ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ අර්බුදය
Posted on December 16th, 2020

උපුටා ගැන්ම දිවයින

fea8 1
fea8 2


නව අමාත්‍යවරිය විසින් තමන්ට දිගින් දිගටම ලද පැමිණිලි නිසා වෛද්‍ය ආඥා පනත, අර්ථ නිරූපන ආඥා පනත (Interpretation Ordinance) හා අනිකුත් නීති පනත් නීතිපතිතුමාගේ හා ජනාධිපති නීතිඥවරුන් කිහිප දෙනකුගේ අවධානයට යොමු කිරීමෙන් පසු පංච පුද්ගල කමිටුවක් පත් කොට, වෛද්‍ය සභාවට විරුද්ධව ලැබී ඇති පැමිණිලි සියල්ල විභාග කිරීමට කටයුතු කරන ලදි. ඒ මගින් දේශපාලනික තීරණයක් නොගෙන ක්ෂෙත‍්‍රයේ විද්වතුන් නිසි අධ්‍යයනයකින් පසුව විද්වත් වාර්තාවක් ලබා වර්තමාන තත්ත්වය විමර්ශනය කිරීම අරමුණ විය.

ඊට වෛද්‍ය සභාවේ කාරක සභිකයන් ඇතුළු සියලූ දෙනාට තමන්ගේ වැඩකටයුතු පැහැදිලි කිරීමට ඉඩ ලබා දෙන අතර, පසුව එම කමිටුව පිටු 108 කින් යුතු වාර්තාවක් නිකුත් කර ඇත. එම වාර්තාවේ පාරදෘෂ්‍යභාවය පවත්වා ගැනීම සඳහා වාර්තාව අන්තර්ජාලයට මුදා හැර ඇත. එය විවිධ පාර්ශ්ව වලින් ලබාගන්නා කරුණු මූලික කර ගෙන ලබා දෙන ලද විද්වත් වාර්තාවක් විය.

ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් වෛද්‍ය ක්ෂේත‍්‍රයේ මෙන්ම අනිකුත් අංශ වල ද අවධානය යොමු වී ඇත. එබැවින් මේ පිළිබඳ කරුණු හරිහැටි දැන ගැනීම ඉතාමත් වැදගත් කාරණයක් ලෙස විශ්වාස කරමු.

ශ‍්‍රී ලාංකීය වෛද්‍යවරුන්ගේ ප‍්‍රමිතියත්, වෛද්‍ය අධ්‍යාපනයේ ප‍්‍රමිතියත් රැකගැනීමට ඇති එකම රාජ්‍ය ආයතනය 1927 වෛද්‍ය ආඥා පනත යටතේ පිහිටුවා ඇති ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවයි. ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව දුර්වල වීම පැහැදිලිවම මහජනතාවගේ සෞඛ්‍යයට ඍජුව බලපාන කාරණයක් වේ.

වෛද්‍ය සභාවේ සංයුතිය වෛද්‍ය පීඨ පීඨාධිපතිවරු 9 දෙනකුගෙන්ද, සෞඛ්‍ය අමාත්‍යතුමා විසින් පත් කරන සභාපතිතුමා ඇතුළු සාමාජිකයන් 4 දෙනකුගෙන්ද, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන්ද, ඡුන්දයෙන් පත් වන සාමාජිකයන් 11 දෙනකුගෙන්ද, දන්ත වෛද්‍යවරු දෙදෙනකුගෙන්ද

සමන්විත වේ. එසේ පත් වන්නන් ඉතා ස්වාධීනව කටයුතු කරන අතර මූලිකම කාර්යය ලෙස

රෝගීන්ගේ අයිතිවාසිකම් සුරකීම බව ඉතා අවබෝධයෙන් යුතුව කටයුතු කරයි. එසේම කිසිදු අමාත්‍යවරයෙන් හෝ රජයක් මෙම ස්වාධීන ආයතනයට බලපෑමක් සිදු නොකිරීමට කටයුතු කළේ එහි කටයුතු රෝගී ජීවිත හා ඍජුව බැඳී පවතින නිසාය.

කෙසේ වුවද වෛද්‍ය සභාවේ අවුරුදු 90 ඉක්ම වූ දීර්ඝ කාලය තුළ වෛද්‍ය සභාවේ විනාශය සඳහා අතිමහත් ක‍්‍රියාකාරකම් රැුසක් කළ එකම අමාත්‍යවරයා ලෙස රාජිත සේනාරත්න සඳහන් වේ. වෛද්‍ය සභාවේ සභාපතිවරයාගේ ධූර කාලය වසර 5 කි. නමුත් රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස පත් වූ 2015 සිට 2020 වකවානුවේ සභාපතිවරුන් 5 දෙනකු පත් කරන ලදි. එපමණක් නොව වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරි තනතුරු පුරප්පාඩුව පවත්වා ගන්නටත් රාජිත ඇමැතිතුමා කටයුතු කරන ලදි. තවද, වෛද්‍ය සභාව වෙනුවෙන් නීතිපතිතුමාගේ පෙනිසිටීම දිගින් දිගටම වළක්වන ලදි. මේ ආකාරයෙන් එම අමාත්‍යවරයා තමන් විසින් පත් කළ නියෝජිතයන් හරහා වෛද්‍ය සභාව අස්ථාවර කිරීමට විවිධ පියවර ගැනුණි.

එබැවින් රාජිත සේනාරත්නගෙන් පසුව වැඩ භාර ගත් සෞඛ්‍ය ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මැතිනිය වෛද්‍ය සභාව නැවත ස්වාධීන කරන්නත්, එහි කටයුතු යථා තත්ත්වයට පත් කරන්නටත් කටයුතු කරන ලද අතර, ඒ සඳහා විවිධ විද්වත් පාර්ශ්ව වලින් එතුමියට කරුණු දැක්වීම් සිදු කරන ලදි.

පවිත‍්‍රා වන්නිආරච්චි මැතිනිය සෞඛ්‍ය අමාත්‍ය ලෙස වැඩ භාර ගන්නා විට වෛද්‍ය සභාවේ අ.පො.ස උසස් පෙළ විභාගය අසමත් (All F) හා අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා පෙනී නොසිටි පුද්ගලයන් 1000 පමණ වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කිරීම, වෛද්‍ය සභාවේ සභිකයන් පත් කරන ඡන්ද කල්දැමීම, විදේශ අධ්‍යාපනය ලබා පැමිණි වෛද්‍ය සිසුන් මෙරට ලියාපදිංචිය සඳහා අවශ්‍ය ERPM විභාගය දිගින් දිගටම කල් දමමින් විභාගය වසර ගණනාවකින් නොපැවැත්වීම ආදිය සිදුවෙමින් පැවතිනි. ඒ පමණක් නොව රජය අපහසුතාවට පත් කරන අයුරින් ඇතැම් විදේශ වෛද්‍ය විශ්වවිද්‍යාල සාමාන්‍ය පටිපාටිය අනුගමනය නොකරමින් ලියාපදිංචිය ඉවත් කිරීම වැනි කටයුතු සිදුවිය. මෙවැනි කටයුතු පිළිබඳ පැමිණිලි ගණනාවක් නව සෞඛ්‍ය ඇමැතිවරියට දිගින් දිගටම ලැබුණු අතර එම කටයුතු දිගින් දිගටම සිදු විය.

එමෙන්ම වෛද්‍ය සභාව භාවිත කර වෛද්‍යවරුන්ගෙන් පළිගැනීමත්, රාජිත සේනාරත්න ඇමැතිතුමාට හිතවත් වෛද්‍යවරුන් හට ඇති චෝදනාවන්ගෙන් ඔවුන් නිදහස් කිරීමටත් කටයුතු කරනු දැකිය හැකි විය. මූල්‍ය හා අනෙකුත් අක‍්‍රමිකතා පිළිබඳ විභාග කිරීම තවම ආරම්භ වී නැත.

රාජිත සේනාරත්න මහතා ඇතුළු කණ්ඩායම වසර ගණනාවක් සිට බාධා කරමින් පැවති වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප‍්‍රමිතිය නීතිගත කිරීම පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලැබූ වහාම සිදු කරන ලදි. එය වසර ගණනාවක් පුරා රාජිත සේනාරත්න අමාත්‍යවරයා සිදු නොකරන ලද කටයුත්තක් විය.

අවම ප‍්‍රමිතිය නීතිගත කිරීම නිසා අ.පො.ස උසස් පෙළ විභාගය අසමත් පිරිසට මෙතැන් සිට වෛද්‍යවරයෙක් ලෙස ලියාපදිංචි වීමට තිබූ හැකියාව අහෝසි වනු ඇත. ඒ තුළින් සුදුසුකම් නොමැති අය වෛද්‍යවරුන් වීම වැළැක්වීම සිදු වනු ඇත.

එසේම නව අමාත්‍යවරිය විසින් තමන්ට දිගින් දිගටම ලද පැමිණිලි නිසා වෛද්‍ය ආඥා පනත, අර්ථ නිරූපන ආඥා පනත (Interpretation Ordinance) හා අනිකුත් නීති පනත් නීතිපතිතුමාගේ හා ජනාධිපති නීතිඥවරුන් කිහිප දෙනකුගේ අවධානයට යොමු කිරීමෙන් පසු පංච පුද්ගල කමිටුවක් පත් කොට, වෛද්‍ය සභාවට විරුද්ධව ලැබී ඇති පැමිණිලි සියල්ල විභාග කිරීමට කටයුතු කරන ලදි. ඒ මගින් දේශපාලනික තීරණයක් නොගෙන ක්ෂේත‍්‍රයේ විද්වතුන් නිසි අධ්‍යයනයකින් පසුව විද්වත් වාර්තාවක් ලබා වර්තමාන තත්ත්වය විමර්ශනය කිරීම අරමුණ විය.

ඊට වෛද්‍ය සභාවේ කාරක සභිකයන් ඇතුළු සියලූ දෙනාට තමන්ගේ වැඩකටයුතු පැහැදිලි කිරීමට ඉඩ ලබා දෙන අතර, පසුව එම කමිටුව පිටු 108 කින් යුතු වාර්තාවක් නිකුත් කර ඇත. එම වාර්තාවේ පාරදෘෂ්‍යභාවය පවත්වා ගැනීම සඳහා වාර්තාව අන්තර්ජාලයට මුදා හැර ඇත. එය විවිධ පාර්ශ්ව වලින් ලබාගන්නා කරුණු මූලික කර ගෙන ලබා දෙන ලද විද්වත් වාර්තාවක් විය.

එම කමිටුව වැරදිකරුවන් තනතුරු වශයෙන්ම හඳුනා ගැනීම සිද්ධ කර ඇත. මේ සඳහා අවශ්‍ය කරන සාක්ෂි හා සටහන් සියල්ල මෙම වාර්තාවට ඇතුළත් කර ඇත. එම කමිටුව මගින් ලබා දුන් නිර්දේශය අනුව ඇමැතිතුමිය කටයුතු කොට ඇත. එමෙන්ම එතුමිය වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස පත් කරනු ලැබුවේ ශ‍්‍රී ලංකාවේ පැරණිම වෛද්‍ය පීඨය වන කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිතුමන්වය. ඇය ඒ සඳහා දේශපාලනික වශයෙන් මැදිහත්වීමක් සිදු නොකරන ලද අතර එතුමාගේ ඇති හැකියාවන් ක්ෂේත‍්‍රයේ ඇති පිළිගැනීම සහ විද්වද්භාවය මූලික කරගෙන ලබා දුන් පත්වීමක් විය. මේ හේතුවෙන් රාජිත සේනාරත්න මහතාගේ කණ්ඩායම් බොහෝම කලබලයට පත්වී පුවත්පත් නිවේදන පවා නිකුත් කරන බව පෙනී යයි. රාජිත පණ පෙවූ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (AMS) නමින් හඳුන්වන සංගමයත්, වෛද්‍යවරුන් කිහිපදෙනකුගෙන් පමණක් සමන්විත රාජිත බිහිකළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ GMOF‍ කියන සංවිධානයත්, රාජ්‍ය නොවන සංවිධානත්, රාජිත සේනාරත්න මහතාගේ නීතිඥ මහත්මයත් මේ සඳහා කලබල වූ ආකාරයක් පෙනෙන්නට ඇත. වෛද්‍ය සභාවේ පැවති නිලවරණයෙන් අවම ඡුන්ද ප‍්‍රමාණයක් ලබාගනිමින් පරාජයට පත් වූ විශේෂඥ වෛද්‍යවරු සුළු පිරිසකුත් මේ අය රැකීමට ඉදිරිපත්ව ඇත්තේ ඔවුනට විරුද්ධව ඇති යම් යම් පැමිණිලි හා පවතින වෙනත් සම්බන්ධතා නිසාද යන්න විමසා බැලීම කළ යුතුය. ඔවුන් රාජිත සේනාරත්න මහතා විසින් සිදු කරන ලද වැරදි ක‍්‍රියාකලාපයන් හමුවේ මුනිවත රකිමින් කිසිදු ප‍්‍රකාශයක් සිදු කිරීමට ඉදිරිපත් නොවූ පිරිසකි.

ඒ අනුව අවසාන වශයෙන් කිව යුත්තේ මෙම අවස්ථාවේ සෞඛ්‍ය ඇමැතිතුමිය සිදු කර ඇත්තේ වෛද්‍ය සභාව ස්වාධීත්වය ඇති කිරීමත්, එහි ස්වාධීනත්වය නැවත ප‍්‍රතිස්ථාපනය කිරීමත්ය.

රාජිත සේනාරත්න මහතා මත යැපීම වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය ලෙස රාජිත සේනාරත්න වාදීන් විසින් සිදු කෙරෙන අර්ථ දැක්වීම කිසිසේත්ම වලංගු නොවන අතර සමස්ත වෛද්‍ය ප‍්‍රජාවෙන් 99% වැඩි පිරිසක් මේ සිදු වූ වෙනස්කම අනුමත කරන අතර එමගින් වෛද්‍ය සභාවේ කාර්යභාරයන් නැවත ස්වාධීනව කටයුතු කර ගෙන යෑමට අවශ්‍ය වාතාවරණය සැලසෙනු ඇතැයි විශ්වාසය පළ කෙරිණි.

එසේම මෙම ඉවත් කළ පිරිස නැවතත් කෙසේ හෝ තම තනතුරු රැක ගැනීම උදෙසා අධිකරණයට ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වේ. එය හොඳ පියවරක් බව අපද විශ්වාස කරනුයේ ඉදිරියේදී අධිකරණය ඉදිරියේ මොවුන් දේශපාලන රැුකවරණය ලබමින් මෙරට වෛද්‍ය ක්ෂේත‍්‍රයට කළ විනාශයන් හෙළි කිරීමට විවිධ පාර්ශ්ව කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බැවිනි.

වෛද්‍ය සමන්ත ආනන්ද
සහකාර ලේකම්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress