කෑගල්ලේ කොරෝනා ඖෂධ වට්ටෝරුවට WHO අනුමැතිය ලැබී අවසන්.. හිටපු ආයුර්වේද කොමසාරිස් කියයි..
Posted on December 15th, 2020

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

කොරෝනා මර්ධනය සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති ඖෂධ වට්ටෝරුව තමන් මීට පෙරද දැන සිටි බව බස්නාහිර හිටපු ආයුර්වේද කොමසාරිස් සහ රජයේ වෛද්‍ය රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සඳහන් කරයි.

වසර දෙදහසකට වඩා පැරණි ඖෂධ සංයෝගයන් සායනික පරික්ෂා කින් තොරව අනුමැතිය ලබාදීමට ලෝක සෞක්‍ය සංවිධානය විසින් ගෙන ඇති තීරණය මත එම සංයෝගයටද අනුමැතිය ලැබී ඇති බවත් ඔහු පැවසීය.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ අන්තර්ජාල නාලිකාවක් සමගින් පැවති සාකච්චාවකට එක්වෙමිනි.

මීපැණි රත් කිරීමේදී විෂ වන්නේ යැයි ඇතැම් පුද්ගලයන් සිදුකරන ලද ප්‍රකාශ අසත්‍යයයි බවද පවසන ඔහු පෙන්වා දෙන්නේ යුනානි වෙද ක්‍රමයේ දී මී පැණි වල ගුණය ඉහළ දැමීම සඳහා රත් කරන බවයි.

නමුත් ආයුර්වේද වෙදකම තුළ මීපැණි රත් කිරීම තුළින් ගුණය අඩු වන බවට මතයක් ඇතැයිද ඔහු සඳහන් කළේය.

මෙම වෛද්‍ය ක්‍රම දෙකම දේශීය වෛද්‍ය විද්‍යාලයේදී ඉගැන්වීම සිදු කරන බවත් එම ක්‍රම දෙකම රට තුළ සිදුකරන බවද ඔහු කියා සිටියේය.

ගුණය අඩු වැඩිවීම විෂ වීමක් ලෙස පෙන්වීමට ව්‍යාපාරිකයන් වීමෙන් පසු වෛද්‍යවරුන් බවට පත් වූ ඇතැමුන් උත්සාහ කිරීම හෙළා දකින ඔහු පැවසීය.

රත්කිරීමේදී මී පැණි විෂ වන්නේ යයි සිදු කරන ප්‍රකාශ අසත්‍ය යැයි ද ඔහු තව දුරටත් කියා සිටියේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress