පසුගිය රජයේ වැරදි වත්මන් ආණ්ඩුවට මත පැටවීමට විපක්ෂය කටයුතු කරනවා – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
Posted on January 26th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

රටේ සම්පත් සියල්ල විකුණා දමා රට විනාශ කළ පසුගිය ආණ්ඩුවේ සිටි පිරිස් එහි වගකීම වත්මන් පාලකයින් පිට පැටවීමේ උත්සාහයක නිරත වන බවට නාරාහේන්පිට අභයාරාම විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් චෝදනා කරනවා.

සිය ඡන්ම දිනය නිමිත්තෙන් එම විහාරස්ථානයේ අද (26) පැවති දානමය පිංකමකදී උන්වහන්සේ මේ බව සඳහන් කළ අතර, එම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද එක්ව සිටියා.

ඉන් අනතුරුව මිරිසවැටිය විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමියන් ද අනුශාසනාවක් සිදුකළා.

මේ අතර, සුනිත්‍ය බලශක්ති උත්පාදනයට විශ්වාසදායී ජාලයක් ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා කටාර් රාජ්‍ය කැමැත්ත පලකර තිබෙනවා.

කටාර් රාජ්‍යයේ බලශක්ති කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සාඩ් ෂෙරීඩා අල් කාබි ජනාධිපති කාර්යාලයේදී අද (26) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවූ අවස්ථාවේදීයි මෙම දැනුම් දීම කර ඇත්තේ.

එමෙන්ම, කටාර් රාජ්‍ය අමාත්‍යවරයා කළ ඉල්ලීමට අනුව බලශක්ති උත්පාදනයට විශ්වාසදායී ජාලයක් ස්ථාපනය කිරීමේ යෝජනාව පිළිබඳ ඉදිරි කටයුතු සඳහා ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර නම් කර තිබෙනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress