තැපැල් දෙපාර්තමේත්තුවේ ගොඩ ගැසී ඇති ඡන්ද ලිපි සම්බන්ධයෙන් තැපැල්පති/මැතිවරණ කොමිසම වෙත යොමු කළ ලිපි
Posted on July 28th, 2020

රජිත් කීර්ති තෙන්නකෝන් නිත්‍ය නියෝජිත/සමගි ජනබලවේගය

2020 ජූලි 28

1.      මහින්ද දේශප්‍රිය මහතා,
සභාපති.
මැතිවරණ කොමිෂන් සභාව.

2. රංජිත් ආරියරත්න මහතා,
තැපැල්පති.

මහත්වරුණි,  

නිදහස් තැපැල් මගින් ලිපි බෙදානොහැරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අද පැවැති රැස්වීම හා බැදේ

හෝමාගම තැපැල් කාර්යාලය වෙත බාර චක්‍ර ලේඛන ප්‍රකාරව බාර දෙනු ලැබූ (ලැයිස්තුව අමුණා ඇත) මෙම ලිපි බෙදා නැත. දැන් එම ලිපි ඇත්තේ මධ්‍යම තැපැල් හුවමාරුවේ ය.  ඒ අනුව, අද පෙරවරුවේ තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ සත්‍ය නොවන කරුණුය.

මේ වන විට මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි 60,000 ක් ගොඩ ගැසී ඇත.  (එම ලිපි අතර මෙලෙස කාණ්ඩ කොට ප්‍රාදේශීය කාර්යාල වෙත බාර දුන් ලිපි දහස් ගණනකි.  ඒ අනුව, තැපැල් කාර්යාලය වෙත බාරදුන් ලිපි එම ප්‍ර දේශවලම බෙදා හරින බවට ඔබ දෙපල, කොමසාරිස් ජෙනරාල්තුමා,  මා සමග පැවති රැස්වීමේ දී ප්‍රකාශ වූ කරුණ ද සත්‍ය නොවේ.

සභාපතිතුමනි, තැපැල්පතිතුමනි,

අප පක්ෂයේ අවශ්‍යතාවය අප පක්ෂයේ ප්‍රවර්ධනය සදහා නීත්‍යානුකුලව බාර දූන් ලිපි ඡන්දදායකයා වෙත බාරදීමය. තැපැල් දෙපාර්තමේන්තුවේ වගකීම ද එයම වේ.  දැනට ගොඩගැසී ඇති ලිපි බාරදුන් වෙනත් පක්ෂවල මහ ලේකම්වරුන් සිය මුදල් හා ශ්‍රමය වැය කර ඇත්තේ ද ඡන්දදායකයාට සිය පණිවුඩයක් යොමු කිරීමේ අභිලාෂයෙනි.  අවසානාවකට, ධනය ශ්‍රමය, වැය කර අප පක්ෂය ද, අනෙකුත් පක්ෂ ද, අපේක්ෂකයින් ද දැරූ උත්සාහය තැපැල් දෙපාර්තමේන්තුවේ අවිධිමත් භාවය නිසා එල රහිත වී ඇති බවය.

නිදහස් තැපැල් භාවිත කරමින් තැපැල් කළ ලිපි ලක්ෂ ගණනක් මේ වන විට රට පුරා තැපැල් හල්වල ගොඩ ගැසී ඇත.  ඒවා බෙදාහැරීමට කිසිදු ප්‍රමාණාත්මක උත්සාහයක් දැරෙන්නේ නැත.

පක්ෂ නායක රැස්වීම් දෙකක දී ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක වී නැත. අනෙක් අතට, නිෂ්චිත තොරතුරු ඉදිරිපත් කළ විට ඒවා, අතිශයින් ග්‍රාම්‍ය බොරු වැලකින් වසා ගැනීමට උත්සහ දැරීම මෙම ප්‍රශ්නයට විසදුම නොවේ.

1.      තැපැල් කාර්යාල වෙත දැනට බාරදී ඇති සියළු ලිපි බෙදා හැරීම

2.      සති අන්තයේ ලිපි බෙදා හැරීමට අවශ්‍ය අනුමැතිය ලබාදීම

3.      සති අන්තයේ ලිපි බෙදා හැරීමට සදහා අවශ්‍ය ගෙවීම් සදහා තැපැල්පතිවරයා වෙත අනුමැති බලා දීම

යන මා විසින්, අද පෙරවරුවේ ඔබ වෙත ඉදිරිපත් කළ ඉල්ලීම ඉටු කිරීමට කටයුතු කරන මෙන් මෙයින් නැවත ලිඛිතව ඉල්ලමි.

ඉදිරි මැතිවරණයක දී හෝ නිදහස් තැපැල් භාවිතයේ දී දේශපාලන පක්ෂ මෙවැනි දැවැන්ත රැවටීමකට ලක් කිරීම වැලැක්වීම සදහා පියවර ගැනීම දේශාපාලන පක්ෂයක් ලෙස අප සතු වගකීමක් යැයි අප සලකන බැවිනි.

මෙම ඉල්ලීම ඉටු කළ නොහැකි නම්, ඒ පිළිබඳ අප වෙත ලිඛිතව දැනුම්දීමට කටයුතු කරන ලෙස ද කාරුණිකව ඉල්ලමි. 

මෙයට විශ්වාසී,

රජිත් කීර්ති තෙන්නකෝන්

One Response to “තැපැල් දෙපාර්තමේත්තුවේ ගොඩ ගැසී ඇති ඡන්ද ලිපි සම්බන්ධයෙන් තැපැල්පති/මැතිවරණ කොමිසම වෙත යොමු කළ ලිපි”

  1. Ancient Sinhalaya Says:

    Thennakoon. Is that your real name? Do you have children? In the Balu wegaya (dog speed in packanil English) with
    ISIS and Catholic tigers of tamil drealam supporters? If you have children, children’s children and love them
    run away from these extremists. Buuru puthano has no children just like the samanala gang and do anything to get into power. Were you in Sri Lanka during yama pallans’ Yama paalanaya and see how the samanala gang destroyed Sri Lanka,
    Sinhalese race and Buddhism? Run now! Think about your children (if you have any). With a name like that helping to
    destroy Sri Lanka, ganging up with Tamil and mussie extremists?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress