කෝවිඩ් 19 වසංගතය නිසා අසාධාරණයට පත් කම්කරුවන්ගේ පැමිණිල්ල.
Posted on June 17th, 2020

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය

අතින් භාරදීම.
2020 ජුනි මස 17 වන දින.
ආර්.පී.එA. විමලවීර මහතා
කම්කරු කොමසාරිස් ජනරාල්,
03 වන මහල,
කම්කරු මහ ලේකම් කාර්යාලය,
නාරාහේන්පිට,
කොළඹ 05.
ප්‍රිය මහත්මයාණෙනි,
කෝවිඩ් 19 වසංගතය බලපෑම මත යයි පවසමින් ආයතනවල ක්‍රියාකාරීත්වය නිසා පහත නම් සඳහන් ආයතනවල සේවකයින් මුහුණ දි ඇති ගැට`ඵ
උක්ත කරුණ සම්බන‍ධයෙන් ඔබ වෙත භාරදුන් 2020 මැයි මස 29 වන දින දරණ ලිපියට අමතරවයි.
එම ලිපිය මගින් පෙන්වා දුන් පැන නැගී ඇති මෙම බරපතල තත්ත්වය පිළිබඳව පරීක‍ෂණයක් පවත්වා අදාල පියවර මේ වන විටත් ගෙන ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු. එA සම්බන‍ධයෙන් අපව ලිඛිතව දැනුවත් කරන්නේ නම් අගය කර සළකන්නෙමු.
කෝවිඩ් 19 වසංගතය හේතුකොට වසා දමා තිබූ බොහෝ ආයතන යළි විවෘත කර නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති අතර ඉහත පැමිණිළ්ලෙහි සඳහන් නොවූ, එසේ ආරම්භ කරන ලද පහත නම් සඳහන් ආයතනවල සේවක සේවිකාවන් හට එහි දැක්වෙන ආකාරයේ ගැටළුවලට මුහුණ පෑමට සිදුව ඇතැයි අප සංගම් වෙත වාර්ථා වී ඇත.

  1. සුමිත්‍රා හසලක ප්‍රයිවට් ලිමිටඩ් – තෙලන්ගපත පාර, වත්තල
    ඉහත නම් සඳහන් සමාගමට අයත් කර්මාන්තශාලා 05 ක් පවතින අතර ඉහත ස්ථානයට අමතරව හසලක, පොල්ගහවෙල, වීරකැටිය සහ රන්පොකුණගම යන ප්‍රදේශවල සෙසු කර්මාන්තශාලා ස්ථාපිත කර ඇත.
    නිට්ටඹුව, රන්පොකුණගම පිහිටි කර්මාන්තශාලාවේ සේවකයින් 800 ක් පමණ සේවය කර ඇති අතර එහි නිෂ්පාදන ලයින් 10 ක අවම වශයෙන් මැෂින් 300 ක් පමණ යොදා ගනිමින් නිෂ්පාදන කටයුතුවල නිරත වී ඇත. කොරෝනා වසංගතය හේතුවෙන් ආයතනය වසා දැමීමෙන් පසු අප්‍රේල් මස 22 වන දින යළි කර්මාන්තශාලාව විවෘත කර ඇති අතර මාර්තු මස වැටුප වෙනුවෙන් මූලික වැටුප පමණක් ගෙවා ඇති අතර අතිකාල සේවයේ යොදවා ගත් සේවකයින්ට අදාල අතිකාල ගෙවීම් සිදුකර නැත. තවද, අප්‍රේල් මස වැටුප වෙනුවෙන් රු. 10,000/} ත් රු. 11,000/} අතර මුදලක් මුදලක් සේවකයින්ට ගෙවා ඇති අතර සිංහල හින්දු අලූත් අවුරුදු උත්සව නිවාඩුව වෙනුවෙන් මාර්තු මස දින 04 ක් පමණ සේවකයින්ව හිලව් දින වශයෙන් සේවයේ යොදවා ඇත.
    තවද, යළි කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමෙන් පසුව අප්‍රේල් මස 01 වන දින බලපැවැත්වෙන බව සඳහන් කරමින් වසර 01 ට අඩු සේවා කාලයක් ඇති සේවකයින්ව සහ වයස අවුරුදු 50 සම්පූර්ණ වූ සේවකයින්ව සේවයෙන් ඉවත් කර ඇත. එසේ සේවකයින් 400 ක් පමණ සේවයෙන් ඉවත් කර ඇති අතර ලයින් 05 දක්වා නිෂ්පාදන ලයින් ප්‍රමාණය ද අඩු කර ඇත.
    මෙම සේවකයින්ගේ සේවා කොන්දේසියක් බවට පත්ව තිබූ ප්‍රවාහන පහසුකම් ඇතැම් ප්‍රදේශවලින් ඉවත් කර හා ඇතැම් ප්‍රදේශවලට සීමා කර එම හේතුව මත අපහසුතාවයට පත්ව සේවයට නොපැමිණෙන සේවකයින්ව සේවය අතැර ගියා සේ සළකා සේවයෙන් ඉවත් කිරීමේ උපාය මාර්ගයක ද සමාගම් කළමණාකාරීත්වය නියැලෙමින් පවතී.
  2. නිපුන ක්ලීනින් සර්විස්, අංක 26, බොරැල්ල, කොළඹ 08.
    මෙහි සේවකයින් සඳහා අප්‍රේල් මස වැටුප ගෙවා නැති බව අප වෙත වාර්තා කර ඇත.
  3. න‍්හ ගාමන්ට්ස් ලිමිටඩ්, කැකුණදුර
    කොරෝනා වසංගතය හේතුවෙන් ආයතනය වසා දැමීමෙන් පසුව යළි කර්මාන්තශාලාව විවෘත කර නිෂ්පාදන කටයුතු අරඹා ඇති මෙම කර්මාන්තශාලාව ඉහත සඳහන් කළ වසා දැමූ කාලය වෙනුවෙන් පැය 248 ක කාලයක් ආවරණය කළ යුතු බව පවසමින් පැය 08 ක වැඩ කරන කාලයට අමතරව අතිකාල නොගෙවමින් සේවකයින්ගෙන් සේවය ලබා ගන්නා බව අප වෙත වාර්ථා කර ඇත. තවද, පසුගිය මාස සඳහා වැටුප් ගෙවීමේදී අඩ වැටුප් ගෙවීම් සිදු කර ඇති බව ද වාර්තා කර ඇත.
  4. ස්මාර්ට් ෂර්ට් ප්‍රයිවට් ලිමිටඩ් – හුන්නස්ගිරිය.
    මෙම කර්මාන්තශාලාවේ කාර්ය මණ්ඩල සේවකයින්ට 20% ක වැටුප් අඩු කිරීමක් සිදු කර ඇති බවත් අතිකාල ගෙවීමේදී ද ගණනය වනුයේ එම අඩු කරන ලද වැටුප පදනම්ව බවත් අප වෙත වාර්තා කර ඇත.
  5. සැම්සු ලංකා ප්‍රයිවට් ලිමිටඩ් වේරහැර, යක්විල, පන්නල.
    මාර්තු මස වැටුප සමග හිමි දීමනා ලබාදී නැත, අප්‍රේල් මස වැටුපෙන් අඩක් පමණක් ගෙවා ඇති බව, මැයි මස වැඩ කරන ලද දිනයන්ට පමණක් වැටුප් ගෙවා ඇති බව සහ ජූනි මස සිට ආයතනය වසා දමන බවට දැන්වීමක් ආයතනයේ ප්‍රදර්ශණය කර ඇති බවත් අප වෙත වාර්තා කර ඇත.
  6. මාස් හෝල්ඩිං සමාගමට අයත් සිය`ඵම කර්මාන්ශාලා
    කෝවිඩ් 19 වසංගතයේ බලපෑම් මත මෙම කර්මාන්තශාලාවල සේවකයින්ගේ රැකියා සුරක‍ෂිතතාවය කහවුරු කිරීම සඳහා ආණ්ඩුවට යුනිෂෙප් ආයතනය විසින් ලබ දී තිබුණු පෞද්ගලික ආරක‍ෂණ උපකරණ නිෂ්පාදනය කිරීමේ කාර්්‍යයන් මෙම කර්මාන්තශාලාව භාර ගෙන කටයුතු කරමින් සිටින අතර එහි සේවයේ යෙදෙන සේවක සේවිකාවන් හට ඉල්ලා අස්වී යන ලෙස බලපෑම් කරන බවත් මේ අවස්ථාවේ අස්වී යන අයට පමණක් වන්දි මුදලක් ගෙවන බවත් අප වෙත වාර්තා කර ඇත.
    ඉහත දැක්වෙන කර්මාන්තශාලාවලට අමතරව අපගේ පළමු පැමිණිළ්ල මගින් කරුණු ඉදිරිපත් කළ පහත දැක්වෙන ආයතනවල තවදුරටත් නොවිසදී ගැටළු පහතින් සඳහන් කරන්නෙමු.
    01 ස්මාර්ට් ෂර්ට් ප්‍රයිවට් ලිමිටඩ් – ආයෝජන ප්‍රවර්ධන කලාපය, කටුනායක.
    මෙම සමාගමට අයත් කර්මාන්තශාලා 04 ක් කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ නිෂ්පාදන කටයුතු කරගෙන ගොස් ඇති අතර 3500 ක් පමණ වන සේවක සේවිකාවන්ගෙන් මේ වන විට සේවයට කැඳවා ඇත්තේ සේවකයින් ඉතා අඩු පිරිසක් බවත්, කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටි කර්මාන්තශාලා අංක 01 හි සේවකයින්ගෙන් මෙතෙක් සේවයට කැඳවා ඇති සේවකයින් සඳහා මසක කාලයක් අඛණ්ඩව සේවය කළත් වැටුප් ගෙවා ඇත්තේ අඩ වැටුපකි. තවද, මෙම කර්මාන්තශාලාවේ යන්ත්‍ර ගලවා ආයතන භූමියෙන් ඉවත් කරගෙන ගොස් ඇති බවත් අප වෙත වාර්තා කර ඇත.
    02 බ්‍රැන්ඩික්ස් ප්‍රයිවට් ලිමිටඩ් – ආයෝජන ප්‍රවර්ධන කලාපය, කොග්ගල
    තවමත් මෙම ආයතනයේ සේවකයින් 200 ක් පමණ සේවයට කැඳවා නැති අතර සේවකයින්ට වැටුප් ගෙවීමේදී රු. 14,500/} ද ගෙවීමේදී ද ඉන් සේවක අර්ථසාධක අරමුදල්, සේවා භාරකාර අරමුදල් එම ගෙවීම් සිදුකරනු ලබන අතර එA අනුව ඔවුනට ලැඛෙනුයේ රු. 14,500/} කටත් වඩා අඩු මුදලකි.

03 එස්කුවෙල් ශ්‍රී ලංකා ලිමිටඩ් – ආයෝජන ප්‍රවර්ධන කලාපය, කොග්ගල
මෙම සමාගමේ කොග්ගල කර්මාන්තශාලාවේ සේවකයින්ව සේවයේ යෙදවීමේදී තවදුරටත් එක් සේවක කණ්ඩායමක් අඛණ්ඩව සේවයේ යොදවන අතර සේවා මුර ක්‍රමය යොදා ගෙන සේවයට යොදවා ගන්නා සේවකයින්ට ඔවුන් දින 13 ක් වැඩ කර ඇත්නම් පමණක් අඩ වැටුප ගෙවන අතර එම මුදලින් ද සේවක අර්ථසාධක අරමුදල්, සේවා භාරකාර අරමුදල් හා උත්සව අත්තිකාරම් මුදල ලබා ගැනීම වෙනුවෙන් වැටුපින් අඩුකරන රු. 3,000/} ක මුදල අඩු කිරීමෙන් පසුව ඔවුන් අත පත්වන වැටුප වනුයේ රු. 7,000/} ක් රු. 8,000/} අතර මුදලකි. තවද, ඔවුන් දින 13 කට අඩුවෙන් වැඩ කර ඇත්නම් එම සේවකයින්ගේ වැටුප දෛනික පදනම මත ගණනය කරනු ලබන බව අප වෙත වාර්තා කර ඇත.
04 කෙසෙල්වත්ත මෙට්ල් ඉන්ඩස්ටී්‍රස් ප්‍රයිවට් ලිමිටඩ් – දිග්ගල, කෙසෙල්වත්ත
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඇඳිරිනීතිය දැමූ දින සඳහා ඉදිරි සති අන්ත නිවාඩු දිනයන්වලදී අතිකාල ලබාදීමකින් තොරව එම දින ගණන ආවරණය කළ යුතු බව සමාගම දන්වා ඇතැයි අප වෙත වාර්තා කර ඇත.

  1. පැට්පැස්ලින් ප්‍රයිවට් ලිමිටඩ් – ගාලූ පාර, රත්මලාන
    මෙම ආයතනයේ සේවය කරන සේවකයින් සඳහා අප්‍රේල් මස වැටුප ගෙවා නැති බව පැමිනිළි කිරීමෙන් පසුව රු.6500/} මුදලක් ගෙවන ලද බව අප වෙත වාර්තා කර ඇති අතර සේවකයින් අතිකාල නොගෙවා සේවය ලබා ගැනීම දිගයම කි්‍රයාත්මක කරන බව අප වෙත වාර්තා කර ඇත.
    පැන නැගී ඇති මෙම බරපතල තත්ත්වය පිළිබඳව පරීක‍ෂණයක් පවත්වා අදාල පියවර ගන්නා මෙන් කාරුණික ඉල්ලා සිටින්නෙමු. මේ සම්බන‍ධව ඔබ ගන්නා පියවර සම්බන‍ධයෙන් අප දැනුවත් කරන්නේ නම් අගය කොට සළකන්නෙමු.
    නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය
    නිදහස් සේවක සංගමය
    ලංකා වෙළ`ද කාර්මික හා පොදු කම්කරු සංගමය,
    එක්සත් කම්කරු සම්මේලනය
    නැෂනල් යුනියන් ඔෆ් සීපෙයාරස් ශී්‍ර ලංකා
    යන වෘත්තීය සංගම් වෙනුවෙන්

ස්තූතියි.
මෙයට විශ්වාසී

ඇන්ටන් මාකස්
සම ලේකම්
නිදහස් වෙළඳ කලාප සහ
පොදු සේවා සේවක සංගමය
පිටපත් :-

  1. දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, නිපුණතා සංවර්ධන, රැකී රක‍ෂා හා කම්කරු සබඳතා අමාත්‍යතුමා
  2. ගරු ලෙකම්, නිපුණතා සංවර්ධන, රැකී රක‍ෂා හා කම්කරු සබඳතා අමාත්‍යංශය
  3. ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන සියළුම වෘත්තීය සමිති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress