සැබෑ ටර්මිනේටර් හෙවත් කම්මුතු කරන්නා කවුද? මානව හිමිකම් කවුන්සිලයේ ජිනීවා යෝජනාව සඳහා සම අනුග‍්‍රහකත්වයෙන් ඉවත්වන ලෙස ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාව ජනපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු අනිකුත් අපේක්‍ෂකයන්ගෙන් ඉල්ලයි!
Posted on August 18th, 2019

උපුටා ගැන්ම දිවයින

araksha

⋆ මානව හිමිකම් කවුන්සිලයේ ජිනීවා යෝජනාව සඳහා සම අනුග‍්‍රහකත්වයෙන් ඉවත්වන ලෙස ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාව ජනපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු අනිකුත් අපේක්‍ෂකයන්ගෙන් ඉල්ලයි

 ⋆ ශ‍්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ලවන ජිනීවා යෝජනාවේ නිර්මාතෘ ඇලිස් වෙල්ස් මෙරටට පැමිණෙයි

 ⋆ ප‍්‍රභාකරන් කම්මුතුකරුවෙක් නොවේද?

 ⋆ හිටපු ආරක්‍ෂක ලේකම්ට චෝදනාකරන ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රී ශ‍්‍රීධරන් කොටි ඝාතකයාවූ තිපන්ගේ මස්සිනායි

 ⋆ ජනපති අපේක්‍ෂක ලෙස හිටපු හමුදාපති සරත් ෆොන්සේකා නම් කරමු

 – කොටි ජාලයේ 11 වැනියා වූ කිරුබාකරන් රජයට උපදෙස් දෙයි


 ..මිතුරන් වේශයෙන් එන සතුරන්ගෙන් ප‍්‍රවේසම් විය යුතුයි..
 – රුසියානු ජනපති වැලඩමීර් පුටින්

අග්නිදිග ආසියානු කටයුතු සඳහා වූ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරියවූ ඇලිස් වෙල්ස් මේ සතියේදී මෙරටට පැමිණියාය. ඇය මෙරටදී අගමැති සහ රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් මෙන්ම විපක්‍ෂ නායකයාද හමුවී සාකච්ඡා කළාය. එහෙත් ජනපති සහ ඇය අතර සාකච්ඡාවක් පැවැත්වුණේ නැත. මේ ඇලිස් වේල්ස් යනු ශ‍්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කෙරෙන ජිනීවා යෝජනාවේ නිර්මාතෘවරියයි. එහෙත් මෙරට දේශපාලකයන් සිතන්නේ ඇය පාකිස්තානය සහ ඉන්දියාවේ සංචාරයක යෙදෙන ගමන් ශ‍්‍රී ලංකාවට පැමිණි බවයි.

 2017 සැප්තැම්බර් 9 දා ඇලිස් වේල්ස් ඇමරිකානු කොංග‍්‍රසය ඉදිරියේ මෙලෙස පැවැසුවාය.

 30/1 ජිනීවා යෝජනාව මුළුමනින්ම ක‍්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකාව සහ ශ‍්‍රී ලංකාව එක්ව කි‍්‍රයාකරන අතර ඉන් එම චෝදනා විමර්ශනය කිරීමේ විමර්ශන යාන්ත‍්‍රණයක් ස්ථාපිත කිරීමට සහ යුද අපරාධ චෝදනා 

 ගැන නඩු පැවරීමටද හැකිවෙනවා. මින් ඇය පෙන්නුම් කළේ ශ‍්‍රී ලංකාව සහ ඇමරිකාව එක්ව හයිබි‍්‍රඞ් අධිකරණ යාන්ත‍්‍රණයක් සඳහා විදේශ විනිසුරුවන් ගෙනඒමේ මෙහෙයුමයි.

 එසේම ඇය තවදුරටත් සඳහන් කළේ 30/1 ජිනීවා යෝජනාව ප‍්‍රකාර ව්‍යවස්ථානුකූල ප‍්‍රතිසංස්කරණය තුළින් ශ‍්‍රී ලංකාවේ පළාත්වලට විමධ්‍යගත බලය ලැබෙන බවයි. මේ හැර ත‍්‍රස්ත මර්දන පණත වෙනස් කිරීම අතුරුදන්වූවන්ගේ කාර්යාලය ස්ථාපිත කිරීමට කි‍්‍රයාකළ යුතු බවයි.

ඇලිස් වේල්ස් මෙවර ශ‍්‍රී ලංකාවට පැමිණියේ විපක්‍ෂය සිය ජනාධිපති අපේක්‍ෂකයා ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ නම් කිරීමට තීන්දු කර තිබියදීය.

 එසේ නම් සනාථ වන්නේ ඇගේ ශ‍්‍රී ලංකා සංචාරයෙන් ඇමරිකාවේ අලූත්ම දේශපාලන කි‍්‍රයාව ආරම්භ වී ඇති බව නොවේද?

araksha2

ඇලිස් වේල්ස් ශ‍්‍රී ලංකාවට පැමිණීමට සති කීපයකට පෙර ඇමරිකානු සී” අයි. ඒ ඔත්තු සේවාවට සම්බන්ධ යූ එස් (USAID) ආයතනය මාධ්‍ය සංවර්ධන පාර්ශවකරුවෝ නමින් තවත් ව්‍යාපෘතියක් දියත් කරනු ලැබීය.

 මේ ව්‍යාපෘතිය හඳුන්වා දෙනු ලැබුවේ මාධ්‍ය පාර්ශව නගාසිටුවීම ඉන් සමබර සහ ඒකපාක්ෂික නොවන සහ ජනතාව උනන්දුවක් දක්වන කරුණු කි‍්‍රයාත්මක කිරීමට සහය වීම මුවාවෙනි.

 මෙහිදී නැගෙන බරපතල ප‍්‍රශ්නය ජනපතිවරණය සමීපව තිබියදී යූ. එස්. ඒඞ් ආයතනය මෙරට මාධ්‍ය 
 නගාසිටුවීමට ඉදිරිපත් වීමයි.

 2015 වසරේ මෙරට පැවැති ජනපතිවරණය සඳහා රාජ්‍ය නොවන සංවිධාන වලට අරමුදල් සපයනු ලැබුවේ මෙම යූ එස් ඒඞ් ආයතනයයි.

 එහෙත් ඇමෙරිකාව දැන් සිටම වැඩ පටන් අරගෙන ඇති බව විරුද්ධ පක්‍ෂයේ අවධානයට යොමුවී තිබේද?

 එසේම ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය වූ ඇලිස් වේල්ස් 2017 සැප්තැම්බර් මසද ශ‍්‍රී ලංකාවට පැමිණියාය. හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය වූ හිලරි ක්ලින්ටන් සමග සමීපව කටයුතු කළ ඇය දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් විලියම් බර්න්ස් සමග එක්ව වන්නි මෙහෙයුමේ අවසන් අදියරේදී ශ‍්‍රී ලංකා යුද අපරාධ සිදුකළ බවට චෝදනා කරමින් ශ‍්‍රී ලංකා හමුදාව වගවීමේ කි‍්‍රයාදාමය සඳහා යොමු කළාය.

 එදා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව දියත් කළ යුද අපරාධ චෝදනා සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාලය සමග සම්බන්ධීකරණ කටයුතු මෙහෙයවනු ලැබුවේ මේ ද්‍රෝහී නිලධාරිනියයි. ශ‍්‍රී ලංකාව වන්නි මෙහෙයුමේදී මානුෂීය නීතිය උල්ලංඝණය කළ බවට පැවසුවේද වේල්ස්ය.

 2017 වසරේදී ඇලියා වේල්ස් ජෝර්දානයේ ඇමරිකානු තානාපතිනිය ලෙස සේවය කරද්දී එරට අභ්‍යන්තර කටයුතු වලට මැදිහත්වීම නිසා ජෝර්දාන් අබ්දුල්ලා රජුගේ විවේචනයට ලක්වූවාය.

 වහාම ඇයට ජෝර්දානයෙන් කැඳවන ලෙස අබ්දුල්ලා රජු කළ ඉල්ලීමට ජනාධිපති ට‍්‍රම්ප් එකඟ වූවාය.

 එහෙත් ඇලිස් වේල්ස් 2017 වසරේ මෙරටට පැමිණ එවකට මෙරට ඇමරිකානු තානාපති වූ අතුල් කෙශාප්” ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් සහ අමාත්‍ය මනෝගනේෂන් සහ එන්. ජී. ඕ කල්ලිය සමග එක්වී විහාර මහා දේවී උද්‍යානයට ගොස් අතුරුදන්වූවන් වෙනුවෙන් ඉටිපන්දම් දැල්වූවාය.

 ඇමරිකානු හමුදා විසින් ඉරාක වැසියන් ලක්‍ෂයකට අධික සංඛ්‍යාවක් අතුරුදන්කර ඇති විටෙක ඇලිස් වේල්ස් මෙරට අතුරුදන්වූවන් වෙනුවෙන් ඉටිපන්දම් දැල්වීම විහිළුවක් නොවේද?

 මේ පසුබිම මැද හිලරි ක්ලින්ටන් ආධාරකාරියවූ ඇලිස් වේල්ස්ට මෙරට අභ්‍යන්තර කටයුතු වලට මැදිහත්වීමට ඇති අයිතිය කුමක්දැයි ප‍්‍රශ්න කිරීමට කිසිම රාජ්‍ය බලධාරියකු ඉදිරිපත් වූයේ නැත.

 එසේම මෙවර ඇය මෙරට එන්. ජී. ඕ ප‍්‍රධානීන් සමග පැවැත්වූ රහස් සාකච්ඡා ගැන විපක්‍ෂය දන්නේද?

ඇලිස් වේල්ස් මෙවර මෙරටට පැමිණියේ හිටපු ආරක්‍ෂක ලේකම් ජනපතිවරණයට ඉදිරිපත්වීම ගැන එන් ජී ඕ ප‍්‍රධානීන්ගේ වාර්තාවක් ලබාගැනීමටය. එහෙත් රටේ ජනතාවගේ තීන්දුව යනු පාක්‍යසෝනි සවරිමුත්තු” ජෙහාන් පෙරේරා” නිමල්කා ප‍්‍රනාන්දු” සුදර්ශන ගුණවර්ධන සහ එන් ජී ඕ ක‍්‍රියාකාරීන්ගේ තීරණය නොවේ.

 එසේම හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිධුර අපේක්‍ෂකයා වීම නිසා සතුරු පාර්ශව දැඩි කෝපයට පත්වී ඇත. මේ සතුරු පාර්ශව අතර හිටපු කොටි 12000 ක් සහ එන් ජී ඕ කල්ලියද ජාත්‍යන්තරය සහ කොළඹ විදේශ තානාපති කාර්යාල සමග සබඳකම් පවත්වන විවිධ කි‍්‍රයාකාරින්ද විය. මේ නිසා හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට මරණීය තර්ජන එල්ල වී ඇත.

 1987 මැයි 28 දා පළමු ගජබා රෙජිමේන්තුවේ බපල් රියක් බෝම්බයකට ලක්වී මුළුමනින්ම විනාශ විය. එම බපල් රියේ ගෝඨාභය සිටි බවට ප‍්‍රචාරය වූවත් ඔහු එහි සිටියේ නැත.

 ඉන්පසු කොටි 2006 දෙසැම්බර් 1 දා කොල්ලූපිටියේ පිත්තල හන්දියේදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු 
 ගෝඨාභයගේ රියට කඩා වැදුනු අතර ඔහු එම ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන්ද ගැලවුනි

araksha3

මේ පිළිබඳ කොටි නිල වෙබ් අඩවිය පැවසුවේ ගෝඨාභය අනූනවයෙන් බේරුන බවයි. හිටපු ආරක්‍ෂක ලේකම්ව එරෙහිව එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය ගැන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පැවසුවේ එය ජනතාවගේ අනුකම්පාව දිනාගැනීමට දියත්වූ ඇතුලත වැඩක් බවයි. එහෙත් අනුකම්පාව හිමිකර ගනු සඳහා යමෙක් මරාගෙන මැරෙන බෝම්බකරුවන්ද යොදාගනු ඇතැයි කිවහැකිද?

 මෙවන් පසුබිමක් මැද ගෝඨාභය රාජපක්‍ෂ කොටි ඩයස්පෝරාවේ ඉලක්කය වී ඇත. කොටි ඩයස්පෝරාව සතුව ජිනීවා නුවර ඉහළම බැංකුවක ඩොලර් බිලියන 3 ක මුදලක් ඇති නිසා ඔවුන්ට කුලී ඝාතකයකු යෙදවීමේ ඉඩකඩ තිබේ.

 මෑතකදී ස්විස් කොටි නායක ජයපාලන් වෙල්ලයියා පැවසුවේ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඩයස්පෝරාවෙන් ගැලවෙන්නේ නැති බවයි.

 ස්විස්ටර්ලන්තය තුළ කොටි සංවිධානය තහනම් නැති නිසාත් ඕනෑම අවියක් මිලයට ගැනීමේ හැකියාවක් පවතින නිසාත් කොටි ඩයස්පෝරා කි‍්‍රයාකාරීහු අවස්ථාව එනතුරු බලාසිටියි.

 ත‍්‍රස්තවාදීන් තමන්ට එරෙහිවූ හමුදා නායකයන්ට සමාව නොදෙන බවට හොඳම නිදසුන ඉන්දීය හමුදාපතිව සිටි ජනරාල් අරුන් විද්‍යා 1986 අගෝස්තු 10 දා පූනේ නගරයේදී ඝාතනය වීමෙනි.

 විශ‍්‍රාම යාමෙන් පසු පූනේහි නිවසක පදිංචිව සිටි ජනරාල් විද්‍යා සිය රියදුරු සමග වෙළෙඳපල වෙත යන අවස්ථාවේ මගරැකසිටි සීක් ත‍්‍රස්තයන් තිදෙනකු ඔහුට වෙඩි තබා මරාදමනු ලැබීය.

 මෙයට හේතුවූයේ 1984 දී ඔහු කැලිස්තාන් ත‍්‍රස්තයන් අරක්ගෙන සිටි අම්රිත්සාර්හි රජදෙවොල මුදාගැනීමට ඔපරේෂන් බ්ලූස්ටාර් මෙහෙයුම දියත් කිරීමයි.

 එම ඝාතනය තමන් සිදුකළ බව කැලිස්තාන් කමාන්ඩෝ බලඇණි නැමැති ත‍්‍රස්ත කණ්ඩායම විසින් හෙළිකර තිබුණි.

 මෙම ඝාතනය සිදුකළ සුක්දේව් සිං සහ හරිජ්න්දර් සිං නැමැති ත‍්‍රස්තයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමටත් පසු වරදකරුවන් වීම නිසා එල්ලා මරාදැමුනි.

 ඉන්පසු 2012 ලන්ඩන් නුවරදී ලූතිනන් ජනරාල් කුල්දිප් සිං සිය බිරිය සමග ලන්ඩන් නුවර වීදියක ගමන් කරද්දී සීක් ත‍්‍රස්තවාදී ආධාරකරුවන් සිව්දෙනෙක් ඔහුගේ බෙල්ල කපා මරාදැමීමට ගත් උත්සාහයද ව්‍යාර්ථ විය.

 78 හැවිරිදි වියේ පසුවූ කුල්දිප් සිංද ඔපරේෂන් බ්ලූස්ටාර් මෙහෙයුමට සහභාගිවූවෙකි.

ලන්ඩන් අධිකරණය ඉදිරියේදී මෙම ඝාතන සැලසුම හෙලිවූ අතර ලූතිනන් ජනරාල්වරයා පැවසුවේ එක් ත‍්‍රස්තයෙක් සිය උගුර පිහියකින් කපා දැමීම නිසා අධික ලෙස ලේ වහනය වූ බවයි. 2012 සැප්තැම්බර් 30 දා සිදුවූ මේ සිද්ධියට වගකිව යුතු මන්දිප් සිංහ” දිල් වාන් සිං” හරිජික් කවුරු සහ ඔර්ජින්දර් සිං අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ සීක් ආධාරකරුවෝ හිටපු ලූතිනන් ජනරාල්වරයා යුද අපරාධකරුවකු බව දක්වමින් ඔහුට එරෙහිව කි‍්‍රයාකරන ලෙස ඉල්ලා සිටියහ. මෙම ඝාතන සැලසුමට සම්බන්ධ සීක් ත‍්‍රස්තයන්ට ලන්ඩන් අධිකරණය වසර 14 ක සිරදඬුවමක් නියම කරනු ලැබීය.

 මෙවන් පසුබිමක් මැද කොටි ඩයස්පෝරාව සිටින්නේ අවස්ථාව එනතුරු නොවේද? සහරාන් හෂීම් ප‍්‍රමුඛ අන්තවාදීන් කණ්ඩායම අවස්ථාව උදාවන තුරු බලාසිටි අතර අතිවිශාල ධනස්කන්ධයක් ඇති කොටි නිහඬව සිටිනු ඇතැයි කිවහැකිද?

 නිදහස් වූ කොටි 12000 අතර මරාගෙන මැරෙන බෝම්බකරුවන් කීදෙනෙක් සිටින්නේද යන්න මෙරට බුද්ධි අංශ නොදනී.

 මෙවන් පසුබිමක් මැද හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සංචාරය කළ කැළණිය” අනුරාධපුර” දඹුල්ල” මහනුවර වැනි ස්ථානවල ආරක්‍ෂක දුර්වලතා පැවැති බව සනාථ විය.

 හිටපු ඉන්දීය අගමැති අගමැති රජීව් ගාන්ධි තමිල්නාඩුවේ ශ‍්‍රීපෙරුම්මුදුර්හිදී ජනතාව අතරට යාමට සමානව හිටපු ආරක්‍ෂක ලේකම්වරයාද ජනතාව අතරට පිවිසියේය. එය බරපතල ආරක්‍ෂක දුර්වලතාවයකි. එවැනි අවස්ථා සතුරන් නිරීක්‍ෂණය නොකරනු ඇතැයි කිවහැකිද?

araksha4

සිංහලයන්ට සතියක් ගතවන විට සියළු දේ අමතක යයි පැවසුවේ කොටි නායක ප‍්‍රභාකරන්ය. මේ කියමන ඇස් පනාපිට තහවුරු වී ඇත්තේ හිටපු ආරක්‍ෂක ලේකම්ගේ සංචාර නිසාය.
 
 වරක් ඊශ‍්‍රායල් අගමැතිවූ එනුද් බරක් පැවසුවේ සතුරන් කොයි මොහොතේ හෝ ප‍්‍රහාර එල්ල කිරීමේ අවස්ථාව එනතුරු බලාසිටින බවත් අප පැය 24 පුරා නිරීක්‍ෂණය කරන්නේ නම් සතුරන්ගෙන් ගැලවිය හැකි බවයි.
 
 ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ විජය කුමාරතුංග සතුරටන් බිලිවූ අතීතය සිහිපත් කරන්නේ නම් හිටපු ආරක්‍ෂක ලේකම්වෙත යොමුවී ඇති මාරාන්තික තර්ජනය පැහැදිලි වනු නියතය.
 
 මේ අතර හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ජනපතිධුර අපේක්‍ෂාකයා ලෙස නම් කිරීමෙන් පසු මුදල් ඇමැති මංගල සමරවීර ඔහුට හඳුන්වනු ලැබුවේ ටර්මිනේටර් හෙවත් කම්මුතුකරන්නා යනුවෙනි.
 
 එහෙත් අද වනතුරු වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ව ටර්මිනේටර් යනුවෙන් හැඳින්වීමට කිසිදු දේශපාලකයෙක් කි‍්‍රයාකර නැත.
 
 2004 වසරේ සැප්තැම්බර් මස දිනෙක ප‍්‍රකට නළු ආර්නෝල්ඞ් ස්වාස්නෙජර් නිව්යෝර්ක්හි රිපබ්ලිකන් පක්‍ෂ සමුළුවේදී ජෝර්ජ් බුෂ් ජනපතිව හඳුන්වනු ලැබුවේ ත‍්‍රස්තවාදී කම්මුතුකරන්නා :ඔැරරදරසිඑ ඔැරපසබ්එදර) යනුවෙනි. නුඹ ත‍්‍රස්තවාදීන්ව පරාජය කලා යයි එම හොලිවුඞ් නළුවා ජෝර්ජ් බුෂ් ඇගයීමට ලක්කරමින් කියාසිටියේය. පසුව ටර්මිනේටර් චිත‍්‍රපටයේ නළුවා වූයේද ආර්නෝල්ඞ්ය. එසේනම් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සිදුකළේද කොටි ත‍්‍රස්තවාදය වැනසීමයි. එහෙත් මේ බව බලලෝභි දේශපාලකයන්ට අමතක වී ඇත.
 
 මෙවන් පසුබිමක් මැද සැබෑ කම්මුතුකරන්නා කවුරුන්ද? ඒ සුප‍්‍රකට බටලන්ද වධකාගාරය මෙහෙයවූවන්ය. මේ වධකාගාරය ගැන විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිසම හමුවේ අසූ දෙකක් සාක්‍ෂි දුන්හ එහි වාර්තාව පිටු 6780 කින් සමන්විත විය.
 
 බටලන්ද වධකාගාර සිද්ධියේ ප‍්‍රධාන චූදිතයා වූයේ කැලණිය හිටපු සහකාර පොලිස් අධිකාරි ඩග්ලස් පීරිස්ය. එහෙත් එවකට පැවැති රජය 1990 පෙබරවාරි මස ඔහුට වැටුප් වර්ධක දෙකක්ද දී තිබුණි. එහෙත් ඩග්ලස් පීරිස් එකවරම රටින් 
 
 පලාගිය බව වාර්තා විය. මෙම බටලන්ද ජනාධිපති කොමිසම හමුවේ එවකට සිටි දේශපාලකයකුටද චෝදනා එල්ලවී ඔහුගේ ප‍්‍රජා අයිතිය අහිමිකළ යුතු යයි නිර්දේශවිය. එහෙත් එම දේශපාලකයා මෙන්ම ඩග්ලස් පීරිස් නීතියේ රැහැනින් ගැලවුනි.
 
 මේ බටලන්ද වධකාගාරය ගැන බොහෝ දේශපාලකයන්ට අද අමතකවී තිබේ. පැහැරගෙන යාමට ලක්වූ තරුණයන් ගැන හැඬූ කඳුළින් යුක්තව කරුණු දැක්වීම සඳහා එදා මවුවරු දිවයින කාර්යාලයට පැමිණියහ. මේ කටුක අතීතය අපට අමතක නැත. මේ නිසා සැබෑ කම්මුතුකරුවන් හෙවත් ටර්මිනේටර්ලා කවුරුන්ද?
 
 1988 සිට 1990 දක්වා කාලය තුළ බටලන්ද වධකාගාරයේ සිදුවූ කම්මුතු කිරීමේ හෙවත් වනසා දැමීමේ මෙහෙයුම 1994 වසරේ බලයට පත්වූ පොදු පෙරමුණු රජය විසින් විමර්ශනයට ලක්කිරීමට කි‍්‍රයා කෙරුණි. මේ යටගිය අතීතය හෙලිවන අවස්ථාවේ ඩග්ලස් පීරිස් දැන් මෙරට සිටින බව එවකට සිටි පොලිස් නිලධාරීන් කීපදෙනෙක්ම අප වෙත අනාවරණය කරනු ලැබීය.
 
 මේ නිසා හිටපු ආරක්‍ෂක ලේකම්ට ටර්මිනේටර් යනුවෙන් අවමන් කරන දේශපාලකයන් වීදුරු ගෙවල් වල සිට ගල්ගසන බව පැහැදිලිය. මේ අතර ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රී එස් ශ‍්‍රීධරන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ගැන මෙලෙස පවසා ඇත.
 
 ..ඔහු ඝාතනවල ස්වාමියායි. සුදු වෑන් වලින් පැහැර ගැනීමේ ස්වාමියායි. කිසිදු පැකිලීමකින් තොරව මම ඒ බව පවසන්නෙමි…
 
 එහෙත් මේ ශ‍්‍රීධරන් කවුද? ද්‍රවිඩයන් මෙන්ම සිංහලයන්ද සිය ගණනක් ඝාතනය කළ යාපනයේ කොටි හමුදා නායකයාවූ තිපන්ගේ සොහොයුරිය විවාහ වී සිටින්නේ ශ‍්‍රීධරන් සමගය.
 
 එසේ නම් ශ‍්‍රීධරන් ගැන කුමන කතාද?
 

araksha5

මේ අතර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට ජනාධිපති විසින් උසස් වීමක් ලබාදීම 
 ගැන නීතිවේදිනියක් චෝදනා කරමින් එවන් උසස්වීම් දෙන ලෝකේ එකම රට මේ රට යයි පවසා ඇත.
 
 එසේ නම් ගල්ප් යුද්ධයේදී ඉරාක සෙබලූන් පණපිටින් වැල්ලේ යටකල ජනරාල් ස්ටාස්කෝපට ජනපති ජෝර්ජ් බුෂ් උසස් වීමක්දීම අමතකද?
 
 මේ අතර මීළඟ ජනපතිවරණය සඳහා තමා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා නිර්දේශ කරන බව කොටි ජාත්‍යන්තර ජාලයේ 11 වැනියාවූ වී කිරුබාහරන් නැමැති කොටි හිතවාදියා ප‍්‍රශ්න කර ඇත.
 
 වසර කීපයක් තිස්සේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ‍්‍රී ලංකාවට හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කළ කිරුබාහරන් දැන් අසරණයකු බවට පත්වී තිබේ.
 
 මේ අතර ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාව සිය යෝජනාවන් ජනපතිවරණ අපේක්‍ෂකයන්ට ඉදිරිපත් කර ඇත.
 
 පසුගිය බ‍්‍රහස්පතින්දා මේ යෝජනාවලිය ප‍්‍රකාශයට පත්විය.
 
 එහි ඇති ප‍්‍රධානතම යෝජනා මෙසේයි.
 
 ජාතික ආරක්‍ෂාවට බලපාන කිසිදු ප‍්‍රඥප්තියකට එකඟ නොවිය යුතුයි.
 
 අතුරුදන්වූවන්ගේ පණත හානි පූර්ණ පණත සහ සත්‍ය කොමිසම අහෝසි කළ යුතුයි.
 
 පෙඩරල් රාජ්‍යයක බිහිකිරීමට ඉඩනොදිය යුතු අතර ඒකීය රාජ්‍යයක් ඉවත්නොකළ යුතුයි.
 
 ශ‍්‍රී ලංකාවේ ෙසෙවරීභාවය උදෙසා සටන් කළ ජාතික වීරයන් ඉතිහාස පොතට ඇතුල් කළ යුතුයි.
 
 හම්බන්තොට වරාය” කොළඹ ජැටි සහ ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි නැවත අත්පත්කරගත යුතුයි.
 
 යාපනයේ සිංහල විද්‍යාලය නැවත ස්ථාපිත කළ යුතුයි.
 
 ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ශක්තිය තෙගුණ කළ යුතුයි.
 
 මෙවන් යෝජනාවලියක් මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් ඉදිරිපත් කර නැත.
 
 ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ මහලේකම් යසස් ධර්මදාස ව්‍යාපෘති ලේකම් අජන්ත පේ‍්‍රමරත්න සහ නේවාසික සම්බන්ධීකාරක නුවන් බෙල්ලන්තුඩාව” රනිල් ජයනෙත්ති යන මහත්වරු මෙම යෝජනාවලිය ඉදිරිපත් කර ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress