හාරිස්පත්තුව ප‍්‍රාදේශීය සභාවේ සභාපති වරයා විදුහල්පතිවරයෙකුට පහරදීම සම්බන්ධවයි
Posted on June 15th, 2020

ලංකා ගුරු සේවා සංගමය ජනමාධ්‍ය නිවේදනයයි.

පොලිස්පතිතුමා,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

පොලිස්පතිතුමනි,


හාරිස්පත්තුව ප‍්‍රාදේශීය සභාවේ සභාපති වරයා විදුහල්පතිවරයෙකුට පහරදීම සම්බන්ධවයි

හාරිස්පත්තුව ප‍්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ජයවිලාල් විසින් මහනුවර ලූම්බිණි විද්‍යාලයේ විදුහල්පති ජයන්ත බණ්ඩාර මහතාට ජුනි 11 වැනි දින අදාළ ප‍්‍රාදේශීය සභාව තුළ දී පහරදීම හේතුවෙන් රෝහල් ගත කිරීමට සිදුවීම සම්බන්ධව ඔබගේ දැඩි අවධානය යොමුකරන අතර මෙම පහර දීම පිළිබඳව අපක්ෂපාතී විධිමත් පරීක්ෂණයක් පවත්වා ඔහුට විරුද්ධව වහාම නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ලංකා ගුරු සේවා සංගමය ඉතා වගකීමෙන් යුතුව ඉල්ලා සිටිමු.

02. තම ප‍්‍රදේශයේ පවතින පොදු ගැටලූවක් සම්බන්ධව කරුණු දැක්වීමට යාම මෙම පහරදීමට හේතුවී ඇති අතර පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් පත් වී ඇති මෙම සභාපතිවරයා සුපුරුදු පරිදි තම දේශපාලන හා මැර බලය යොදා ගනිමින් ජනතාවගේ ගැටළු විසඳීම මගහැර ගොස් ඇති බව මෙම පහරදීමෙන් පැහැදිලි වන කරුණකි.

03. එහෙයින් දේශපාලනඥයින්ගේ මෙම මැර ක‍්‍රියාවන් නරක පූර්වාදර්ශයන් වීමට තවදුරටත් ඉඩ නොතබා මේ සම්බන්ධව කටුගස්තොට පොලිසියට සිදුකර ඇති පැමිණිල්ල වහාම විභාග කර නීතිය ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ලංකා ගුරු සේවා සංගමය නැවතත් ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,
විධායක සභාව වෙනුවෙන්,
මහින්ද ජයසිංහ
ප‍්‍රධාන ලේකම්,
ලංකා ගුරුසේවා සංගමය.


Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress