තීරණයක් ගන්න නිදහස් පක්ෂය, අදත් සාකච්ඡා
Posted on October 7th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ජනාධිපතිවරණයේදී කුමන පක්ෂයකට සහය දෙන්නේ යන්න පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් තීරණයක් ගෙන නැහැ.

ඒ පිළිබඳව අවසන් එකගතාවකට පැමිණීම සඳහා අද දිනයේදීත් සන්ධාන මහලේකම් – පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීරගේ කොළඹ පිහිටි නිවසේ සාකච්ඡා  වට කිහිපයක් පවත්වා තිබෙනවා.

සන්ධාන මහලේකම්වරයා ඊයේ කියා සිටියේ අද දින නිදහස් පක්ෂයේ තීරණය ප්‍රකාශයට පත් කරන බවයි.

කෙසේ වෙතත්, ඒ පිළිබදව තීරණය තවදුරටත් කල් යනු ඇති බවයි එම පක්ෂ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක අද මාධ්‍ය වෙත සඳහන් කළේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress