙන් හොර නිලධාරීන්ට බැණීම පමණය. වරක් පවිත්‍රා විදුලිබල ඇමතිනිය විසින් පන්සලේ විදුලිය විසන්ධි කිරීමට කොළඹ සිට එවූ නිලධාරියෙක් හාමුදුරුවන්ට හොර ගෑණියෙක් ඉන්නවා යයි කී කතාව හාමුදුරුවන්ට ඇසුණේය. එම නිලධාරියාට එය ඔප්පුකරන ලෙසටත් නැත්නම් ඔහුට පන්සලෙන් පණපිටින් යන්නට නොදෙන බවටත් හාමුදුරුවන් කල සටන්කාමී අභියෝගය උඩ ඔහු තමා කී වචන ඉල්ලා අස්කරගෙන පොලිස් නිලධාරීන් ඉදිරියේ සමාව ගෙන බලුකුක්කෙක් මෙන් පිටව ගියේය. අසරණව සිටින සිංහල ජනයා වෙනුවෙන් සෝම හාමුදුරුවන් මෙන් බණ කිය කියා ඉන්නට සුමනරතන හාමුදුරුවන්ට පිනක් නැත.

සෝම හාමුදුරුවන්ට රහස් ප්‍රේම සම්බන්‌ධයක් තිබුණා යයි කියමින් වික්ටර් අයිවන් විසින් 2006 දී පන්සලේ විප්ලවය කියා පොතක් ලිව්වේය. මෙය එන්ජිිෝ කොන්ත්‍රාත්තුවක් විය යුතුය. එය ලිව්වේ හාමුදුරුවන් අපවත්කර අවුරුදු තුනකට පසුවය. ලංකාව ආරක්‍ෂාකරණා යම් අදෘෂ්‍යමාණ බලවේගයක් පවතින බව පාස්කු ප්‍රහාර කුමණ්ත්‍රනය කොට උඩ යෑමෙන් පැහැදිලිවේ. එය ඉන්දියාවේ තිරුපති කෝවිලේ තරාදිය නොවේ. ලංකාවේ මුස්ලිම්-සිංහල ගැටුමක් ඇතිකරවීමට සිතා කල ප්ලෑන බකල් විය. ඊට දින දෙකකට පෙර ඇමෙරිකන් තානාපති නෝනා හිස්බුල්ලා සමඟ ගොස් සහරාන්ගේ සයින්‌දුමරිදුවල ඇමෙරිකන් නාවික බලaැනියෙන් සැදූ පාසැලක් විවෘත කරදීම පුදුමාකාරයේ අහම්බ සිදුවීමකි. පාසැල් අවතැන්වන ජනයාගේ නිවහන්ද වේ. මෙම පාස්කු බෝම්බ නිසා නුදුරු අනාගතයේදී මුළු රටම වෙලාගත් භයානක බෝම්බ-කඩු-පිහි ඝාතනයක් පිළිඹඳ සංඥාවක් සිංහල හා දෙමළ ජනයාට ලැබුණේය.

සදාම් හුසේන් කුවයිට් ආක්‍රමණය කලොත් ඇමෙරිකාව ඊට මැදිහත් නොවන්නේ යයි ඇමෙරිකන් තානාපතිනිය දුන් ලණුව කා ඔහුට විරුද්ද්ධව මුස්ලිම් රටවල් බෙදාගන්නට සදාම් ඇමෙරිකාවට මගපාදා දුන්නේය. මිචෙල් සෙසන් මාදුළුවාවේ හාමුදුරුවන් හරහා සිංහල බෞද්ද්ධ ජනයා දෙකඩ කලේය. මහින්ද රාජපක්‍ෂ පැරදුනේ ඒ නිසාය. දැන් රනිල්ලා සදන්නේ ඥානසාර, රතන යන හාමුදුරුවරු දෙන්නා ඇතුළු සංඝ සමාජය විසින් රටේ ගොඩ නගමින් ඉන්නා 1956 දී සිදුවූවාටත් වඩා ප්‍රභල සිංහල-දෙමළ බලවේගයට රන්ජන් ලවා අපචාර කතා කියවා මඩ ගැසීමය. ටී එන් ඒ මන්ත්‍රී හොරුන්, බංකොලොත් ගජේන්ද්‍ර පොන්නම්බලම් වැනි අය කීනියා උණුවතුර ලිං, ගුරුකන්ද විහාරය වැනි අළුත් ප්‍රශ්ණ ඇතිකරන්නේද දෙමළ ජනයාගේ මේ වෙනස්වීමට ඇති භීතිය නිසාය.

පාස්කු ප්‍රහාරය යම් කුමණ්ත්‍රනකාරීන්ට පාරාවලල්ලක්‌වුන පරිදිම, රන්ජන් පාවිච්චිකරමින් කරන්නට සිදූකරන්නට සිතූ උපායද දැන් අතේ පත්තු වෙමින් පවතී. රන්ජන් දැලිපිහියක් අතට දුන් වඳුරෙක් වැනිය. ඔහුට ඇත්තේ පිරිසිදු රෙකෝඩ් එකක් නොවේ. නඩුකාරයින් ගැන ඔහු කල ප්‍රකාශය නිසා සමස්ත උසාවි ක්‍රමයම හෑල්ලුවට ලක්‌විය. නඩුකාරවරු ඔහුට විරුද්ද්ධ නඩුව කල්දමමින් අතරමංව සිටී. ඉන් පසු ඔහු කිව්වේ මන්ත්‍රීලා ඇමතිලා කුඩු ගහන කතාවය. මෙම කතාවෙන් පාර්ලිමේන්තුවේ කතානායක වෙව්ලා දණගසා ගියේය. රටේ ජනයා මෝඩයින් යයි මේ අය සිතන්නේය. රන්ජන් ගැන ඇමෙරිකන් තානාපති නෝනා නම් පැහැදී ඉන්නවාසේ පෙනේ. රන්ජන් නමැති කොට්ටෝරුවා දැන් කෙහෙල් ගහකට කොටා ඇත. පන්සල් ගැන, භික්‍ෂු විනය ගැන, පිරිමි ගණිකාවන්ගේ මනස ගැන රන්ජන් දන්නා කෙහෙල්මලක් නැත. විජය කුමාරතුංග මාමා, කාලෝ මාමා ගැන කියා ඔවුන්ගේ මොලේ ලබාගන්නට රන්ජන්ට බැරිබව රන්ජන්ට කියා දෙන්නට කෙනෙක් නැත.

රන්ජන් ඉස්සරහට දමා කතාවක් කියවා ඉන් පසු ඔහුගෙන් ලිඛිතව නිදහසට කරුණු විමසා, අගමැති කල සෙප්පඩවිජ්ජාව අගමැතිගේ බෙල්ලට වැටුණ උරචක්‍රමාලයක් කියා සිතෙන්නේ, කලාවැව හරහා ඇමෙරිකන් ඉරක් ගසන්නට වලිකන මොහු දැන් කලා වැව ගැන යෝද ඇල ගැන පුදුම ජාත්‍යාලයකින් කතා දෙන නිසාය. රන්ජන් හා රනිල් ලඟ දැන් භික්‍ෂූ අපචාර පිළිඹඳ ලිපිගොණුවක් ඇත. මෙහි ඇති නම් ගම් විස්තර පොලිසියට භාරදී හෝ කියවා බලා පොලිසියට භාරදෙන ලෙස ඔහු හැමවිටම සඳහන් කරන ඔහුගේ මල්වත්තේ මහනාහිමියන්ට භාරදීම රටේ අගමැති වශයෙන් රනිල්ට නීතියෙන් පැවරෙන වගකීමය. ලිපිගොණුවේ ඇති යම් භික්‍ෂුවක් විසින් සාමනේර භික්‍ෂූන් 9 කට ඒඩ්ස් රෝගය බෝකලා යන කරුණ පමණක්
වුවද සාපරාධි වරදක් යටතේ අත්‌අඩංගුවට ගැනීමට ප්‍රමාණවත්‌ය (මේ ගැන වෙන රටක නම් රටේ නීතිපති කෙලින්ම මැදිහත් වන්නේය). මෙසේ ක්‍රියා නොකරන්නේ නම් රන්ජන් හා රනිල් ඉන්නේ එකම බෝට්ටුවේය.

සංඝ සමාජයට මෙහිදී ඇති ජාතික වගකීම නම් රට වෙනුවෙන් එක් ධජයක් යටතේ ක්‍රියා කිරීමය. සංඝ සමාජයේ ප්‍රශ්ණ ඇති බොදු බල සේනාව 2012 දී සිටම කියා සිටියේය. තමන්ගේ වත්ත සුද්දකරගත යුතුයයි ඥානසාර හිමියෝ කියා සිටියේය. බොහෝ ගැටළු සුද්දගෙ නීතියෙන් බුද්ද්ධ ශාසනයට පැටවූ ගැටළුය. කාගම සිරිනන්ද හිමියන් ගම් වැසියන්ට පහදා දෙන අන්දමට සිවුර නමැති කැළයේ සැඟවී සිටීමට ඇති ඉඩකඩ බොහෝය. අනිත් අතට අඩුතරමින් 2002 බුද්ද්ධ ශාසන කොමිෂම් වාර්තාවත්, බුද්ද්ධ ශාසන ඇමතිවත් කියවා තිබෙනවාද? මාධ්‍ය හරහා රන්ජන්ට බනිනවා වෙනුවට හාමුදුරුවරුන් විසින් කල යුත්තේ සංවිධානගතව රන්ජන්-රනිල් කුමණ්ත්‍රනයේ හදවතටම පිහියෙන් ඇනීමය. රන්ජන් දමණය මේ අවස්ථාවේදී නොකලොත් ඉදිරි චන්ද වේදිකාවලදී රන්ජන් යකා නටනු නිසැකය.

2 Responses to “රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක පිරිමි ගොන් නාම්බෙක්ද?”

  1. jay-ran Says:

    චන්ද්‍රසිරි විජයවික්‍රම mahathaneni,mema GONG THADIYA,HUNG GORAKEKI,MOLAYAK NETHI ,OLUWA UDUMAGATH PAAHARA BALLEKI!!!

  2. Ananda-USA Says:

    Ranjan Ramanayake is a CONGENITAL IDIOT who should not hold ANY government post.

    This man is a loose cannon, a serial bungler, the proverbial BULL in a CHINA SHOP!

    Ranjan, in the name of God, GET LOST and leave us long suffering citizens of Lanka in PEACE!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress