තහනම් කටුපොල් වගාව සඳහා වීරකන්ද ජල පෝශක රක්ෂිතයක් වනසයි.
Posted on July 29th, 2019

පේශල පසන් කරුණාරත්න වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය යනු  නිවර්තන සදාහරිත වනාන්තර කීපයකටම හිමිකම් කියන්නා වූ ජෛව හා පරිසර පද්ධති විවිධත්වයෙන් පොහොසත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් වේ. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ වනාන්තර පද්ධතියට විශාල වශයෙන් කටුපොල් වගාව  නිසා තර්ජන එල්ල වෙමින් පවතින අතර කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළද කටුපොල් වගාව සඳහා විශාල රක්ෂිත ප්‍රදේශයක් විනාශ කරමින් පවතී.

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 849-F වීරකන්ද ග්‍රාමසේවා වසම තුල උතුරින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ගල්කන්ද රක්ෂිතයට මායිම්ව ඇති ඉතා වටිනා ජල පෝශක කලාපයක අක්කර 40ක පමණ විශාල වනාන්තර භූමියක් බැකෝ යන්ත්‍ර සහ යාන්ත්‍රික කියත් යොදාගනිමින් නමුණුකුල (ARPICO) වැවිලිසමාගම විසින් කටුපොල් සිටුවීම සඳහා විනාශකරමින් පවතී.

වටිනාකමින් ඉහල මෙන්ම දේශීය වශයෙන් දුර්ලභ ආරක්ෂිත ශාකයක් වන විශාල වල් දෙල් ශාක සහ වටිනාකමින් එයට නොදෙවනි වීශාල පුස් වැල් රාශියක් සමගින් විශාල ශාක ප්‍රමාණයක් කපා බිම හෙලා ඇත. එමගින් මෙම පරිසර පද්ධතිය තුළ වෙසෙන ගෝනුන්, ඌරන්, කැබැල්ලෑවන්, ඉත්තෑවන් වැනි සතුන් හට මෙන්ම මෙම භූමියේ දෙනි ආශ්‍රිතව වෙසෙන උභය ජීවින්ට විශාල තර්ජනයක් එල්ල වන බවත් එම ප්‍රදේශය මීවන ශාක සහ විශාල වටිනාකමක් ඇති ඖෂධ පැළැටි වලින් ගහන වනාන්තරයක් බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි.

තවද මෙම ජල පෝශක කලාපයෙන් ආරම්භවන දොළ පහරටද මේ වන විට මෙම වන හායනය දැඩිලෙස බලපෑ ඇත. එමෙන්ම ගම්වාසීන්ගේ එදිනෙදා ජල අවශ්‍යතා සපුරා ගැනීමට භාවිතා කරන මෙම දොළ මාර්ගය සිඳී යාමේ තර්ජනයට ලක්ව ඇත. තවද වීරකන්ද නායයෑම නිසාවෙන් හානියට පත්වූ පවුල් නැවත පදිංචිකර ඇත්තේද මෙම ජල පෝෂකය පාමුල භූමියේ වන අතර මෙලෙස සිදුවන වන හායනය නිසාවෙන් මෙම ප්‍රදේශයේ නාය යෑමේ අවදානම වැඩිවීමේ ප්‍රවනතාවයක්ද පවතී. එමෙන්ම පසුගිය වසර දෙක පුරාවට කටුපොල් වගාව සඳහා වීරකන්ද ප්‍රාථමික විද්‍යාලයට ජලය ලබාගන්නා ජල පෝශකය එලි කිරීම හේතුවෙන් මේ වන විට එම විද්‍යාලයේ දරුවන්ගේ ජල අයිතියද උදුරාගෙන ඇති බවට ප්‍රදේශවාසීන් පවසයි. දිගින් දිගටම මෙසෙල වනාන්තර ප්‍රදේශ කටුපොල් සඳහා එලි කීරීමේ ප්‍රථිඵල සෙල වර්ථමානය වන විට සුලු නියඟ කාලයට විශාල ලෙස ජලය හිඟ වන බව ඔවුන් පවසයි.

වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය මේ පිළිබඳව සොයා බැලීමේදී දැන ගැනීමට හැකි වූයේ මෙම වන හායනය සඳහා කිසිඳු අනුමැතියක් අදාල සමාගමේ වතු අධිකාරිවරයා ලබාගෙන නොමැති බවය. මේ පිළිබඳව දැනුවත් කරමින් අප සංවිධානය විසින් පරිසර අමාත්‍යාංශය ප්‍රමුඛ ආයතන ගණනාවකකට ලිපි මඟින් දැනුවත් කර ඇති අතර එහිදී මූලික වශයෙන් මෙම අනවසර වන හෙලීම සම්බන්ධව වහා නීතිමය  ක්‍රියාමාර්ග ගන්නා සෙලත් මෙම  අක්කර 40 ක ජලපෝෂකය “පරිසර සංවේදී කලාපයක්” ලෙස නම්කර ආරක්ෂා කරදීමට හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිතයකට යාබදව ඇති බැවින් අදාල ප්‍රදේශය වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරාගෙන තම රක්ෂියට ඈඳීමට අදාල කටයුතු කිරීමට කටයුතු කරන ලෙසටත් දන්වා ඇත.

මෙම වටිනා සංවේදී කලාපය රැක ගැනීම මෙන්ම ශ්‍රීලංකාව තුළ නැවත කටුපොල් සිටුවීම සම්පුර්ණයෙන්ම තහනම් කර ඇති බැව්න් එවැනි අවස්ථාවන් වලදී ඒ සඳහා විරුද්ධව කටයුතු කිරීමද අප සියළු දෙනාගේම වගකීම වේ. එබැවින් මේ සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතු අතර ඒ සඳහා සියළු දෙනා එක්විය යුතුය.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු  0777771348 (ජයන්ත විජේසිංහ, කැඳවුම්කරු, වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය) ඇමතීමෙන් ලබාගත හැක.

පේශල පසන් කරුණාරත්න

මාධ්‍ය සම්බන්ධීකාරක

වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය

One Response to “තහනම් කටුපොල් වගාව සඳහා වීරකන්ද ජල පෝශක රක්ෂිතයක් වනසයි.”

  1. Dilrook Says:

    Palm oil plantations are an environmental disaster much like tea. No more plantations in Sri Lanka. Closing down existing plantations is a wise move to preverse the environment. Use our very limited land to produce what locals can eat. Thereafter, if there is any more land left, we can consider export crops and other crops. Tobacco and tea plantations destroyed Sri Lanka in more than one way. We had no history of growing these. So is oil palm.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress