මැතිවරණ රාජකාරිවල නිරත නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධව
Posted on July 31st, 2020

ජන මාධ්‍ය නිවේදනයයි ලංකා ගුරු සේවා සංගමය.

සභාපති
මැතිවරණ කොමිෂන් සභාව,
රාජගිරිය.

සභාපතිතුමනි,

මැතිවරණ රාජකාරිවල නිරත නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධව


අගෝස්තු 05 වැනි දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයෙහි රාජකාරි ටයුතු සඳහා කැඳවා ඇති රජයේ නිලධාරීන්ගේ සාතිශය බහුතරයක් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් වන අතර මේ වන විට ඔවුන් රාජකාරි සඳහා වාර්තා කිරීමේ සැලකිය යුතු පසුබෑමක් නිර්මාණය වෙමින් ඇති බව අප සංගමය වෙත වාර්තා වෙන බැවින් ඒ සම්බන්ධ්‍ව ඔබේ කඩිනම් අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.

02. මෙ වන විට රට තුළ #කෝවිඩ්-19 වසංගත තත්වය යම් මට්ටමකට මැඩ පවත්වා ඇතත් රණ්ඩුවේ විවිධ්‍ ක්‍රියාමාර්ග හේතුවෙන් නැවත නිර්මාණය වී ඇති අනාර්ෂිත තත්වය මීට හේතුවී ඇති අතර ඔවුන්ගේ ආරක්ෂාව සහති කිරීම සඳහා නිරෝධායන නීති රීති හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මාර්ගෝපදේශයන් අනුව මැතිවරණ කොමිසම මේ වන විට පූර්ව ක්‍රියාමාර්ග ගෙන ඇතත් එය අදාල නිලධාරීන්ගේ අවිශ්වාසය හා සැකය දුරු කිරීමට මේතෙක් සමත්ව නොමැති හෙයින් ඒ සඳහා ඩිනම් මැදිහත්වීමක අවශ්‍යතාවය අවධාරණය කරමු.

03. විශේෂයෙන් වසංගත තත්ත්වය හමුවේ පැවැත්වෙන මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මාර්ගෝදේශයන් විධිමත්ව ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය නෛතික පසුබිම සැකසීම සඳහා අදාල නීතිරීති ගැසට් මගින් ප්‍රකාශයට පත් නොකොට සිදුකළ මගහැරීම් මෙන්ම ගැසට් කළ පසුවත් විශේෂයෙන් මහජන පරීක්ෂකවරුන් තමන් වෙත නිසි පරිදි බලතල නොපැවරවීම සම්බන්ධ්‍ව වෘත්තීය ක්‍රියාමාර් වලට එළඹීමත් මැතිවරණ ප්‍රචාරක කටයුතු වල දී විශේෂයෙන් ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන අදුරදර්ශි ප්‍රතිපත්ති හා එහිදී ඇති වූ  යම් යම් සිද්ධීන් තුළ ඔවුන් මෙම අවිශ්වාසය ගොඩනගා ගැනීමට හේතුව ලෙස සඳහන් කරති.

04. එමෙන්ම මෙවර මැතිවරණ රාජකාරි සඳහා නිලධාරීන් පුහුණු කිරීමේදී විශේෂයන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ මාර්ගෝපදේශයන් සම්බන්ධව ප්‍රමාණවත් දැනුවත් කිරීම් ඔබ ආයතනය විසින් සිදු කළ ද සේවයට වාර්තා නොකර මගහැර සිටින නිලධාරීන් දැනුවත් කිරීම සම්බන්ධව විධිමත් වැඩපිළිවෙලක් මේතෙක් නොවීමත් යම් සිද්ධියක් සිදු වුවහොත් ඊට ව කිව යුත්තෙක් නොවීමත් මෙවැනි තත්ත්වයක් නිර්මාණය වීමට හේතු වී ඇති බව අපගේ විශ්වාසයි.

එහෙයින් ඉදිරි දින කීපය මේ සම්බන්ධව තීරණාත්මක දින කීපයක් වන බව දැඩිව අවධාරණය කරන ලංකා ගුරු සේවා සංගමය යම් යම් එක් සිදුවීමක් මෙම තත්ත්වය සම්පූර්ණයෙන් උඩුයටිකුරු කළ හැකි බැවින් ඒ පිළිබඳව දැඩි අවධානය යොමුකර විශේෂයෙන් මැතිවරණ රාජකාරි වල නිරත නිලධාරීන්ගේ විශ්වාසය තහවුරු කිරීමට අදාල වන කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස අප සංගමය වගකීමෙන් යුතුව ඉල්ලා සිටිමු.

මෙයට,
විධායක සභාව වෙනුවෙන්,
මහින්ද ජයසිංහ,
ප‍්‍රධාන ලේකම්,
ලංකා ගුරුසේවා සංගමය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress