රට අවුරුදු හතරකින් අගාදියට ඇද දැමු එක්සත් ජාතික පක්ෂයේ සමගි ජනබලවේගයේ හා ජනතා විමුක්ති පෙරමුණේ යමපල්ලන්ටද නැවතත් රටේ පාලන බලය දිය යුත්තේ ?
Posted on July 31st, 2020

චාර්ල්ස් එස් පෙරේරා විසින් 

විලිලජ්ජා  නැති ප්‍රතිපත්යක් නැති මිනිස්සු දැන් එනවා රට කරන හැටි කියා දෙන්න. 

දැන් ඉන්න සමහරක් උන් මැරිලා ඉපදිලා. 2005 ඉඳලා අපේ ලංකාව දුටු දෑවැන්ත සංවර්ධන උන් දුටුවේ නැතුවා වාගෙයි. තාමත් කතාකරන්නේ රාජපක්ෂ පවුල් බලය ගැන . උන් අහනවා  රාජපක්ෂලා කොටි ගණන මුදල් නාස්තිකරලා ඇයි  අවුරුදු දෙකකට කලින් චන්දයකට ගියේ කියල. උන්ට තියෙන දේශපාලන බල තන්හාව නිසා හෝ උන්ට තියෙන යමක්තෙරුම් ගැනීමේ අපහසුතාවය නිසා උන්ට තේරෙන්නේ නෑ . 

මහින්ද රාජපක්ස ජනාධිපති තුමා බලලෝභයෙන් ජනාධිපති කම ලබාගත් කෙනෙක් නොවේ. ඔහුට රට ගැන අවංක ආදරයක් තිබුනා . ඔහුට  දුර දිග දක්නා නුවණක් තිබුනා. මහින්ද චින්තනයෙන් එය හොඳින්පැහැදිලිවෙනවා. ඔහු 2014 ජනාධිපති චන්දයක් පැවැත්වුයේ  ඔහු බලාපොරුත්තු වූ රටේ සංවර්ධනය  නොකඩවා කරගෙන යාමට  අවුරුදු දෙකකට වඩා දිගු කාලයක් අවශ්‍යවන බෑවු ඔහු දත් බැවින්. චන්දයෙන් ඔහු දිනුවානම්  අද අපේ රට අපට හිතන්නවත් බැරි තරමට දියුණුවී තිබෙන්නට තිබුනා.  

එදා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා දැණහිටියේ  නෑ ඔහු ලඟම ඇසුරුකළ විශ්වාශ කල ඔහුගේ පක්ෂලේකම් තමන්ට  ද්‍රෝහිවී විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා  වීමට සුදානම් වී සිටිය බවක්.  ඒ ද්‍රෝහියා රටේ ජනාධිපතිඋනා,  නමුත් ඊට අවුරුදු හතරකට පසු  ශ්‍රී ලංකාව ඇෆ්ඝනිස්තාන්යටත් වැඩි දුගී රටක් බවට පත් උනා. ඒ රාජපක්ස ජනාධිපතිතුමාගේ වරදක්ද ?  

දැන් කපටිකමින් ජනතාව රවට්ටන  තාමත් රාජපක්ෂ පවුලට මඩගහන කවදාවත් දේශපාලනයටවැද්දගන්න සුදුසු නැති  දේශපාලන දැක්මක් නැති එක්සත් ජාතික පක්ෂයේ  සමගි ජනබලවේගයේ හා ජනතාවිමුක්ති පෙරමුණේ  දේශපාලන මුසලයෝ අවුරුදු හතරක්ම අපේ රට විනාෂකරලා දැන් එනවා ඔවුන්ට විතරයි රට  හදන්න පුලුවන් කියාගෙන. 

මේ රට හදන්න බෑ පරාලිමේන්තුවේ කතාකරන්න පුලුවන්වුනාට, දේශපාලන  ලිපි ලේඛන ලියන්න පුලුවන්  උනාට, දේශනා පවත්වන්න පුළුවන් උනාට.  ටික කලකට ඇමතිකම් දැරුවාට රටක් කරන්න බෑ.  එකට අවංක දේශප්‍රේමීත්වයක් අවශ්‍යයි.  ජීවිතයේ කර්කශ අවස්ථාවන්ට මුණ දී  එයින් දිනන්න අවශ්‍යයි. කොයි අවස්තාවක  හෝ ජනතාවගෙන් කොටසක් හෝ මරා දැමුවන් බවට පිළිගත් අය විය නොයුතුයි. 

රාජපක්ෂ පවුලට නොයෙක් විධියේ  දෝෂාරෝපණ කලත්; ඔවුන්ගේ හැකියාවන් ඔවුන්  තේරුම් ගෙන නෑ. මහින්ද රාජපක්ෂ මහත්මයා ත්‍රස්තවාදය පැරදවීමට  අධිෂ්ටානයෙන් පැමිණ  ඒ අධිස්ටානය ජයගත්තා. ගොටාබය රාජපක්ස මහත්මයා  ආරක්ෂක ලේකම්වශයෙන් යුද්ධය දිනන්න පුළුවන් යන අධිෂ්ටන්නයෙන්  යුදහමුධා සියල්ලමත් පොලිස් දෙපාර්තමේන්තුවත් එක්කරගෙන  මහා සටනක් ව්යාප්තකර  ත්‍රස්තවාදය සම්පුර්ණයෙන් විනාෂකලා.  ඊට පසුව යුද හමුදාව රටේ සවර්ධනය සඳහා යොදාගැනීමෙන් ලංකාව අලංකාර කළා .  බැසිල් රාජපක්ෂ මැතිතුමා  මාස තුනක් ඇතුලත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නමින් දේශපාලන පක්ෂයක්  සාදා එය ලංකාවේ ප්‍රබලතම දේශපාලන පක්ෂයක් බවට පත් කලා. චාමල් රාජපක්ෂ මහත්මයා ලංකා පාරලිමෙන්තු ඉතිහාශයේ විශිෂ්ට ප්‍රජාතන්ත්රය අකුරටම ක්‍රියාත්මක  කල කතානායකවරයෙක් බවට පිළිගනු ලැබුවා. නාමල් රාජපක්ෂ උනත් ගුණ යහපත්කමින් යුත් සධාචර සම්පත් තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට  පත්වෙමින් සිටිනවා.  

මේවා රාජපක්ෂ පවුල කල අසීමිත සේවාවන් හා ඔවුන් තුල දකින අවංක ලංකාවට ඇති ආදරය භක්තිය දක්වන සලකුණු .  ඉතින් මේ අයගෙන් රටට යහපතක් මිස අයහපතක් බලාපොරොත්තුවිය නොහැක. ඔවුන් ත්‍රස්තවාදීන් ම්නීමරුවන් විනාශකලා මිස ඔවුන් මිනී මැරුවේ නෑ .

මෙවැනි දක්ෂතාවයන් අත් දැකීම් ලංකාවේ  වෙනත් පවුලක අපි දුටුවාද.  වෙන කොයි දේශපාලනයකයෙකුට මෙවැනි අත්දැකීම්  හා දක්ෂතා පෙන්නුම්කල හැකිද ? රනිල්  වික්‍රමසිංහ  ? සජිත් ප්‍රේමදාස ? අනුර කුමාර දිසානායක ?   මේ කියන ලද අය එවැනි දක්ෂතාවයන් පෙන්නුම් කර තියෙනවාද

නෑ මේ කිසිවෙක් ශ්‍රී ලංකාවේ දේශපාලන නායකත්වයට සුදුසු බවක් පෙන්නුම්කර නෑ . එබැවින්  එක්සත් ජාතික පක්ෂයටවත්ජනතා සමගි බලවේගයටවත්ජනතා විමුක්ති පෙරමුනටවත්  අපේ ජනාධිපති ගොටාබය රාජපක්ෂ මැතිතුමා සමග ශ්‍රී ලංකාවේ පාලන බලය ගෙනයා නොහැකියි. 

එබැවින් එක්සත් ජාතික පක්ෂයේ   ජනතා සමගි බලවේගයේ,  ජනතා විමුක්ති පෙරමුනේ  කපටි අවුරුදු හතරක් ශ්‍රී ලංකාව අගාදියට ඇදදැමු  චන්ද අපේක්ෂකයන්ට ඔබේ චන්දයදීමෙන් වැලකී සිටින්න.

 ගොටාබය රාජපක්ෂ ජනාධිපතිමහින්ද රාජපක්ෂ අගමැති සුසන් යෝගයෙන් මේ ශ්‍රී ලංකාවේ  එදා 2015 ජනවාරි 8වනදා නැවතුන මහා සංවර්ධන කටයුතු නැවත ආරම්භ කිරීමටත්ශ්‍රී ලංකාවේ අනාගත දියුණුවට, සංවර්ධනයට පමණක් නොවේ  ජාතීන් අතර සම්බන්ධය, සාමය, හා ආරක්ෂාවටසිංහල  බෞද්ධ  සංස්කෘතික නවප්‍රභෝධයක් සඳහා  ඔබේ චන්දය පොදුජනපෙරමුනේ  චන්ද අපේක්ෂකයින්ට විශ්වාශයෙන් යුතුව දෙන්න .

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress