හිටපු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන්ගෙන් පැමිණිල්ලක්
Posted on October 9th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සීගිරිය ව්‍යාපෘති කාර්යාලයේ සේවය කරන සේවකයින් සියලු දෙනා බලහත්කාරයෙන් හෙට කොළඹදී පැවැත්වීමට නියමිත දේශපාලන රැළියකට සහභාගී කරවීමට එහි ව්‍යාපෘති කළමණාකාරවරයා බලපෑම් කරන බව හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළකළේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මැතිවරණ පැමිණිල්ලක් ඉදිරිපත් කරමින්.

හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, හිටපු පළාත් සභා අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන් මෙම පැමිණිල්ල සිදුකළේ අද පස්වරුවේයි.

මේ අතර පාරිභොගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා අද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ පෞද්ගලික සමාගමකට ලබා දී ඇති කෙටි දුරකථන අංකයක් නීති විරෝධී අයුරින් ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ කටයුතු සඳහා යොදා ගෙන ඇති බවට පවසමින්.

මැතිවරණය ප්‍රකාශයට පත්විමේ දින සිට මේ දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මාධ්‍යට අදහස් පළකළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress