කොල්ලූපිටියේ රහස් සාකච්ඡාවක් ගැන නිදහස් පක්ෂයෙන් හෙළිදරව්වක්
Posted on October 16th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරයෙකු ඇතුළු කිහිපදෙනෙකු පසුගිය දිනක කොල්ලූපිටියේදි රැස්වි සිදුකල සාකච්ඡාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක අද විශේෂ හෙලිදරව්වක් සිදුකලා.

ඒ එම පක්ෂ මුලස්ථානයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකදීයි.

මෙහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඔක්තෝම්බර් 5 වනදා කොල්ලූපිටියේ විශේෂ ස්ථානයක අදාළ සාකච්ඡාව පැවති බවයි.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂට සහය දීමට තීරණය කළහොත් ගත යුතු පියවර සම්බන්ධයෙන් තීන්දු දෙකකට එළඹ ඇතැයි ද වීර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සදහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් අනාවරණ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය නමැති කණ්ඩායම පාවිච්චි කරමින් අර්බුද මතු කිරීම ඉන් පළමු තීන්දුව බවයි.

එසේම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ සමග එකතු වුවහොත් මැතිවරණ ව්‍යාපාරය දෙකඩ කිරිම ඉන් දෙවන තීන්දුව බව ද වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙම මාධ්‍ය හමුවේදී අනාවරණ කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress