අග්‍රාමාත්‍යතුමා සුනාමියෙන් මියගිය පිරිස සිහිපත්කර පහන් දල්වයි
Posted on December 26th, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සුනාමි ව්‍යවසනයෙන් මියගිය ශ්‍රී ලාංකිකයන් සිහිපත් කරමින් අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතා අද 2020.12.26 දින අග්‍රාමාත්‍ය නිල නිවසේදී පහන් දල්වා ඔවුන් සැම දෙන සිහිපත් කළේය.

ප්‍රථමයෙන් සුනාමියෙන් මියගිය පිරිස සිහිපත් කරමින් පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා යෙදුණු  මිනිත්තු දෙකක නිහඬතාවයට එක්වූ  අග්‍රාමාත්‍යතුමා, අනතුරුව පහන් දල්වමින් මියගිය සියලුදෙනා සිහිපත් කළේය.

සුනාමි ව්‍යවසනයට අදට වසර 16ක් ගත වේ. ශ්‍රී ලාංකිකයන් 40000 කට ආසන්න සංඛ්‍යාවක් එම කුරිරු ව්‍යවසනයෙන් මිය ගියහ.

ආදරණීයන් බොහෝ දෙනෙකුට ජීවිත අහිමි වූවා පමණක් නොව උන් හිටි තැන් අහිමි එම පවුල්වල ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ජීවිතය අලුතින්ම පටන් ගැනීමට සිදු වූ බව අග්‍රාමාත්‍යතුමා මෙහිදී සිහිපත් කළේය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද එක්ව සිටියාය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress