කොවිඞ් මළ සිරුරුවල වෛරස අකී‍්‍රය වන කාලයක් නෑ – භූමදානය කළ සිරුරු අන්තවාදීන් අතට ගියොත් මහ විනාශයක්
Posted on December 23rd, 2020

– ජ්‍යෙෂ්ඨ නීතිඥ විශ‍්‍රාමික මේජර් චරිත සිරිවර්ධන උපුටා ගැන්ම දිවයින

ඒ. ජේ. ඒ. අබේනායක

 ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ අනුව කොවිඞ් ආසාදිත මළ සිරුරු තුළ අනිවාර්යෙන්ම කොවිඞ් වෛරසය අඩංගු බැවින් ඒවා අකී‍්‍රය වන දිනයක් හෝ කාලවකවානුවක් සඳහන් කර නොමැති බව ජ්‍යෙෂ්ඨ නීතිඥ විශ‍්‍රාමික මේජර් චරිත සිරිවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේය.

 එම මළ සිරුරු වලින් කොවිඞ් වෛරසය පැතිර යා නොහැකි බවට ඒත්තු ගැන්වීමක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ මගින් සිදු කර නොමැති බවත්, කොවිඞ් ආසාදිත මළ සිරුරු වලින් එම වෛරසය පැතිර යා හැකි බව එම සංවිධානය විසින් 2020.09.04 වැනිදා නිකුත් කළ නවතම මාර්ගෝපදේශ මගින්ම ඒත්තු ගන්වා ඇති බවත් නීතිඥ චරිත සිරිවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේය.

 කොවිඞ් 19 වසංගතයට ගොදුරු වී මිය යන මුස්ලිම් භක්තිකයන්ගේ දේහයන් භූමදානය කිරීමට අවසර ලබාදෙන ලෙස සමස්ත ලංකා මහජන කොංග‍්‍රසය සහ ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය විසින් ගොනු කර තිබූ පෙත්සම්වලට එරෙහිව ලිඛිත දේශන ගොනු කරමින් නීතිඥ චරිත සිරිවර්ධන මහතා ඒ බව පෙන්වා දුන්නේය.

 සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් නිකුත් කරන ලද 2020.04.11 දිනැති අංක 2170 දරන ගැසට් පත‍්‍රය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබූ පෙත්සම්වලට අතරමැදි පාර්ශ්වයක් ලෙස මැදිහත් වෙමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප‍්‍රනාන්දු සහ පී‍්‍රති පද්මන් සූරසේන යන විනිසුරු මඬුල්ල හමුවේ කරුණු දැක්වූ නීතිඥ චරිත සිරිවර්ධන මහතා කොවිඞ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීමට යම් පාර්ශ්වයක් ප‍්‍රයත්න දරන සැමවිටම රටේ බහුතර ජනතාව තමන්ට එමගින් කොවිඞ් වැළඳේ යැයි භීතියට පත්ව නොසන්සුන්තාවට පත් වන බව ද කියා සිටියේය.

 මෙම මාරාන්තික වෛරසය නවතම වෛරසයක් වන බැවින් එහි හැසිරීම සහ බෝවීමේ රටාව සම්බන්ධයෙන් දැනට නිශ්චිතව නිගමනය කිරීමට නොහැකි බැවින් ඉන් ආරක්ෂා වීමට උචිත යැයි හැෙඟන ආදාහනය වැනි වැඩිමනත් පියවර ගැනීම වඩාත් හිතකාමී බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නවතම මාර්ගෝපදේශ මගින් මනාව පැහැදිලි වන්නේ යැයි ද නීතිඥ චරිත සිරිවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේය.

 එකී මළ සිරුරු ආදාහනය කිරීමට රජය ගෙන ඇති තීරණය ප‍්‍රශංසාවට ලක්කරමින් කරුණු දැක්වූ ඒ මහතා වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දුන්නේ අන්තවාදීන්ගේ පාස්කු ප‍්‍රහාරයකට මෑතකදී ගොදුරු වූ රටක් ලෙස එම මළ සිරුරු භූමදානයෙන් පසු අන්තවාදීන් අතට පත්වුවහොත් ඔවුන් ඒවා උපයෝගි කර ගනිමින් කොරෝනා වෛරසය පහසුවෙන්ම මුළු මහත් සමාජය තුළ ව්‍යාප්ත කිරීමට බොහෝ ඉඩකඩ ඇති බැවින් එවැනි මළ සිරුරු භූමදානය කිරීමට ඉඩදීම ජාතික ආරක්ෂාවට පවා බලවත් තර්ජනයක් වන බවයි.

One Response to “කොවිඞ් මළ සිරුරුවල වෛරස අකී‍්‍රය වන කාලයක් නෑ – භූමදානය කළ සිරුරු අන්තවාදීන් අතට ගියොත් මහ විනාශයක්”

  1. Ratanapala Says:

    BURIAL OR CREMATION?

    Islamists are on a warfooting – grabbing land. Islamic burial is one way of claiming land. Every place a Muslim is buried they claim is sacred to them for they visit such burial grounds and perform religious rites. In the process they continue to grab land from around the area where they are buried. This was happening around Kuragala – one of the claims to Kuragala was the Muslim burial grounds in that area.

    When the then Libyan Leader visited Sri Lanka in 1976 to attend the Non Aligned Countries Conference held in Colombo, he admonished the Muslims of Sri Lanka to buy land especially along major roads where trade takes place, to erect mosques so that their daily wailing can be heard from the next mosque and then to increase the Muslim population. Since then all of this has happened much much more than he ever anticipated, thanks to Sinhalese politicians.

    For most parts throughout the island there is illegal land grabbing – Wilpaththu, RItigala, Devenagala , Muhudu Maha Viharaya were in the news recently. In other areas land grabbing takes place through legal buying using their buying power. Ruppee which has only a transitional value is being used to buy real estate with an eternal value.

    This is happening in all major cities street by street. Colombo, Kandy , Galle just to mention a few are already lost due to spineless lily livered guttersnipes our politicians our leaders. They are failing us bigtime – for they barter our birth rights for minority votes and political power!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress