කැෆේ සංවිධානයට පැමිණිලි 103ක් – වැඩිම පැමිණිලි නාම යෝජනා භාර දුන් දිනයේ
Posted on October 8th, 2019

මාධ්‍ය ඒ්කකය කැ‍ෆේ සංවිධානය

මැතිවරණය ප්‍රකාශයට පත්කළ දිනයේ සිට මේ දක්වා  පැමිණිලි 103ක් වාර්තා වී ඇති බව කැෆේ සංවිධානය කියයි. මේ අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාව වන පැමිණිලි 96ක්  නාම යෝජනා භාර දුන් ඊයේ දිනයේ වාර්තා වීම විශේෂත්වයක් බව එම සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය පවසයි. පූර්ව නාම යෝජනා සමය තුළ වාර්තා වී ඇති සිදුවීම් ප්‍රමාණය 7ක් වන අතර එවා මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් පිළිබඳව පැමිණිලි වන බව ඇය පෙන්වා දෙයි.

මීට අමතරව දිවයිනේ සෑම ප්‍රදේශයකම මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් දක්නට ලැබුණු බව සඳහන් කරන සුරංගි අරියවංශ මහත්මිය පෙන්වා දෙන්නේ අපේක්ෂකයින් තිදෙනෙකු ගේ පෝස්ටර් බහුල වශයෙන් දක්නට ලැබුණු බවයි. මීට අමතරව අපේක්ෂිකයින් ට සුභ පැතුම් එක් කරමින් විශාල ප්‍රමාණයේ කටවුට් ප්‍රදේශ රැසක ඉදිකර තිබූ බවත් ඒවා පිළිබඳව මැතිවරණ කොමිසම වෙත පැමිණිලි කර ඇති බවත් ඇය පෙන්වා දුන්නාය. කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ එක් අපේක්ෂකයෙකු ගේ  දැන්වීම් වෙත කළුතෙල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීමක් වාර්තා වන බව ඇය සදහන් කළාය.

මෙවර මැතිවරණය සඳහා කැෆේ සංවිධානය දීප ව්‍යාප්ත මට්ටමින් නිරීක්ෂකයින් 7500ක් යොදා ගැනීමට සැලසුම් කර ඇති අතර විශේෂයෙන් ඡන්ද දායකයින් වෙත අල්ලස් ලබාදීම් සහ විවිධ වරප්‍රසාද ලබාදීම් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කිරීමට සැලසුම් කර ඇති බව අය කියා සිටියාය.

මාධ්‍ය ඒ්කකය කැ‍ෆේ සංවිධානය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress