මැතිවරණ කොමිසම ෆේස් බුක් සටහනකට රාජ්‍ය නිලධාරීයෙකුට විනය පරීක්ෂණ කැඳවයි ෆෙස් බුක් වාරණය මැ.කො.වේ වැරදි වසාගැනීමටයි – රජිත් කීර්ති තෙන්නකෝන්
Posted on June 21st, 2020

හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් විසින් නිකුත් කළ පුවත්පත් නිවේදනය

මැතිවරණ කොමිසන් සභාවේ තීරණයක් වැරදි බව දක්වමින් පළ වූ ෆෙස් බුක් සටහනකට ප්‍රතිචාර දැක්වූ (කමෙන්ට් දැමු) රාජ්‍ය නිලධාරියෙකු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත දැනුම් දී තිබේ.

පලාත් පලාත් පාලන කොමසාරිස්වරුන් වෙත මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබාදුන් නීත්‍යානුකුල නොවන උපදෙස්/නියෝග පිළිපැදීම ලංකාවේ සියළු පාලත් පාලන කොමසාරිස්වරුන් විසින් නොතකා හරිනු ලැබීය.  මේ පිළිබද මැතිවරණ කොමිෂන් සභාව දිගින් දිගටම පලාත් පාලන කොමසාරිස්වරුන් වෙත බලපෑම් කිරීම පිළිබඳ අඳාල විෂය සම්බන්ධ ප්‍රවීණයෙකු වන කඩුවෙල හිටපු නාගරිසක කොමසාරිස් ගාමිණි ගුණසේකර සිය ෆෙස් බුක් ගිණුමේ සටහනක් මගින් ප්‍රශ්ණ කර තිබුණි. එයට සිය අදහස සටහන් තැබූ දකුණු පලාත් පාලත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ පිළිබද විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇත.  

මැතිවරණ කොමිෂන් සභාව, ඕනෑම රාජ්‍ය සේවකයෙකු වෙත ලබා දෙන නීත්‍යානුකූල නොවන නියෝග/උපදෙස් ක්‍රියාත්මක නොකර සිටීමට කණිෂ්ඨ නිලධාරීන්ට අයිතියක් ඇත. මන්ද, බාහිර බලපෑමක් නිදහසට කරුණක් ලෙස ඉදිරිපත් කිරීමට කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට හැකියාවක් නොමැති බැවිනි.

මහා මැතිවරණයට ඉදිරිපත්වන පළාත් පාලන ආයතනවල තෝරාගත් සභිකයින් පිරිසකට පමණක් නිවාඩු ලබා ගැනීම, දිමනා ලබා නොදීම වැනි නියෝග ගණනාවක් ම.කො. විසින් නිකුත් කර ඇත.  මේ අතරම, තවත් පලාත් පාලන සභිකයින් පිරිසක් සම්බන්ධයෙන් මැ.කො. කිසිදු නීත්‍යානුකුල පියවරක් හෝ අවම වශයෙන් විධිමත් දැනුම්දීමක් හෝ සිදු කර නැත.   

අදහස් ප්‍රකාශ කිරීම හා සන්නිවේදනය සදහා සමාජ ජාලා භාවිත කිරීමේ දී සාපේක්ෂව ඉතා ධනාත්මක ප්‍රවේෂයකින් මැතිවරණ කොමිසම කටයුතු කරයි.  කොමිසන් සමාජිකයින් හා නිලධාරීන්ගේ සටහන්, කමෙන්ට් හා ප්‍රතිචාර ඉතා ජනප්‍රිය ය.  නමුත්, තමන්ට සිදු වූ වරදක් පෙන්වා දුන් විට, විනය ක්‍රියා මාර්ග ගැනීමට තරම් බොළඳවීම නම් ලැජ්ජාවට කරුණකි.  සුළු විවේචනයක් හෝ දරා ගැනීමට මැ.කො. ට ශක්තියක් නොමැති බව විනය ක්‍රියාමාර්ග යෝජනා කිරීමෙන් පෙනී යයි. මැතිවරණ ක්‍රියාවලියේ ගැටළු, දුබලතා පිළිබඳ අදහස් දැක්වීමට සෑම පුරවැසියෙකුටම අයිතියක් තිබේ.  විනය ක්‍රියාමාර්ග හරහා මැ.කො. කටයුතු සාකච්ඡා කිරීම වැලැක්වීම සදහා විනය පරීක්ෂණ කරළියට ගෙන ඇති බව පැහැදිලිය.  අදහස් කිරීමට ඇති අයිතිය, ආයතන සංග්‍රහයේ විධි විධාන මගින් සීමා නොවන බව මෙයට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ද තීරණය කර ඇත. මැතිවරණ කොමිෂන් සභාව හැර ලෝකයේ ඇති සියළු දේ විවේචනය කිරීමෙන් පමණක් ‘ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය!‘ හිමිවන්නේ නැති බව පුරවැසියන් අවබෝධ කොට ගත යුතුව ඇත.  

විනය පරීක්ෂණයක් පැවැත්වීම සදහා මැ.කො. යෝජනා කර ඇති ලිපිය පහත දිගුවෙන් බාගත කළ හැකිය. (ගාමිණී ගුණසේකර මයා – 0777632455)

https://m.facebook.com/story.php?story_fbid=3036246813088372&id=100001092489136

සේනක පල්ලියගුරුගේ ට විනය චෝදනා එල්ල කොට ඇත්තේ, ඉහත ලිපිය මැයි 23 පෙ.ව. 8.11 ට කමෙන්ටුවක් සමග ශෙයා කිරීම සම්බන්ධයෙනි. මෙහි ඡායාරූපයේ දැක්වෙන්නේ එම ‘සටහන‘ යි.  

විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මැ.කො. සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක විසින් යැවූ ලිපිය ද මෙහි දැක්වේ. 

රජිත් කීර්ති තෙන්නකෝන්

2020 ජූනි 21

—————————

මැතිවරණ කොමිසම ලබා දුන් නියෝගය නීත්‍යානුකුල නොවන, පලාත් පාලන කොමසාරිස්වරයෙකුගේ බලසීමාව ඉක්මවන්නක් බව විශේෂඥ මතය යි.  ඒ පිළිබඳ තොරතුරු පහත දිගු මගින් ලබා ගත හැකිය.

https://www.facebook.com/Keerthi.tennakoon/posts/10220377629964373 https://www.facebook.com/Keerthi.tennakoon/posts/10220367578193085

https://www.facebook.com/gamini.gunasekara.144

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress