ජනතාවගේ අනාගත සාර්ථකත්වයට නව වැඩපිළිවෙලක් තමන් සතු බව ගෝඨාභය කියයි
Posted on October 28th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ජනතාවට අනාගතයේ සාර්ථකත්වය අත්කර දීමට අවශ්‍ය වැඩපිළිවෙල තමන් සතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

වව්නියාව ප්‍රදේශයේ අද පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එම ජන හමුවට එක්වෙමින් අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කියා සිටියේ රට ගැන සිතා කටයුතු කළ යුතු යුගය එළඹ ඇති බවයි.

මේ අතර, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජය තහවුරු කිරීම සඳහා වූ තවත් ජන රැළියක් යාපනය නගරයේදී අද පස්වරුවේ පැවැත්වුණා.

ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් ද එක්ව සිටි අතර, එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට රැස්ව සිටි පිරිසගෙන් උණුසුම් ප්‍රතිචාර හිමි වුණා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress