RANJANGATE SCANDAL – රංජන් සමඟ දුරකථන සංවාදවල යෙදුණු විනිසුරුවරුන් රටේ නීතිය විනාශ කරලා – මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි
Posted on January 17th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක ඇතුළු රංජන් රාමනායක සමඟ දුරකථන සංවාදයේ යෙදුණු විනිසුරුවරුන් රටේ නීතිය විනාශ කර ඇතැයි සිංහලේ ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පවසනවා.

අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ පැවසුවේ රංජන් රාමනායකට ලබාදෙන දඩුවමට සමාන දඬුවමක් අදාළ විනිසුරුවරුන්ටත් ලබාදිය යුතු බවයි.

මේ අතර, මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙසට විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න අධිකරණ සේවා කොමිසමට ලිපියක් භාරදෙමින් ඉල්ලා සිටියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress