‘ධම්මික පැණිය’ වට්ටෝරුව වාසු හෙලි කරයි.. වාසුගේ ගෙදරත් එම පැණිය හදයි.. පැණිය බොන්න ඔහුත් පෝලිමේ..
Posted on December 27th, 2020

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

කැලණි ධම්මික බණ්ඩාර මහතාගේ කොරෝනා මර්ධන ඖෂධය ලබා ගැනීමට තමන්ද ඉතා කැමැත්තෙන් සිටිනා බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

එය ලබා ගැනීම සඳහා දැනටත් ක්‍රියා කරමින් සිටින බවද ඒ මහතා පැවසීය.

කාලි මෑණියන්ගේ වරමකින් ලබාදුන්නේ ද නැද්ද යන නොව එහි අඩංගුව ගැන සොයා බැලීම වටිනා බවද පැවසූ ඔහු ඇතැමුන් විසින් මෙය විහිළුවක් බවට පත් කර ඇතැයි ද සඳහන් කළේය.

වරම ලැබුණේ කාගෙන්ද යන්නට වඩා එහි අඩංගුව ගැන සොයා බැලිය යුතු බවද කී ඔහු මී පැණි, සාදික්කා, කොත්තමල්ලි, අමු ඉගුරු යන්න එම ඖෂධයේ අඩංගුව බවද පැවසීය.

ඒ අනුව එම ඖෂධ යොදා තමන්ගේ නිවසේ ද එම පැණිය සාදමින් සිටින බවද ඔහු කියා සිටියේය.

සිය අමාත්‍යංශයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

One Response to “‘ධම්මික පැණිය’ වට්ටෝරුව වාසු හෙලි කරයි.. වාසුගේ ගෙදරත් එම පැණිය හදයි.. පැණිය බොන්න ඔහුත් පෝලිමේ..”

  1. Ratanapala Says:

    මේ වෙදමහතාට කරන්න තියෙන්නේ තමාම කෝවිඩ් වාට්ටුවකට ගොස් කෝවිඩ් තමාට බෝ නොවනබව පෙන්වීමයි!

    වෙඩි නොවදින ඇඳුමක් අලෙවි කරන්නට එන පුද්ගලයා පලමුව කල් යුත්තේ තමාම එම ඇඳුම ඇඳගෙන වෙඩි පහරකට මුහුණ දීමයි!

    එසේ කලහොත් දැනට දේශපාලුවෝ සහ මුග්ධ අඥාන ජනයාගේ සහභාගිත්වයෙන් සිදුවී ඇති සහ වෙමින් පවතින මාධ්‍ය සංදර්ශනවලට ඉඩක් නැහැ.

    මේ පැණියෙන් කෝවිඩ් නියත ලෙස සනීප කලහැකි බව ප්‍රකාශ කලහැක්කේ සෞඛ්‍ය බලධාරීන් සහ විද්‍යාඥයින් කරණ නියමිත පරීක්ෂණ වලින් පමණයි!

    දැනුම්වත් අය Pacebo Controlled Double Blind Randomized Tests ගැන මහජනයාට දන්න භාෂාවෙන් කියලා දුන්නොත් ජනතාවට තේරුම් ගන්න පුළුවන් අවුසදයක් ජනගත කිරීමට අවශ්‍ය කරුණු මොනවාද කියා!

    නැත්නම් තව දුරටත් සිදුවන්නේ රටට ජාතියට විහිලු සැපයීම පමණයි!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress