RANJANGATE SCANDAL-දුමින්ද සිල්වාගේ නඩු තීන්දුව වෙනස් කිරීමට, රන්ජන් අධිකරණයට කළ බලපෑම් හෙළිවේ – රහස් රැසක් ඇතුළත් හඬ පටත් එළියට
Posted on January 6th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සිරගත කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පාර්ශව කිහිපයක් සිදුකළ කුමන්ත්‍රණයක තොරතුරු අද අනාවරණ කෙරුණා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන හඬ පට කිහිපයක් ද එළිදක්වමින් අදාළ හෙළිදරව්ව කළ අතර, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ද ඊට එක්වෙමින් අදහස් පළ කළා

මේ අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වරදකරු කරමින් නඩු තීන්දුව ලබාදීමට පෙර මහාධිකරණ විනිසුරු පද්මිනී එන්. රණවකට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක දුරකථනය ඔස්සේ බලපෑම් සිදුකළ බවට මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය ද චෝදනා කරනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැදවුම්කරු විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මේ බව කියා සිටියා.

එමෙන්ම, හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අතර සිදුවු දුරකථන සංවාදයක හඬ පටයක් සිංහලේ සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව පෙරේරා මාධ්‍ය වෙත ලබාදුන්නා. ඒ, එම සංවිධානය ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත අද පැමිණි අවස්ථාවේදියි.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සමඟ එක්ව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වරදකරු කරමින් ලබාදුන් නඩු තීන්දුවට බලපෑම් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගත යුතු බව නව සිංහල රාවය සංවිධානය ප්‍රකාශ කළා.

එහි මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් අද මේ බව සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් වූ හඬපට ද මාධ්‍ය වෙත නිකුත් කරමින්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress