RANJANGATE SCANDAL – හඬපට වලින් චෝදනා එල්ල වී ඇති විනිසුරුවරුන් රට හැර යාමේ සූදානමක් ගැන හෙළිදරව්වක්
Posted on January 9th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස්
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ දුරකථන සංවාද හඬ පට වලින් චෝදනා එල්ල වී සිටින විනිසුරුවරුන් රට හැර යාමේ සූදානමක් පවතින බවට නව සිංහල රාවය සංවිධානය අද පැවති මාධ්‍ය හමුවකදී හෙළිදරව්වක් කළා.
ඒ පිළිබඳව අදහස් දැක්වූ එහි මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සඳහන් කළේ චෝදනා එල්ල වී සිටින හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවක රට හැරයාමේ සූදානමක් පවතින බවයි.
එමෙන්ම දුරකතන හඬපටවලින් චෝදනා එල්ල වී සිටින සෙසු විනිසුරුවරුන් සම්බන්ධයෙන්ද විදෙස් ගමන් තහනම් නියෝගයක් ලබාගත යුතු බවටයි උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ.