ජීවත්ව සිටියදී වදදුන් අන්තවාදීහු උන්වහන්සේගේ දේහයෙන් ද පළිගත්හ… දේහය ඔසවාගෙන ගිය ස්වාමීන්වහන්සේලාට ගල් වරුෂාවක්…
Posted on October 6th, 2019

තරංග රත්නවීර උපුටා ගැන්ම දිවයින

sanga

 * රට ගිනි තබන්නට නයාරු ගුරුකන්ද විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ ආදාහනය

 * මෙරට ශාසන ඉතිහාසයේ පළමු වතාවට භික්‍ෂූන් වහන්සේගේ ආදාහනායට විරෝධතාවය…

 * දේහය ඔසවාගෙන ගිය ස්වාමීන්වහන්සේලාට ගල් වරුෂාවක්…

නයාරු ගුරුකන්ද විහාරස්ථානයේ නායක හිමි කොළඹ මේධාලංකාරකිත්ති හාමුදුරුවෝ අපවත් වූහ. කාලයක් තිස්සේ සිට පිළිකා රෝගයකින් පීඩා විඳි උන්වහන්සේ අපවත් වන විට වයස අවුරුදු හැත්තෑ තුනකි. රෝගය උත්සන්න වී පසුගිය දිනක මහරගම අපේක්‍ෂා රෝහලට වැඩම කළ උන්වහන්සේ පසුගිය සිකුරාදා හිමිදිරියේදී දෙනෙත් පියාගත්හ.

 කොළඹ මරදාන ප‍්‍රදේශයේ පදිංචිව සිට ගිහි ජීවිතයේ නිස්සාර බව අවබෝධ කරගෙන පැවිදි ජීවිතයට ඇතුළත් වූ උන්වහන්සේ දුරකතර ගෙවාගෙන නයාරු ගුරුකන්ද වැනි දුෂ්කර ගම්මානයක වැඩ වාසය කිරීමට තීරණය කර ඇත්තේ දුෂ්කර ක‍්‍රියා සිදු කිරීමටම පමණක් නොවේ. හේමමාලා, දන්ත කුමරු දළදා වහන්සේ මෙරටට වැඩම කරගෙන පැමිණ ප‍්‍රථම වරට තැන්පත් කර තැබූ ඓතිහාසික ගුරුකන්ද රජමහා විහාරය අන්තවාදීන්ගෙන් ආරක්‍ෂා කරගැනීමටය. දළදා හාමුදුරුවෝ යනු මෙරට රාජ්‍ය උරුමයේ සංකේතයයි. එවැනි උතුම් වස්තුවක් ප‍්‍රථම වරට තැන්පත් කර තැබූ ස්ථානය ආරක්‍ෂා කරගැනීම ශාසනික යුතුකමකි. බෞද්ධ 

 ජනතාවගේ යුතුකමකි. කොළඹ මේධාලංකාරකිත්ති හාමුදුරුවන් ගුරුකන්දට වැඩම කරනු ලැබුවේ එකී ශාසනික යුතුකම ඉෂ්ට සිද්ධ කරමින් උතුර, නැගෙනහිර භූමියේ සිංහල බෞද්ධ උරුමය ආරක්‍ෂා කරගැනීමේ මහා පුණ්‍යකර්මයට දායකත්වය ලබාදීමටය.

 මීට වසර දහයකට ඉහතදී උන්වහන්සේ එම විහාරස්ථානයට වැඩම කළ දිනයේ සිට ප‍්‍රදේශයේ දෙමළ අන්තවාදී දේශපාලනඥයන් සහ ඇතැම් අන්තවාදී සාමාන්‍ය දෙමළ මිනිසුන් විවිධාකාර කෙණෙහිලිකම් සිදු කළහ. එහෙත් උන්වහන්සේ තර්ජන, ගර්ජන හමුවේ නොසැලී බැණ අඬගසන සියලූ දෙනාට මෛත‍්‍රී කරුණාව දැක්වූහ. මෛත‍්‍රී කරුණාව කෙරෙහි පැහැදුණු ඇතැම් බුද්ධිමත් දෙමළ මිනිසුන් උන්වහන්සේට දාන මාන කටයුතු සිදු කිරීමට පවා ශ‍්‍රද්ධාවන්ත වූහ. සිංහල, දෙමළ, ඉංග‍්‍රීසි භාෂා තුනම කතා කළ හැකි උන්වහන්සේ සැදැහැවත් දමිළ බැතිමතුන්ට ධර්මය අවබෝධ කර දුන්හ. 

sanga2

උන්වහන්සේගේ ධර්මය ඇසීමට පැමිණෙන දෙමළ බැතිමතුන් දවසින් දවස වැඩි විය. විහාරස්ථානයට පැමිණෙන දෙමළ බැතිමතුන්ට වන්දනා මාන සිදු කිරීමට විහාර භූමිය තුළ හින්දු දේවාලයක් ඉදිකරදීමට ද ගුරුකන්ද රජමහා විහාරාධිපතින්වහන්සේ මූලිකත්වය ගත්හ. ගුරුකන්ද විහාරස්ථානය තුළ ගොඩනැෙඟමින් තිබූ ආගමික සංහිඳියාවට ප‍්‍රදේශයේ අන්තවාදී දෙමළ දේශපාලනඥයෝ අකැමැති වූහ. එම අන්තවාදී දෙමළ 

sanga3

දේශපාලනඥයන්ගේ සිත් තුළ බුර, බුරා නැෙඟමින් තිබූ ආගමික වෛරයේ ගිනි දලූ 2017 අවුරුද්දේ ජූලි මස 14 වැනිදා පත්තු විය. එදින හිමිදිරියේ ගුරුකන්ද රජමහා විහාරයට පැමිණි අන්තවාදීහු බලහත්කාරයෙන් විහාර භූමිය තුළ තෛපොංගල් උත්සවය සැමරීමට සූදානම් වූහ. කඩු, කිණිසි, කැති මන්න රැගෙන ට‍්‍රැක්ටර්වල නැඟී පැමිණි දෙසීයකට ආසන්න දෙමළ අන්තවාදීහු විහාර භූමිය තුළ ලිප් බැඳ කිරිබත් පිසීමට සූදානම් වූහ. ගුරුකන්ද පින්බිමේ සිට ශබ්ද විකාශන යන්ත‍්‍ර ඔස්සේ ප‍්‍රදේශය පුරා සිසාරා රැව්දෙන ලෙස ද්‍රවිඩ ගීත ප‍්‍රචාරය කළහ. ගුරුකන්ද රජමහා විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නායක හාමුදුරුවන්ට බැණ වදිමින්, තර්ජනය කර උදලූ, අලවංගු ගෙන විහාර භූමිය තුළ ගෙපල් කපමින් කෝවිලක් ඉදිකිරීමට පාදම සැකසීමට ද අන්තවාදීහු සූදානම් වූහ.

 දෙමළ චිත‍්‍රපටවල දුෂ්ටයන් කඩා පණින අයුරින් පැමිණ සත්තම දමා තැතිගැන්මක් ඇති කිරීමට සූදානම් වුවද ගුරුකන්ද රජමහා විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නායක හාමුදුරුවන් වීරයකු සේ නොසැලී සිටීයහ. මොහොතින්, මොහොත තත්ත්වය උණුසුම් විය. ‘කොටි’ උණුසුම ඇඟට ගත් දෙමළ තරුණයෝ වියරු වැටුණු තිරිසන්නු ගානට විහාර භූමිය තුළ කෑකෝ ගසමින් කළහකාරී ලෙස හැසිරුණහ. එම සිද්ධිය සැළවී පැමිණි පොලිසිය සහ යුද හමුදාව එක්ව තත්ත්වය පාලනය කළ ද අන්තවාදී ගිනි ජාලාව අළු යට සැඟ වුණා විනා සම්පූර්ණයෙන් නිවී ගියේ නැත. උද්ගත වූ එම සිද්ධිය ගැන සොයාබැලීමට ඊට දින හතරකට පසු ගුරුකන්ද රජමහා විහාරයට අපි ගියෙමු.

 මනරම් පරිසරයක පිහිටි ගුරුකන්ද පුරාණ රජමහා විහාරයට පය තැබූ මොහොතේ විඩාබර සිත නිවී සැනහූ සැටි දැනුදු මගේ සිතට දැනේ. සියවස් ගණනාවක සිට බුදු බණ ඇසෙන ඉපරැණි පින්බිම පුරා විසිරුණු බෞද්ධ නෂ්ඨාවශේෂ දැක මගේ සිත බුද්ධාලම්භන ප‍්‍රීතියෙන් පිරුණු හැටි දැනුදු මතකයට නැෙඟ්. කොළඹ මේධාලංකාරකිත්ති හාමුදුරුවෝ මහා කැප කිරීම් සිදු කොට ගුරුකන්ද රජමහා විහාරයේ වැඩ වාසය කරනු ලැබුවේ එකී ඓතිහාසික පින්බිම ආරක්‍ෂා කරගැනීමටය.

 ‘‘මේ විහාරස්ථානය මුලතිව්වල තියෙන පැරැණිතම පූජා භූමියක්. චෛත්‍ය පහක් තිබුණු බවට සාක්‍ෂි තියෙනවා. තවත් බෞද්ධ නටබුන් රාශියක් මේ පුදබිමෙන් සොයාගෙන තියෙනවා. ඒ හැර මෙතැන කෝවිලක් තිබුණු බවට කිසිදු සාක්‍ෂියක් හමු වෙලා නෑ. මේ විහාර භූමිය ශාසනික දේපළක්. ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක්. අක්කර අනූ තුනක පුරාවිද්‍යා භූමියක්. 2013 අවුරුද්දේ ඔක්තෝබර් 18 වැනිදා ගැසට් පත‍්‍රයේ ඒ බව සඳහන් කරලා තියෙනවා. යුද්දෙ අවසානයත් එක්ක වරින්, වර ස්වාමීන් වහන්සේලා තිස්හතර නමක් මේ විහාරස්ථානයේ වැඩ වාසය කළා. ඒ ස්වාමීන් වහන්සේ සේරම මේ පන්සල අතහැරලා වෙන විහාරස්ථානවලට වැඩම කළා. අවුරුදු අටක් තිස්සෙ ඉඳලා දැනට වැඩ සිටින්නෙ මම විතරයි. මට ඕන මේ විහාරස්ථානය ආරක්‍ෂා කරගන්න. වැලිඔයට යනකම් තියෙන එකම බෞද්ධ විහාරය. ඒ නිසා මේ පූජා භූමියත් කොල්ලකා ගන්න කාලයක ඉඳලා අන්තවාදීන් විවිධාකාරයෙන් ක‍්‍රියාත්මක වෙනවා. ඒකට මම ඉඩ දෙන්නෙ නෑ…’’ පළමු වතාවට ගුරුකන්ද රජමහා විහාරස්ථානයට ගිය අප සමඟ කොළඹ මේධාලංකාර හාමුදුරුවෝ සැබෑ සිංහයකු ලෙස අදහස් දැක්වූ ආකාරය දැනුදු මගේ දෙසවනෙහි දෝංකාර දෙන්නේය.

 ‘‘2014 අවුරුද්දේ විහාර භූමියේ ලොකු බුද්ධ ප‍්‍රතිමාවක් හදන්න මුල් ගල තිබ්බා. ඒ අවස්ථාවෙත් නායාරු මුහුදුබඩපත්තුව ප‍්‍රාදේශීය සභාවේ ලේකම්වරයා ඇතුළු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු පිරිසක් ඇවිත් ‘ප‍්‍රාදේශීය සභාවේ අවසරයක් නැතිව බුදුපිළිම හදන්න දෙන්න බෑ…’ කියලා විරෝධය දක්වලා මුලතිව් අධිකරණයේ මට විරුද්ධව නඩු දැම්මා. අපි නීතිඥ මහත්වරු මාර්ගයෙන් සාක්‍ෂි සහිතව කරුණු ඉදිරිපත් කරනකොට නඩුව පරදින බව දැනගෙන අතරමඟදී නඩුව ඉල්ලා අස් කරගත්තා. ඊට පස්සෙ අපි මුලතිව් අධිකරණයට කරුණු ඉදිරිපත් කරලා පිළිම වහන්සේ ඉදිකිරීමට අවශ්‍ය ලිඛිත අවසරය ඉල්ලා හිටියා. 2018 නොවැම්බර් මස 01 වැනිදා බුදුපිළිම වහන්සේ ස්ථාපනය කිරීමට අවශ්‍ය ලිඛිත අවසරය ලැබුණා. උසාවි නියෝගය ලැබුණු දිනට පහුවෙනිදාම මම බුදුපිළිම වහන්සේ ස්ථාපනය කිරීමේ වැඩ පටන් ගත්තා. ඒ බුද්ධ ප‍්‍රතිමා වහන්සේ ස්ථාපනය කරන්න ගත්ත දවසෙ ඉඳලා මේ ප‍්‍රදේශයේ දේශපාලනඥයන් විවිධාකාර ප‍්‍රශ්න දානවා. ඒත් මේ ගම්වල අසරණ දෙමළ මිනිස්සුන්ගෙන් නම් වචනයකින්වත් වරදක් නෑ. ඒ මිනිස්සු නිතරම විහාර භූමියේ හින්දු දේවාලයට ඇවිත් වැඳුම් පිදුම් කරලා යනවා. මම ඒ දේවාලය ආරම්භ කළෙත් මේ ප‍්‍රදේශයේ දෙමළ ජනතාවට වැඳුම් පිදුම් කරන්න අවශ්‍ය ආගමික පරිසරය නිර්මාණය කරලා දෙන්නයි…’’ නයාරු ගමේ දෙමළ මිනිසුන් අන්‍ය ආගමිකයන් ලෙස නොසැලකූ බව කොළඹ මේධලංකාරකිත්ති හාමුදුරුවෝ වරක් නොව කිහිප වරක්ම අප සමඟ පැවසූහ.

අනේක විධ ගැටලූ මැද විහාර භූමියේ මුල් ගල තැබූ බුද්ධ ප‍්‍රතිමාව කෙටි කාලයකින් වැඩ නිමා කොට වන්දනාවට පාත‍්‍ර කිරීමට උන්වහන්සේ පින්වන්ත වූහ. එම බුද්ධ ප‍්‍රතිමාවට පසෙකින් කුඩා බෝධියක් රෝපණය කරමින්, විහාර ගේ, ධර්ම ශාලාව, දාන ශාලාවට පොදු වූ නව ගොඩනැඟිල්ලක් ස්ථාපනය කිරීමට ද උන්වහන්සේට හැකි විය. ආගම් බේදයකින් තොරව විහාරස්ථානයට පැමිණෙන සියලූ බැතිමතුන්ට ධර්මය දේශනා කිරීමට තරම් උන්වහන්සේ බෝසත් ගුණ ඇති බුද්ධ පුත‍්‍රයෙකු වූහ. එහෙත් උන්වහන්සේට ගෝත‍්‍රික අන්තවාදීහු සිදු කරන තර්ජන, ගර්ජන කෙණෙහිලිකම් අඩු නොවූහ. කිසිදු හේතුවක් මත ගුරුකන්ද රජමහා විහාරයට ඇතුළු නොවන ලෙසත්, විහාරාධිපතින් වහන්සේට හිංසා නොකරන ලෙසටත් උසාවියෙන් තහංචි පනවා තිබූ දෙමළ දේශපාලනඥයන් පවා විටින් විට එම විහාරස්ථානයට පැමිණ උන්වහන්සේට බැණ අඬ ගැසූහ. මේ අවුරුද්දේ පොසොන් පෝයට පෙර දිනක මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් ගුරුකන්ද රජමහා විහාරයේ නාම පුවරුව ද ගලවා පැත්තකට කර දමා තිබිණි. එම සිද්ධියත් සමඟ සිත් තැවුලට පත් සිංහල බෞද්ධ විශාල පිරිසක් කොළඹ සිට දුර කතර ගෙවාගෙන නයාරු ප‍්‍රදේශයට ගොස් පොසොන් පෝය දා ගුරුකන්ද විහාරස්ථානයේ අටසිල් සමාදන් වී, අනතුරුව විහාරස්ථ නාම පුවරුව ගලවා දැමීමට විරුද්ධව සත්‍යග‍්‍රහනයක් ද සිදු කළහ. එහෙත් එම ප‍්‍රදේශවල ප‍්‍රාදේශීය දෙමළ දේශපාලනඥයන් ඉදිරියේ පොලිසිය අන්ත අසරණ බවත්, පුරාවිද්‍යා නිලධාරීන් කොපමණ දැනුවත් කළ ද නිකමටවත් ඇවිත් බැලූවේ නැති බවත් උන්වහන්සේ අප සමඟ පැවසූහ.

 ‘‘මේ ප‍්‍රදේශවල සිංහල අපි අසරණයි මහත්තයො… දකුණේ සිංහල මිනිස්සු මේවා දන්නෙ නෑ. කවුරුවත් හරියට රටේ මිනිස්සුන්ට දැනුම් දෙන්නෙත් නෑ…’’ කොළඹ මේධාලංකාරකිත්ති නායක හාමුදුරුවො ඒ වචන පවසන විට රටේ මහ ජාතිය කෙරෙහි ඇති වූ කම්පනය දැනුදු මට දැනේ. බෞද්ධ රාජ්‍යයක, උතුර නැගෙනහිර බෞද්ධ විහාරස්ථානවල වැඩ සිටින ස්වාමීන් වහන්සේ අන්තවාදී කෙණෙහිලිකම් හමුවේ අසරණ වී සිටින අයුරු අපි අත්විඳ ඇත්තෙමු. එහෙත් විහාරස්ථානයක වැඩ වාසය කළ ස්වාමින්වහන්සේ නමකගේ ආදාහන පූජෝත්සවයක් සිදු කිරීමට නීතියේ පිහිට පැතීමට සිදුවීමේ ඛේදජනක සිද්ධියක් ගැන මීට පෙර අපි අත්විඳ නැත්තෙමු.

 වසර නවයකට වැඩි කාලයක් අන්තවාදීන්ගේ අනේක විධ අපහාස නින්දා මැද දුක්ඛිත ජීවිතයක් ගත කර අපවත් වූ ගුරුකන්ද රජමහා විහාරාධිපති වහන්සේගේ දේහය එම විහාරස්ථානයට ගෙන ඒමට විරෝධය පාමින් දෙමළ වැසියෝ විශාල පිරිසක් විහාරස්ථානය ඉදිරිපිට රැඳී සිටියහ. එමෙන්ම විහාරාධිපති හිමියන්ගේ දේහය පන්සලට රැගෙන ඒමෙන් කෝවිල් කටයුතුවලට බාධා ඇති වන බව පවසමින් මුලතිව් පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබිණි. එහෙත් පසුගිය ඉරිදා හිමිදිරියේ විශාල පොලිස් ආරක්‍ෂාවක් මැද වැඩම වූ උන්වහන්සේගේ දේහය ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තැබූහ. පසුව එම විහාර භූමියේදී උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පැවැත්වීමට විරෝධය පාමීන් විහාර භූමියේ ඇතැයි කියන කොවිලේ භාරකාර මණ්ඩලය එදිනම අධිකරණය ඉදිරියට ගියේය. එම පැමිණිල්ල ගැන සලකා බැලූ මුලතිව් මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය එම විහාර පරිශ‍්‍රය තුළ ආදාහනය තහනම් කරමින් නියෝගයක් නිකුත් කර, මේධාලංකාරකිත්ති හිමියන්ගේ ආදාහනය සිදු කිරීම සම්බන්ධයෙන් සුදුසු තීන්දුව පසුගිය සඳුදා (23 වැනිදා) ලබාදෙන බව මුලතිව් මහෙස්ත‍්‍රාත්වරයා විසින් දැනුම් දී තිබිණි. සඳුදා පෙ.ව. 9 ට විහාරවාසී හිමියන්ට සහ සෙසු පාර්ශ්වකරුවන්ට මුලතිව් අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස ද නියෝග කර තිබිණි. දැන් අපි කතාව නතර කර ගුරුකන්ද රජමහා විහාර දායක සභාවේ ලේකම් මානෙල් කරුණාරත්න මහතා කියන කතාවට සවන්දී සිටිමු.

 ‘‘මේධාලංකාකිත්ති හාමුදුරුවන්ගේ දේහය එම්බාම් කරලා තිබුණේ සඳුදා වෙනකම් තියාගන්න විතරයි. ත්‍රෛනිකායික මහා සංඝ සභාව තීරණය කරල තිබුණෙත් මේධලංකාකිත්ති හිමියන්ගේ ආදාහන කටයුතු සඳුදා කරන්න ඕන කියලා. ඉරිදා දවසේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරිවරයෙක් ඇවිත් හාමුදුරුවන්ගේ ආදාහන කටයුතු මේ ස්ථානයේ කරන්න කියලා තැනක් පෙන්නලා ගියා. ඒත් අපි උසාවි තීන්දුව ගැන සැලකිලිමත් වෙලා සඳුදා උදේ 9 වෙනකොට විහාරාවාසී මිහිඳුපුර රතනදේවකිත්ති හාමුදුරුවොයි අපි කිහිපදෙනකුයි මුලතිව් උසාවියට ගියා. සිංහල, දෙමළ, ඉංග‍්‍රීසියෙන් නඩුව විභාග කළා. අන්තිමේ අපේ නීතිඥ මහත්වරු ඇවිත් කිව්වා විහාර භූමියට කිලෝ මීටර් දෙකක් ඈතින් මුහුදු වෙරළේ ආදාහන කටයුතු සිදු කිරීමට අධිකරණය තීන්දු කරලා තියෙනවා කියලා. ඒ තීන්දුවත් අහගෙන අපි පන්සලට ආවා. ඒ එනකොට මේධාලංකාකිත්ති 
 හාමුදුරුවන්ගේ ආදාහන පූජෝත්සවය සිද්ධ කරලා ඉවරයි…’’ ගුරුකන්ද විහාරස්ථාන දායක සභාවේ ලේකම්වරයා නිහඬ විය. අනතුරුව අපි උතුර, නැෙඟනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප‍්‍රධාන සංඝ නායක අරිසිමලේ ආරණ්‍ය සේනාසනාධිපති පනාමුරේ තිලකවංශ නායක හාමුදුරුවන් බැහැදැක කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ ආදාහනය පිළිබඳ මතු වූ ගැටලූව සම්බන්ධයෙන් කතා බහ කළෙමු. මේ උන්වහන්සේ අප සමඟ පැවසූ කතාවය.

‘‘ගුරුකන්ද රජමහා විහාරාධිපති වහන්සේගේ අවසාන කැමත්ත වෙලා තිබුණෙත් අවුරුදු ගණනාවක් වැඩ විසූ විහාරස්ථාන භූමියේම ආදාහන කටයුතු සිද්ධ කරන්න කියලයි. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්නූ ස්ථානයේ උන්වහන්සේගේ ආදාහන කටයුතු සිද්ධ කරන්න කටයුතු සූදානම් කළා. හරි හැටි ඒ කටයුතු ටිකවත් සිද්ධ කරන්න පොලිසියයි, දෙමළ මිනිස්සුයි අපිට ඉඩ දුන්නෙ නෑ. පාංශුකූල කටයුතු සිද්ධ කළෙත් හොර රහසේ වගෙයි. ඒකටත් පොලිසිය බාධා කළා.

 උන්වහන්සේගේ දේහය චිතකයට රැගෙන යන කොට මඟ හරස් කරලා දෙමළ මිනිස්සු අපිට ගල්වලින් ගැහුවා. අපේ මිනිස්සු ඒ හැම හිරිහැරයක්ම විඳගෙන උන්වහන්සේගේ ආදාහන කටයුතු සිද්ධ කළා. ඒත් පුතේ මෙරට ශාසන ඉතිහාසයේ මෙවැනි ආකාරයට ආදාහන කටයුත්තක් වෙච්ච පළමු අවස්ථාව. භික්‍ෂුවකගේ පාංශුකූල කටයුතු ඔහොම කරන්න වෙනවා නම් හෙට දවසේදී මහණ කරන්නත් අධිකරණ නියෝග ගන්න වෙන තත්ත්වයට කටයුතු සිද්ධ වෙනවා. මේවාට වගකියන්න ඕනෑ කොන්දක් නැති පාලකයො. අපේ ශාසනය භාරව සිටින මහානායක උන්වහන්සේ. මේ ගැටලූව සම්බන්ධයෙන් උන්වහන්සේ තවම වචනයක්වත් ප‍්‍රකාශ කරලා නෑ. බුද්ධ ශාසන අමාත්‍යාංශය කිසිදු කතාවක් නෑ. ආණ්ඩුකාරවරයා තියා රජය නියෝජනය කරලා ග‍්‍රාම සේවක කෙනෙක්වත් ගුරුකන්ද විහාරස්ථානයට පැමිණිලා උද්ගත වූ ගැටලූව සම්බන්ධයෙන් සොයා බැලූවේ නෑ. පාර්ලිමේන්තුව නියෝජනය කරලා ඇවිත් හිටියේ මොනරාගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ශාන්ත මන්ත‍්‍රීවරයා විතරයි. අපේ බුද්ධ ශාසනය කොහාට ද ගමන් කරන්නෙ කියලා දැන් අපිට ඉතා හොඳින් පැහැදිළියි. ඒත් පුතේ බෞද්ධ ශාසනය විනාශ කරන්න ඉඩ දීලා බලාගෙන ඉන්න බෑ. මේ කාලකණ්ණි ක‍්‍රියාපිළිවෙත වෙනස් කරන්න බෞද්ධයන් හැටියට අපි එකමුතු විය යුතුයි. එසේ නොවෙන්න ආදාහන කටයුතුවලට තහංචි දාන අන්තවාදී කණ්ඩායම් අපිව මහ මඟදී මරා දාන්න ඉඩ තියෙනවා. මෙවැනි පාලකයන් සහිත රටක එහෙම වුණා කියලා පුදුම වෙන්න ඕනෙත් නෑ. මේ දේවල්වලින් පැහැදිළි වෙන්නේ රටේ පාලකයන්ගේ නිවට කම. මට කියන්න තියෙන්නෙ එච්චරයි පුතේ…’’

 අරිසිමලේ නායක හාමුදුරුවන්ගේ කතාව සැබෑය. කොඳු නාරටි බිඳගත් පාලකයන් සහිත රටකදී, අන්තවාදයෙන් ඔද්දල් වී තිබෙන උතුර නැගෙනහිරදී මීට වඩා යමක් අපට බලාපොරොත්තු විය නොහැකිය. එහෙත් බෞද්ධයකු වශයෙන් අප කම්පනයට පත් විය යුත්තේ උතුර, නැගෙනහිර බෞද්ධ උරුමය ආරක්‍ෂා කරගැනීමට අප‍්‍රමාණ කැප කිරීම් කර අපවත් වූ කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ ආදාහන කටයුතුවත් ගෞරවනීය ලෙස සිද්ධ කිරීමට නොහැකි වීම ගැනය. 

 භික්‍ෂූන්වහන්සේ නමක් වැඩ වාසය කළ විහාර භූමියේ උන්වහන්සේගේ ආදාහනය සිදු කිරීමට ඉඩක් නැති නම් මේ බෞද්ධ රාජ්‍යයෙන් ඇති ඵලක් තිබේද? මෙවැනි ගෝත‍්‍රික අන්තවාදීන් ක‍්‍රියාත්මක වන රටක බුද්ධ ශාසනයේ හෙට දවස ගැන පමණක් නොව බෞද්ධයන්ගේ ජීවිත ගැන ද දැන් අපට ඇත්තේ දැඩි අවිනිශ්චිතතාවකි.

ඡායාරූප මුලතිව් ප‍්‍රදීප් ප‍්‍රසන්න

3 Responses to “ජීවත්ව සිටියදී වදදුන් අන්තවාදීහු උන්වහන්සේගේ දේහයෙන් ද පළිගත්හ… දේහය ඔසවාගෙන ගිය ස්වාමීන්වහන්සේලාට ගල් වරුෂාවක්…”

  1. Ratanapala Says:

    The role played by the Roman Catholic Priests should be investigated. It is no secret they have been behind all that is the work of the LTTE . They are still trying their level best to divide and balkanize Sri Lanka. The following talk shed light on their connection and with the Diaspora led by Genjendra Kumar Ponnambalam. Ponnambalams are Christians.

    මුලතිව් නාහිමිගේ දේහය පන්සල් භුමියේ ආදාහනය කිරීම හරි. – සමස්ත ලංකා හිංදු සම්මේලනය කියයි.mp4

    https://www.youtube.com/watch?v=u2YiZJgxpoM

  2. Ancient Sinhalaya Says:

    All the crimes (sins) any two legged creature can do anywhere under the sun:
    1 kill/murder (two legged creatures have different teeth from cats/dogs/lions), also have a longer gut suitable for
    fibrous diet.
    2 stealing (sort of credit thief’s acct while debiting the victim’s. Good?)
    3 sexual misconduct (having an affair with your neighbour isn’t against the law, 3rd party stick a knife in the back?)
    4 lying
    5 drug/alcohol abuse (having a quiet drink isn’t against the law, drink drive and kill someone?)

    Charles Darwin, NASA and science have shown how the two legged creatures got to where they are today and
    today those are science facts. Not science fiction. NASA showed the that the earth’s size is a grain of sand in the
    vast vast vast universe where distances are measured in light years. Two legged creatures are so intelligent
    they even managed put a man on the moon, have even managed to live in space.

    If those aren’t not sins why on earth all the law courts under the sun punish the culprits. All the law courts under
    the sun, use the above five as their penal codes. Refraining from the above five is Buddhism’s Five Precepts. The
    Buddha could see through birth, life, death and the universe after attainment. What He preached over 2,500
    years ago, science has proven them to be true again and again. If people refrain from them most of the world’s problems going to disappear in no time. Will the two legged creatures
    refrain from them? No chance in hell. So we have wars, corruption, injustices etc, etc. etc. etc. Problem has been
    the religions of conveniences which don’t discipline people. People who commit sins pay for them in the animal
    kingdom for 100s, 1000s lifetimes before getting the promotion to be two legged creatures again (sort of
    Darwin’s Theory of Evolution). So these traitors should think twice before committing these sins. The traitors
    can do a big favour by disappearing to where they came from, their beloved tamil nadu (nadu means country in
    tamil). Just go traitors, we didn’t bring a singe one of you here! Ungrateful traitors. Never happy, never enough,
    never content, never grateful, never Sri Lankan, never a good word. These all coming from the religions of
    conveniences these traitors believe in. Charles Darwin showed how the two legged creatures came to be being and
    all the honest people on the planet accept that to be true. Then NASA showed that the earth is a grain of sand
    in the vast vast universe. Gods? Not in 21st century!

    A lot of problems also stem from already severely
    overcrowded planet. A few decades ago people hadn’t heard about visas. People didn’t move about so much.
    Air travel changed all that and then population explosion changed the world. Obviously more mouths means
    more food, more water, more air, more homes, more schools, more hospitals, more jobs, more spaces, more
    roads etc. etc. etc. etc. etc etc etc. Who is going to provide those? If the two legged creatures care more about
    the planet, be honest, adhere to the Five Precepts and take steps to reduce population, the world is going to be a
    nice place. Much much much nicer place!

  3. Ancient Sinhalaya Says:

    We have to thank anti Sinhalese, anti Sri Lanka, anti Buddhist, minority worshiping, Sinhalese dividing traitor
    GooandPee (kakka and chu party) aka traitor UNPatriotic_rats from making Sinhalese pariahs in their own country.
    Traitor alugosuwa (to Sinhalese Buddhists only) jr@
    traitor alugosuwa (to Sinhalese Buddhists only) lk porisada maransingha @
    traitor alugosuwa (to Sinhalese Buddhists only) r@_nil wickrama Sinhala killer. These traitor @s have systematically
    destroyed Sinhalese race, Sri Lanka and Buddhism during the past 40 years. Dump the @s for good in this coming
    elections to save Sinhalese race, Sri Lanka and Buddhism!

    Dump the traitor GooandPee aka UNPatriotic_rats for good.
    Dump the traitor GooandPee aka UNPatriotic_rats for good.
    Dump the traitor GooandPee aka UNPatriotic_rats for good.
    Dump the traitor GooandPee aka UNPatriotic_rats for good.
    Dump the traitor GooandPee aka UNPatriotic_rats for good.
    Dump the traitor GooandPee aka UNPatriotic_rats for good.
    Dump the traitor GooandPee aka UNPatriotic_rats for good.
    Dump the traitor GooandPee aka UNPatriotic_rats for good.
    Dump the traitor GooandPee aka UNPatriotic_rats for good.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress