MCC ගිවිසුම ගැන පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Posted on June 27th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

MCC ගිවිසුම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පළමුව රටට හෙළිකළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවනවා.

මේ අතර ඵක්‍ක්‍ ගිවිසුම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ තවත් අදහස් පළ වුණා.

රාජ්‍යතාන්ත්‍රිකයන් හමුවූ පමණින් හෝ සාකච්ඡා කළ පමණින් කබල නොවිය යුතු බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක චන්දිම වීරක්කොඩි කියාසිටියේ.

අමාත්‍ය විමල් වීරවංශ ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

ඔහු කියාසිටියේ හොරට අත්සන් කළ ගිවිසුම් දෙකක් මේ වන විට එළියට පැමිණ ඇති බවයි.

සමගි ජන බලවේගයේ අපේක්ෂක පී හැරිසන් මහතා කියාසිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද මීට වගකිව යුතු බවයි.

මේ අතර එවැනි කිසිදු ගිවිසුමක් අත්සන් නොකරන බව අමාත්‍ය මහින්ද අමරවීර කියාසිටියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress