මරක්කල නීතිරීති වලට ප්‍රමුඛස්ථානය ලැබුණේ කවරදාද?
Posted on November 16th, 2020

මතුගම සෙනෙවිරුවන්

              මහමදාගම්කාරයන් යනු මොහොමඩ් නබි තුමාගේ අනුගාමිකයන්ය.ඒ නිසාම නබිතුමා නිර්මාණය කල ආගමට මහමත් ආගම යයි ව්‍යවහාරයක් ඇත. මහමත් ආගම ඉතාමත් ආක්‍රමණශීලි ස්වභාවයෙන් ලෝකයේ නොයෙක් රටවල පැතිරීම  නිසා ස්වදේශිකයන් ඝාතනයට ලක් වූහ.එසේම මහමත් ජනයා ගේ වානිජ ශූරත්වය නිසා ඉතා ඉක්මනින් විදෙස් රටවල වෙළෙඳ ආධිපත්‍යද ගැනීමට ද හැකි වී ඇත. ඉන්දියාවට පැමිණි මහමත් අක්‍රමණිකයන් විශාල විනාශයක් කළහ.ඉන්දියාවේ පැවති බුද්ධ ශාසනය විනාශ වන්නේ මේ ආක්‍රමණ හේතුවෙනි. මහමත් සෙබලු ඉන්දියාවේ දකුණට සිය ආධිපත්‍ය පතුරුවන කල්හි එහි සිටි ද්‍රවිඩයන් රැසක් මහමත් ආගමේ ගොදුරු බවට පත් විය.මරක්කලයන් බිහිවන්නේ මෙකී මහමත්කරණයට ලක් වූ පිරිස් නිසාවෙනි.ලංකාව සමග වෙළදාමේ යෙදුණු බහුතරයක් වානිජයන් එකල හැටියට ද්‍රවිඩයන් විය. මෙම ද්‍රවිඩයන් මහමත්කරණයෙන් පසුව එම වෙළෙදාම අල්වා ගත්හ. ඔවුහු සම්පන් නම් යාත්‍රා වලින් ඉන්දියන් සාගරයේ පටු තීරුව තරණය කොට ලංකාවට පැමිණියහ.සම්පන් වලින් බඩු සැපයීම නිසා මේ මරක්කලයන් හම්බයන් බවට පත් වූහ.හම්බන්තොට ඔවුන් ගොඩ බට ප්‍රසිද්ධ තොටමුණකි.

        පෘතුගීසින් ලංකාවට පැමිණෙන කල්හි දෙස් විදෙස් වෙළදාම මේ මරක්කලයන් සතු වූහ. එසේම සෑහෙන පමණ නාවික යුධ බලයක්ද ඔවුනට හිමි වූහ.සිංහල රජවරු පවා මේ මරක්ලයන් ගේ බලඇණි තමන්ගේ සේවයට බඳවා ගෙන පරංගීන්ට විරුද්ධව සටන් මෙහෙයන ලද්දේ නවීන ආයුධ තාක්ෂණයන්ද ඔවුන් සතුව තිබූ බැවිනි.නමුත් කල් යෑමේදී මරක්කලයන් පළවා හැර පෘතුගීසි ආධිපත්‍ය ස්ථීරවම ලංකාවේ පිහිටුවන ලදී. පරංගීන් ගෙන් පසු ලන්දේසීන් මේ මරක්කල බලය සහමුලින්ම ඉවත් කිරීමට දැඩිව උත්සාහ දැරීය. නමුත් එය පූර්ණ වශයෙන් සාර්ථක වූයේ නැත.වර්ෂ 1796 දී ලන්දේසීන් විසින් ඉංග්‍රිසීන් සමග එළඹෙන ලද ගිවිසුම ප්‍රකාරව මුහුද බඩ පළාත් සියල්ල පවරා දී ඇත.  වර්ෂ 1766 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජු සහ නිලමේ වරු එකතුවී මෙකී මුහුදුබඩ පළාත් ලන්දේසීන් වෙත ගිවිසුමකින් පවරා දීම නිසා දෙවනුව මේ ප්‍රදේශ ඉංග්‍රීසීන් සතුවිය..

      ලන්දේසි නීති ආධිපත්‍ය පසුව ඉංග්‍රීසි නීතිය බවට පත් වීමෙන් ඒ පළාත් වල වැසියාටද ඊට යටත් වීමට සිදු විය. මුහුදුකරයේ තැන් තැන් වල විශේෂයෙන්ම පුත්තලමේ සහ මඩකලපුවේ සුලු වශයෙන් සිටි මරක්කලයන්ට  මුක්කුවාර් නම් නීතියක් තිබුණි. මේවා මලබාරයන්ගේ තේසවලාමෙයි නීති මෙන්ම ඉංග්‍රීසින් විසින් පිළිගත්හ. අනතුරුව 1806 අගොස්තු 05 වන දා මහමත් ආගම් කාරයන්ගේ විවාහ නීතිය වෙනුවෙන් ඉංග්‍රීසින් ආඥාවක් නිකුත් කළහ. පසුව අවස්ථා ගණනාවකදී මේ විවාහ හා දේපළ නීති වෙනස් වෙමින් පැමිණ සංවර්ධනය වී තිබේ.මේ රටේ සොහොන් පිළිබඳ ආඥ පනතක් ඉදිරිපත් කර තිබෙන්නේ වර්ෂ 1862 දීය. සොහොන් සඳහා වෙන් කරන ලද භූමි සඳහා වූ නීති රීති එහි සඳහන් විය. ඉංග්‍රීසීන් ගේ වරප්‍රසාද මධ්‍යයෙහි මෙරට වානිජ බලය සියතට ගත් මරක්කලයන් කොළඹ කේන්ද්‍ර කොට නැගී සිටින්නට විය. මේ නිසා මරක්කල පවුල් රංචු ගහනයන් ඇත්වන්නට විය. ඒ සමගම පල්ලි ද ඉඳි වන්නට විය.

    පල්ලියේ කොටසක් සූසානයට වෙන් විය. නමුත් මේ තත්වයෙහි වෙනසක් දකින්නට සිදු වූයේ වර්ෂ 1880 දීය. දෙමටගොඩ ප්‍රදේශයට විශේෂ සොහොනක් ඉල්ලා මරක්කලයන් ව්‍යවස්ථාදායකට කරුණු ඉදිරිපත් කර තිබේ. එම ඉල්ලීම එහි දී අනුමත වීය.1880 අංක 10   ආඥා පනත මගින් දෙමටගොඩ විශේෂ මහමත් සොහොන නමින් ආඥ පනතක් නීතිගත වන්නේ ඒ අනුවයි.     මහමත් ආගම දරන්නන් ගේ රංචු ගැසීමේ සිරිත තුළ ඔවුන් ගේ සෑම නීතියක්ම රීතියක්ම රැඳී පවතී. පල්ලිය තුළ ඒකරාශි වී ගන්නා තීරණ ඇතැම් විට නීති සම්ප්‍රදායන් බවට පත් වේ.ඒවා රටේ නීති පොතට එක් වන්නේ පාලකයන් ගේ විශේෂ අනුග්‍රහය ඊට ලැබෙන කල්හිය. 1980 ගණන් වලින් පසුව පත්වූ එක්සත් ජාතික පක්ෂ රජය එහි අමාත්‍ය මණ්ඩලයට පත් වූ මහමත් ඇමතිවරු ඉන්පසු පොදු පෙරමුණු රජයේ මහමත් ඇමතිවරු මේ සියලු දෙන ඒකම අරමුණක් වෙනුවෙන් කටයුතු කර තිබේ.ඔවුහු පියවරෙන් පියවර ඉදිරියට තබමින් තමන් විසින් පත් කර ගන්නා ලද සිය ආගමේ බලය හිමි ඇමතිවරුන් ලවා පාර්ලිමේන්තුවට පනත් රාශියික් ඉදිරිපත් කර තිබේ. 1980 -2000 දක්වා කාලයේ මේ පනත් විශ්ලේෂණය කරන කල්හි. එම පියවර අහම්බයක් නොවන බව පෙනේ.ඉංග්‍රීසීන් සහ ඔවුන් අනුව ගිය කලු සුද්දන් විදෙස් වලින් පැමිණි ආගන්තුකයන්ට මේ රටේ වරප්‍රසාද අත් කර දී ඇත්තේ එලෙසය.

   1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බෞද්ධයන් පිළිපදින බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් ලබා දී තිබේ.නමුත් එම ව්‍යවස්ථාවේම පුරවැසි බාවය දක්වන තැනදී මෙරට ලියාපදිංචියෙන් පුරවැසිබව ලැබූ මරක්කලයන් සහ දෙමළ ජනයා හා සිංහලයන් සමාන කරතිබේ.ඉංග්‍රීසින් මුහුදු බඩ පළාත් අත්පත් කරගත් පසු මරක්ලයන්ද ඔවුන් යටතේ පුරවැසියන් වූහ. එය තහවුරු කරන ලද්දේ 1948 දීය. නමුත් එහිදී පාරම්පරික පුරවැසිබව සහ ලියාපදිංචියෙන් පුරවැසි බව පිළිබඳව දැක්විය යුතු විය. 1978 දී නැති කරන ලද්දේ සිංහලයන් විසින් භුක්ති විඳි අයිතියයි. නමුත් බෞද්ධයන්ට  ප්‍රමුඛස්ථානයක් ඇතැයි යන්න බහුතරයේ සැනසීමට කාරණයක් විය.මේ කාරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණද පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිවකු මේ ගැන සලකන්නේ නැත. මරක්කලයන්ට සහ දෙමලුන්ට මේ රටේ ප්‍රමුඛස්ථානයක් නොමැති බව කියන්නට මේ නියෝජියන්ගේ දිව නැමෙන්නේ  නැත. ඒ වෙනුවට මේ රට බහුජාතික බහුආගමික රටක් වශයෙන් දැක්වීමට ඔවුහු පසුබට නොවෙති.

    කොරොනා වසංගතය නිසා මියයන මරක්කලයන්ගේ මිනී ආදාහනාගාරයක් තුළ පිලිස්සීම සිදු කිරීමට තීරණයක් ගනු ලැබූයේ සෞඛ්‍ය අංශ විසිනි. වෛරස් විසබීජ මහ පොළවට එකතු වී සක්‍රීය වන්නේ යැයි සිතා ඒ තීරණය ගන්නට ඇත.  අතීතයේ සිටම සෞඛ්‍ය ගැන සැලකිලිමත්වීමට සිංහලයන් උත්සාහ කරති.  ඔවුහු කිසිදිනක ජලයට මුත්‍ර කලේ නැත. බීමට භාවිත කරන ළිඳට කකුල් ඔබා ගෙන සිටියේ නැත.. ජලය පිරිසිදුව බාවිත කරලීම පිණිස ඔවුන්ගේ චාරිත්‍ර රාශියක් විය.සිංහල අවුරුද්දේ දී  ළිඳත් සමග ගනුදෙනු කරන්නේ ඒ නිසාය. ලංකාවේ ජල මූලාශ්‍ර කෘෂීකර්මය ට සහ ජල උල්පත් වලට අතිශයින් වැදගත් වන නිසා ඒවා ආරක්ෂා කර ගැනීමට ඒ අය සැබවින්ම කැප වූහ.වර්තමාන සෞඛ්‍ය ලොක්කන් විසින් කොරෝනා අදාහන නීතිය ගෙනා විට පාංශකූලික චාරිත්‍රය පවා නොසලකා හැර ඊට එකඟ වූයේ මහ පොළවත් සමග ඔවුන් ඇති කරගත් සබඳතාවය ඉතා දැඩි බැවිනි. යම්කිසි අපරාධමය මරණයක් සිදු වූ විට මේ රටේ නීතියට අනුව අදාහනය නොකරති. ජාති ආගම් නොසලකා මනී වැළලීම කරති.නීතියට ගරු කිරීම සිංහලයන් එම නීතියටද අනුගත වෙති.මේ රටේ  සෑම අතකින්ම ප්‍රමුඛස්ථානයක් හිමිවන ජනතාවක් රටේ නීතියට අනුව සහ තමන්ගේ විශ්වාසයන්ට අනුව තීරණයක් ගන්නා විට එය එකම තීරණය බවට  තහවුරුවක් ඇති  වෙයි.

 එවැනි අවස්ථාවකදී රටේ ජීවත් වන ලියාපදිංචියෙන් පුරවැසි බව ලැබූ කිසිම ජනවර්ගයකට අයත් පුද්ගලයෙකුට හෝ ආගමකට අයත් පුද්ගලයෙකු ගේ විශ්වාසයන්ට ප්‍රමුඛස්ථානයක්හිමි නොවේ.එලෙස ප්‍රමුඛස්ථානයක් හිමිකර දී කොරෝනා නිසා මියගිය මරක්කලයන්ගෙ මිනී වැළලීමට අවසර දෙන්නේ නම් එක පැත්තකින් මේ රටේ සෞඛ්‍ය නීතිය උල්ලංඝණය වෙයි. අනෙක් පැත්තෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවන වගන්තිය කඩ කරනු ලබයි. දැනට කටයුතු සිද්ද වේගෙන යන ආකාරයට සිංහල බෞද්ධයන් බහුතරයකගේ චන්දයෙන් පත්වූ ආණ්ඩුවක් මගින්ම මේ ‌ෙඑතිහාසික නීතිය කඩ කිරීමට උත්සාහ දරණු පෙනේ.එසේ සිදු වුවහොත් එය නරක පූර්වාදර්ශයක් වනු නිසැකය. අන්තවාදීන් විසින් අරක්ගත් අධිරකරණ බලය විසින් යම් කිසිදිනක නවවන ව්‍යවස්ථාව අහෝසි කළහොත් ඒ අවස්ථාවේ දී ඒ ගැන කතා කරන්නට කෙනෙකු ඉතිරි නොවන්නට ඉඩ අතැයි මට සිතෙන්නේ ඒ පූර්වාදර්ශය වත්මන් සිංහලයන් විසින් අනුමත කළහොතිනි.

මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress