1966 හරහා නවෝත්පාදන සහය පියසට සම්බන්ධ වන්න. –
Posted on December 9th, 2020

ප්‍රවෘත්තී නිවේදනය නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය

නිපුණතා  සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා  නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශයෙන් නව නිර්මාණ  කරුවන්ට ඇරයුම්

            තාක්ෂණ, පර්යේෂණ හා නවෝත්පාදන සම්බන්ධ සේවාවන් ජනතාවට සමීප කරවීමට මෙන්ම එම ක්ෂ්‍රේත්‍රයට අදාලව ජනතාවට ඇති ගැටඵ නිරාකරණය, තාක්ෂණික මාර්ගෝපදේශ කඩිනමින් සැපයීම, නිර්මාණ ප්‍රචලිත කිරීම හා වාණිජකරණයට සහයවීම ආදී  අරමුණු සහිතව  සම්බන්ධීකරණ ඒකකයක් ලෙස නවෝත්පාදන සහය පියස නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් හා නව නිපැයුම් රාජ්‍ය  අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ මෙහෙයවීමෙන් එම අමාත්‍යාංශය විසින් ආරම්භ  කරන ලදි. සෑම සඳුදා දිනකම බත්තරමුල්ල, සෙත්සිරිපාය දෙවන අදියරේ 6 වන මහලේ ඇති  අමාත්‍යංශ පරිශ්‍රයේ දී මෙම ඒකකය ක්‍රියාත්මක වේ.

රට තුළ උදුගත වී ඇති කොවීඩ් 19  අවදානම් තත්වය හේතුවෙන් මෙම ආයතනයට පැමිණ සේවාවන් ලබා ගැනීම තාවකාලිතව නවත්වා ඇති අතර, මෙම ඒකකයේ සේවා සම්බන්ධීකරණ කෙටි දුරකතන අංකය වන 1966 හරහා සම්බන්ධ වී තම ගැටළු නිරාකරණය කර ගැනීමට සේවා ලාභීන්ට පහසුකම් සපයා ඇත.

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ පර්යේෂණ හා නව නිපැයුම් අංශයට අයත්  ආයතන රාශියක්  දිවයිනේ විවිධ ස්ථානවල ස්ථාපිත කර තිබෙන අතර, තාක්ෂණය පදනම් කරගත් සමාජයක් ගොඩනැගීම මෙන්ම එහි ප්‍රතිලාභ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවට උරුම කර දීම මෙම සියලු ආයතනවල මූලික අභිප්‍රාය වේ.

අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම පර්යේෂණ හා සංවර්ධන ආයතනවලින් විවිධ වූ සේවාවන් ලබා ගැනීමට පැමිණෙන සේවාලාභියෙකුට  එක වහලක් යටදී කාර්යක්ෂම හා සුහදශීලී සේවාවක් මෙන්ම මගපෙන්වීමක් ඉතා ඉක්මනින් ලබාදීමට නවෝත්පාදන සහය පියස  ක්‍රියාත්මකය. මෙම ඒකකය සමග සම්බන්ධ වී, ඉන් නිසි ප්‍රයෝජන ලබා ගෙන   තම අරමුණු ජයගැනීමට ඇති බාධක  ඉවත් කරගනිමින් අභිමානවත් ව්‍යවසායකයෙකු  ලෙස   රටේ ආර්ථික සංවර්ධනයට දායක ලෙස නව නිර්මාණකරුවන්ට අමාත්‍යාංශය ඇරයුම් කර සිටී.

මාධ්‍ය ඒකකය

නිපුණතා සංවර්ධනවෘත්තීය අධ්‍යාපනපර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress