කාලි වරම-ආවේශය සත්‍යයි.. ඉන් ප‍්‍රතිකාර කල හැකියි.. අපහාස කල හැමට වැඩ වරදියි..- මුන්නේෂ්රම් ප‍්‍රධාන පූජක
Posted on December 26th, 2020

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

කාලි මෑණියන්ගේ වරමෙන් ප‍්‍රතිකාර කිරීම සත්‍යයක් බවත් එම වරම හැමෝටම ලැබෙන දෙයක් නොවන බවත් හලාවත මුන්නේශ්වරම් කෝවිලේ ප්‍රධාන පූජක කාලිමුත්තු ශිව පාරසුන්දරම් සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ කාලි මෑණියන්ගේ වරම් සියළුදෙනාටම ලැබෙන්නේ නැති බවත් එය සත්‍යයක් බවත් ආවේශය ද සත්‍ය වශයෙන්ම සිදුවන දෙයක් බවය.

කාලි මෑණියන් ඉතාමත් ප්‍රබල හා දරුණු බවත් අපහාස කල සියල්ලන්ටම වැඩ වරදිනු ඇති බවත් දරුණු ප්‍රතිඵල ගෙන ඇති බවත් ඔහු පවසයි.

හිටපු ඇමති මර්වින් සිල්වාටද කාලි මෑණියන් විසින් දඬුවම් දී ඇති බවත් අද ඇවිද ඇවිද ඉන්න වී තිබෙන්නේ ඒ නිසා බවත් තාම දඬුවම් දෙන්න පටන් ගත්තෙ නැති බවත් ඔහු සඳහන් කළේය.

අන්තර්ජාල නාලිකාවක් සමගින් සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

One Response to “කාලි වරම-ආවේශය සත්‍යයි.. ඉන් ප‍්‍රතිකාර කල හැකියි.. අපහාස කල හැමට වැඩ වරදියි..- මුන්නේෂ්රම් ප‍්‍රධාන පූජක”

  1. Ratanapala Says:

    මේ වෙදමහතාට කරන්න තියෙන්නේ තමාම කෝවිඩ් වාට්ටුවකට ගොස් කෝවිඩ් තමාට බෝ නොවනබව පෙන්වීමයි!

    වෙඩි නොවදින ඇඳුමක් අලෙවි කරන්නට එන පුද්ගලයා පලමුව කල් යුත්තේ තමාම එම ඇඳුම ඇඳගෙන වෙඩි පහරකට මුහුණ දීමයි!

    එසේ කලහොත් දැනට දේශපාලුවෝ සහ මුග්ධ අඥාන ජනයාගේ සහභාගිත්වයෙන් සිදුවී ඇති සහ වෙමින් පවතින මාධ්‍ය සංදර්ශනවලට ඉඩක් නැහැ.

    මේ පැණියෙන් කෝවිඩ් නියත ලෙස සනීප කලහැකි බව ප්‍රකාශ කලහැක්කේ සෞඛ්‍ය බලධාරීන් සහ විද්‍යාඥයින් කරණ නියමිත පරීක්ෂණ වලින් පමණයි!

    දැනුම්වත් අය Pacebo Controlled Double Blind Randomized Tests ගැන මහජනයාට දන්න භාෂාවෙන් කියලා දුන්නොත් ජනතාවට තේරුම් ගන්න පුළුවන් අවුසදයක් ජනගත කිරීමට අවශ්‍ය කරුණු මොනවාද කියා!

    නැත්නම් තව දුරටත් සිදුවන්නේ රටට ජාතියට විහිලු සැපයීම පමණයි!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress