බලය බෙදා දීම කළහැකි එකම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා පමණි.
Posted on August 27th, 2019

චන්ද්‍රසේන පණ්ඩිතාගේ විසිනි.

අපට නිතර දෙවේලේ කනට හුරු පුරුදු කතාවකි ඒ. බලය බෙදා දීම. කා විසින් කාටද මේ බලය බෙදා දිය යුත්තේ. කා ලගද මේ බලය ඇත්තේ? කාටද බලය නැත්තේ? මේ සංවාදය යන අතරේ පැන නගින අතුරු ප්‍රශ්න කන්දරාවයි.

අප දන්නා ආකාරයට අප ජීවත් වෙන පෘතුවියට බලය ලැබෙන්නේ හිරුගෙන් වෙන අතර, දෛනිකව හිරු නම් වූ අප සෞර්ය ග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රය සෑම තප්පරයක් පාසාම නිරන්තරයෙන්ම බලය බෙදා හැරීමක නිරත වෙයි. සූර්යා විසින් නිකුත් කරනු ලබන මහා බල කන්දරාවෙන් මේ පෘතුවිය ලබනුයේ ඉතා ස්වල්පයක් වන අතර, එම බලය මෙම පෘතුවිය මත පවතින ජීවින්ට හා අජීවී පදාර්තයනගේ කාර්යයන් සදහා යොදා ගැනේ. මෙම බලය පෘතුවියේ සියළු කාර්යයන් සදහාම ප්‍රමාණවත් වුවද, මෙම බලය නිසිලෙස බෙදා හැරීමේ කලමනාකරණයක් නැති නිසා දෝ පෘතුවි තලයේ ජීවත්වෙන විශාල ප්‍රමාණයක් වූ ජීවීන් හා අජීවී පදාර්තයන් බල ඌණතාවයකින් පෙලේ. මෙම ප්‍රශ්ණය ප්‍රබල සමාජ ගැටළුවක් වන අතර, මෙය වහාම විසදීම සදහා පවතින තත්වයන් සමාජයන්ට බල කරමින් සිටී.

පලමු කරුණ වන්නේ පෘතුවියේ සියළුම පෙදෙස් වලට ඒකාකාරයව මෙම බලය බෙදා හැරීමේ කටයුත්තට අවහිර කරනුයේ සෞර්ය ග්‍රහ මණ්ඩලීය යාන්ත්‍රණය වන බැවින්, එම කාර්යය ස්වභාවය සම්මතයක්  වශයෙන් සලකා කටයුතු කිරීමට අපට සිදුව තිබේ. උත්තර ධ්‍රෑවයට හා දක්ෂිණ ධ්‍රැවයට අවශ්‍ය කරනුයේ ඉතා අඩු බලයක් බැවින් එම පෙදෙස් දෙසට ඉතා අඩු බලයක් මුදා හරින සූර්යයා නිරක්ෂීය කලාපයට විශාල බලයක් මුදා හැරීම හරහා, භූමිමය වශයෙන් විෂමාකාර බල මුදා හැරීමක් සිදු කලද, විශාල සත්ව හා ශාක පරම්පරාවක් ජීවත්වෙනුයේ මෙම නිරක්ෂීය කලාපයට ආසන්නයේ බව අවබෝධ කරගත් විට ස්වභාවයද බල මුදා හැරීමේදී අසාධාරණ ආකාරයකට එම කටයුත්ත සිදු කර නැතැයි යන්න ගම්‍ය වේ.

පෘතුවිය මතට වැටෙන බල ශක්තියෙන් මිනිසාට අත ගැසිය හැකි මානයේ ඇති දෑ සිය වර්ගයා අතර සාමූහිකව බෙදා ගන්නවා වෙනුවට ඉතා සුළුතරයක් දෙනා එම බලය සිය පෞද්ගලික අවශ්‍යතාවයන් සදහා ගොනු කර තබා ගැනීමේ හේතුවෙන් මහා බල අසමතුලිතතාවයක් මෙලොව තුල ජනිතව ඇත.  මේ හේතුවෙන් සමාජමය වශයෙන් බල ඌන තාවයකින් යුත් කණ්ඩායමක් ලොව පුරා බිහිව සිටී.

බල ඌනිත පුද්ගලයින් ගෙන් අති විශාලයක් දෙනා, මේ සිදුව ඇත්තේ කුමක්දැයි නොදනී. මෙම තත්වය පෘතුවි තලයේ සිටින සත්වයින්ගෙන් ප්‍රබලවම බල පාන්නේ මිනිසාට වෙන අතර, මෙම මිනිස් ක්‍රියාකාර කම් හේතුවෙන් අනිකුත් සත්ව හා ශාකද වලටද විශාල බලපෑමක් සිදුවෙන අතර, එය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන ප්‍රබල සමාජ ගැටළුවකි.

සූර්යයාගේ බල සම්ප්‍රේෂණය මගින් මෙලොවට අවශ්‍ය කරන, ඔක්සිජන්, ජල කලමණාකරණය, හා ආහාර නිශ්පාදනය මූලිකව ඉටු කරන ප්‍රධාන කාර්යභාරය වේ. මේ අනුව සූර්යා තම බලයෙන් පෘතුවිය මත මුදා හරිනු ලබන කොටස, පෘතුවි වාසී සියල්ලන්ටම අවශ්‍ය කරන වාතය, ජලය, හා ඝන ආහාර වශයෙන්ද තවත් ක්‍රියාන්විතයන් ගනනාවක් යටතේ ලබා දෙයි. සූර්යයා හා පෘතුවි වාසීන් අතර සිදුවෙන බල සම්ප්‍රේෂණ ක්‍රියාවලියේදී අතර මැදියා වශයෙන් ක්‍රියා කරනු ලබන්නේ ශාක ප්‍රජාව වන අතර, ඒ අනුව මේ පෘතුවිය තුල ශාක ප්‍රජාවන්ට උරුම වන්නේ උත්තරීතර තත්වයකි. මිනිසාටවත් උරුම නැති මේ තත්වය සම්බන්ධව මිනිස් ප්‍රජාව තුල වර්තමානයේදී විද්‍යාත්මක් අවබෝධයක් නැති අතර, ගසක් යනු ඕනෑම වේලාවක කපා බිම හෙලා දැමිය හැකි වස්තුවක් ලෙස විශාල ජන කොට්ඨාශයකගේ අවබෝධයයි. මෙම අනවබෝධය හරහා මිනිසාට උරුමව පවතින බලය මිනිසා විසින්ම අන්‍යයන් අතට පත් කර හරින සීමාවකට තල්ලුව ඇත.

මේ අතර, සූර්යා විසින් අඩු සූර්ය තාප ප්‍රමාණයක් මුදා හරිනු ලබන පෘතුවි උතුරු දේශවාසීන්ට අවශ්‍ය කරන බල ඌනතාවය මගහරවා ගැනීම සදහා බල ශක්ති මංකොල්ලයක නිරතවීම ආරම්භව මේ වනවිට ශත වර්ෂ ගනනාවක් ඉක්මවා ඇත. පලමුව කුරුදු, මුතු මැණික්, අනිකුත් කුළු බඩු වලින් ආරම්භව මේ වන විට ඛණිජ තෙල් අමු අමු වේ මංකොල්ල කෑම දක්වා වූ බලය ඩැහැ ගැනීමේ ක්‍රියාවලිය නිසි ලෙස කලමනාකරණය කිරීම සදහා විශාල සංවිධානද පිහිටුවා ගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු මේ බල මංකොල්ලයේදී පෘතුවි උතුරු දේශවාසීන් රැකවරණය සපයන ප්‍රධාන ආයතනය වන අතර, මෙය බල මංකොල්ලය සිදුකරන්නේ කෙසේදැයි තීරණය කරන ප්‍රධාන ආයතනයද වේ.

රටකට එරෙහිව, සම්භාධක පැනවීම, යුද්ධ කිරීමට බලය පැවරීම, ජාත්‍යන්තර නීතිය නමින් අටවා ගත් බලවත් රාජ්‍යයන් උදෙසා බල නොපාන නීති කඩමාල්ලකින් බිය ගැන්වීම,, ආහාර අධාර සැපයීම, සෞඛ්‍ය සේවාවන් සැපයීම, අධ්‍යපන ආධාර සැපයීම යන සකල විද ආකාරයට හැඩ ගැන්වූ ආයතන මගින්, සතුරා බල මංකොල්ලය සිදු කරයි. ශ්‍රී ලංකාවට මෙය මේ සියළු කරුණු වලට අමතරව බලය බෙදා හැරීම නම්වූ සුන්දර වචන කන්දරාචක් මවා පා මේ රට තුල යලි ගින්දර ජාලයක් ඇවිලවීමටද තැත් කරයි.

අප සැබැ ලෙසම බලය බෙදා හදා ගෙන ජීවත්වූ ජාතියක් වන අතර, විවිධ ආක්‍රමණිකයන්ගේ ආක්‍රමණ හේතුවෙන් අපට අප තුල වූ බලය අහිමි විය. අප සතුවූ බලය ආක්‍රමණිකයා සුපුරුදු ලෙස කොල්ලකාගත් අතර, අද අප ජනතාව අතට බලය අවශ්‍යව තිබේ. එය ද්‍රවිඩද, මුස්ලිම්ද, සිංහලද යන වර්ගීකරණයකට නතු නොවී සියළුම ශ්‍රී ලාංකිකයන්ටම අවශ්‍ය දෙයක් බවට පත්ව තිබේ. එදා රජ්ජුරුවන්ට කන්න දුන්න ජාතියක් අද රජ්ජුරුවන්ගෙන් කෑම යදින ජාතියක් බවට පත්කල ආක්‍රමණිකයාම වර්තමානයේ මෙරට පාලනයට බලය බෙදා හැරීමක් සම්බන්ධව බලපෑම්ද සිදු කරයි.

මෙරට ජනතාවට උරුම ප්‍රධාන බලය බෙදා හැරීම හරහා සිදුවන්නේ නොමිලේ වාතය, නොමිලේ ජලය, හා නොමිලේ ආහාර ඔවුනට උරුම වීමයි. මෙය ස්වභාවය විසින් මෙරට වාසී සියළු ජීවීන් උදෙසා ගොනු කල ස්වභාවයේ නීතියයි. බටහිර සතුරා මෙරටට පැමිණීමට පෙර මෙරට වාසී ජනතාව සුපිරි වෙළද සැලෙන් හාල් මිලදී නොගත් බව දන්නා අප, කුඹුර නම්වූ හරිත සූර්යය පැනලය නිසි ලෙස නඩත්තු කොට හිරු සපයන බලය සෘජුවම තමන් විසින් නෙලා ගත්හ. ඒ සදහා අවශ්‍ය කරන පොහොරද, බීජද ලබා ගන්නා ලද්දේද නොමිලේම වූ අතර, මෙරට ජනතාවට සැබැ ලෙසම බලය බෙදනවා යනු මෙම කාර්යයන් ජනතාව අතට යලි ලබාදීමය.

මෙම කාර්යය නිසි ලෙස කිරීමට නම් ජනතාව අතර, මෙරට තුල ඇති වගා කිරීමට හැකි, වගා කලයුතු සියළුම ඉඩම් නිසි කළමණාකාරිත්වයක් යටතේ බෙදා දිය යුතුමය. ඉඩම යනු හිමිකරගෙන ඔහේ පාළුවෙන්නට ඉඩහැරිය යුතු කාටවත් උරුම පෞද්ගලික වස්තුවක් නොවන අතර, හරිත වර්ණයෙන් දිදුලන භූමියක් විය යුතුමය. මෙම කාර්යය මනාව අවබෝධ කරගත් ජන නායකයකු අපට අවශ්‍ය මොහොතක මේ කරුණුවල ඇති විද්‍යාත්මක තත්වය අවබෝධ කරගත හැකි නායකයෙක් ඉතිහාසය විසින් මේ වන විට උරුම කරදී ඇත. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතායි.  මේ බලය බෙදාදීම නුතන තාක්ෂනය හා බද්ධව ඉතා පහසුවෙන් සියලුම ජනතාවට ලබාදිය හැක. සියලුම ජනසහභාගිත්වයෙන්, මෙය කරන්නේ නම ජනතාවට සම්පුර්ණයෙන්ම විදුලි බලය නොමිලයේම ලබා ගැනීමට තරම් දියුණු තාක්ෂණික යුගයකට අප සියලු දෙනාම අවතීර්ණව සිටින බව කියා පෑමට සිදුව තිබේ.

මෙරට තුල බල ශක්තිය ආයුධයක් ලෙස බාවිතා කරමින් ජනතාව පිඩනයට පත්කරන පුද්ගලයින් අපට තව දුරටත් මේ රටේ වගකිව යුතු තනතුරුවලට පත් කිරීමට උවමනාවක් නැත. එමනිසා මෙරට ඇති මිලියන 5ක ප්‍රමානයක්වූ සියලුම නිවාස වහල මත සුර්ය පැනල සවිකරගෙන තම තමන්ගේ විදුලි බලය තමතම්න්ටම නිපදවා ගැනීමට සහය හා බලය ලබාදෙන රජයක් හා ජනාධිපතිවරයෙක් මුළු මහත් රටම ඉල්ලා සිටි. මේ කාර්ය සදහා අවශ්‍ය නය පහසුකම් සපයන රජයකට තව දුරටත් බල ශක්තිය උපදවන් ව්‍යාපෘති සදහා මුදල් වය කිරීමට සිදු නොවෙනු ඇත. මේ ක්‍රියා වලියම සුළු හා මධ්‍යම ව්‍යාපාරික ප්‍රජාවටද ලබාදීම තුලින් වසර 5ක පමණ කාලයකට පසු නිෂ්පාදන වියදමට යන විදුලු බල වියදම පහත වැටීම හේතුවෙන්, පෙරට වඩා ඉතා අඩු මුදලකට සිය නිෂ්පාදනයන් වෙළඳ පොලට මුදා හරිය හැකි අතර ඒ තුලින් මුළු රටවාසීන්ට විශාල ප්‍රතිලාබ කන්දරාවක් උරුම කරදීමට මේ නුතන තාක්ෂණයට හැකියාව ඇත. මේ කරුණ තේරුම් ගත හැකි එකම නායකයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බැවින මුළු මහත් ජනතාවම එකාවන්ව පෙළ ගැසී එතුමාගේ ජයග්‍රහණය උදෙසාම අප කැපවී කටයුතු කරමු.

සියලුම රටවාසීන්ට සුර්ය බලය ලබා ගැනීමට පදනම සකස් කරන්න.

සියලුම ජනතාව එකාවන්ව එකතුව මේ රට සරු කරනු ඇත.

චන්ද්‍රසේන පණ්ඩිතාගේ විසිනි.

5 Responses to “බලය බෙදා දීම කළහැකි එකම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා පමණි.”

  1. Randeniyage Says:

    What nonsense is this ? No one is talking about සූර්යයාගේ බල බෙදා දීම or භූමි බල බෙදා දීම .
    Is this man owner of the whole universe ?

    There should not be any බලය බෙදා දීම is one respects people’s thinking.
    Tamils do not want බලය බෙදා දීම – only the terrorists and politicians want this. Tamil people prefer to have whole of Sri lanka.
    Sinhalese do not want බලය බෙදා දීම – those who take the බලය will create monoethnic clusters.
    Muslims probably wants whole of Sir Lanka.

    These writers are betrayers of motherland !
    Push potential winner to remove 13A completely and STOP බලය බෙදා දීම completely. We cannot TRUST ANY POLITICIAN. They all have betrayed us already. One man cannot be the OWNER of the country to distribute to others, although they behaved like that, stealing public money.

  2. chandrasena Pandithage Says:

    First I would like to thank you. Reading, thinking and replying to this article. I try here to explain modern days power-sharing methods according to ongoing advanced technology. The modern faster-growing technology could lot to solve problems in our country. I am not talking about Sinhala Tamil or Muslim problems. I am forwarding a very advance power-sharing system nowadays. Once again thank you for contributing your time.

  3. Lionel Says:

    These sort of writers are living in a dream world!

  4. Ananda-USA Says:

    NEVER EVER DEVOLVE POWER to separate communities or sub-regions of Sri Lanka! That will ponly lead to DISINTEGRATION of Sri Lanka as one Nation and the only homeland the Sinhala people have in this entire world!

    That is SIMPLY a PRESCRIPTION for National SUICIDE!

    Sri Lanka has TOO MANY ENEMIES OGLING her territory with COVETOUS EYES!

    It has been so from the EARLIEST DAYS of our RECORDED HISTORY which is essentially a SERIES of Foreign INVASIONS to the detriment of the Sinhala people!

    We WERE THREATENED & BULLIED by those who INITIATED Tamil Terrorism from ABROAD into accepting the 13A!

    NOW GET RID OF IT … BOTH `13A and 19A….. PRONTO!

    I agree with Randeniyage: Chandrasena Pandithage is no Pandithaya, he knows not what he says!

    The separatist security problems we have in SL will not be solved EITHER by modern “Modern Ways” or by advanced “Technology”! Our issues spring from the AGE OLD issue of COMPETITION between different communities for the scarce resources and assets of a country. As long as the human species exists that will be so, and the INTENSITY of competition will INCREASE as world population increases!

    Don’t be4 FOOLED!

    Science and Technology have advanced, but HUMAN NATURE has not. We are subject to the same human emotions of greed, fear, love, hate, pride, compassion, cruelty, need to survive etc that our ancestors were. That aspect of human behavior has not changed much while science and technology advanced by leaps and bounds.

    Those who preach incessantly to us, especially in the West, are the worst offenders and purveyors of double-standards who have committed awful crimes against innocents in world history. Yet they presume that they are qualified to preach because they are TEMPORARILY POWERFUL, as if that endows them with any WISDOM as to what is best for people. World War III will be launched by these same folks who preach National Disintegration and Globalization to hapless peoples of emerging nations, while fiercely protecting and strengthening their own Nation States!

    No! We TOO must DEFEND and PROTECT our Nation State of Sri Lanka which our uniquely gifted Sinhala Buddhist people call home!

    DEVOLVE and DECENTRALIZE National Power and we will SOW our OWN DESTRUCTION! Learn from the National History of the STRUGGLE of our own ANCESTORS and shut out the FOREIGN INVADERS!

  5. Dilrook Says:

    We are wasting our time. SLPP, UNP and SLFP fully support federal plus (more power devolution beyond 13A).

    Only Nagananda has a policy to remove provincial councils but he has no chance of winning.

    The bottomline is Sri Lanka is destines for disintegration.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress