අධ්‍යාපනවේදී උපාධිධාරීන් ගුරු පත්වීම් – ඌව පළාත්
Posted on November 26th, 2020

A.J.M. Muzammil Media Unit

ඌව පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශයට බඳවා ගනු ලැබූ අධ්‍යාපනවේදී උපාධිධාරීන් 26 දෙනකුට ගුරු පත්වීම් පිරිනැමීම අද දින ( 26-11-2020 ) ඌව පළාත් ආණ්ඩුකාරවර ගරු ඒ.ජේ.එම්. මුසම්මිල් මැතිතුමන් ගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් සහා ශ්‍රවණාගාරයේදී  සිදු කෙරිණි.

මෙහිදී කොළඹ, කැළණිය සහ පේරාදෙණිය යන විශ්වවිද්‍යාලයන්ගෙන් අධ්‍යාපනවේදී උපාධිය ලැබූ උපාධිධාරීන් සහ භික්ෂුන් වහන්සේලා දෙනමකට ද ගුරු පත්වීම්වලට අදාළ පත්වීම් ලිපි පිරිනැමීම ආණ්ඩුකාරවරයාගේ අතින් සිදුවිය.

මෙසේ බඳවා ගනු ලැබූ උපාධිධාරි ගුරුවරුන් විසි හයදෙනා මොණරාගල, බිබිල, වැල්ලවාය, තණමල්විල, වැලිමඞ, පස්සර, මහියංගනය හා වියළුව යන අධ්‍යාපන කලාපවල පිහිටි පාසල් වෙත අනුයුක්ත කර ඇත.

මෙම ගුරු පත්වීම් පිරිනැමීමේ අවස්ථාවට ඌව පළාත් ප්‍රධාන ලේකම් පී.බී.විජයරත්න මහතා, ඌව පළාත් රාජ්‍යසේවා කොමිෂන් සභා සභාපති විජිත මල්ලැහැව මහතා ඌව පළාත් ආණ්ඩුකාරවර ලේකම් නිහාල් ගුණරත්න මහතා,පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress