ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ගෝඨාභයට
Posted on October 8th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බව, එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී සහය දිය යුතු අපේක්ෂකයා තීන්දු කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් පසුගිය 5 වැනිදා ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවති අතර අදාළ තීන්දුව ඊට පසුදින ප්‍රකාශයට පත්කරන සන්ධාන මහලේකම්වරයා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, අද දක්වා එම තීරණය ප්‍රකාශයට පත් වුණේ නැහැ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද දහවල් පැවැත්වුණේ එවන් පසුබිමක් තුළයි.

එම සාකච්ඡාවට මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා.

ඉන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතාගේ නිල නිවසේදීද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress