දොම්පෙ ප්‍රාදේශීය සභාවේ නව සභාපති අග්‍රාමාත්‍යතුමා ඉදිරියේ දිවුරුම් දෙයි
Posted on December 29th, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

දොම්පෙ ප්‍රාදේශීය සභාවේ නව සභාපති කාරියප්පෙරුමගේ පියසේන මහතා අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතාගේ ඉදිරියේදී අද 2020.12.29 දින දිවුරුම් දුන්නේය.

විජේරාම පිහිටි නිල නිවසේදී මෙම දිවුරුම් දීමේ අවස්ථාව පැවැත්විණි.

දොම්පෙ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලාන් ජයතිලක මහතා පසුගිය මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් ඇති වූ පුරප්පාඩුවට මෙලෙස කාරියප්පෙරුමගේ පියසේන මහතා පත්කෙරිණි.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress